Yamaha FZ එකට 140/70-17 ටයර් එකක් දැම්මා

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Yamaha FZ v3 වල company එන්නේ 140/60-17 පිටිපස්සට. MRF අලුත් එකක් 21,000 වගේ වෙනවා.

    DSI 140/70-17 tyre එකක් දැම්මා ටයර් කඩේ එකා හොඳයි කියපු හින්දා 14,000කට. දැන් කලින්ට වඩා Comfort එක වැඩියි ඇත්තටම. කැඩිච්චි පාරවල් වල යද්දී හොඳ වෙනසක් තේරෙනවා.

    උසත් පොඩ්ඩක් වැඩි වුනා හැබැයි. කලින් උස(ඝනකම) = 140 *60% =84mm. දැන් උස 140*70%=98mm. ඒ කියන්නේ 1.4cm උස වැඩි වෙනවා.

    FZ තියෙන අය ඊලග පාර 140/60-17 වෙනුවට 140/70-17 දාල බලන්න.

    Speedometer එක දැන් හරි speed එක පෙන්නනවද කියල සැකයක් නම් තියෙනවා හැබැයි ටයර් එක ටිකක් ලොකු වුන හින්ද.
     
    • Like
    Reactions: scorpion MW

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මම කියන්නේ 140/70-17 එකක් දාල බලන්න කියලා. DSI හොඳ නැත්නම් වෙන කොම්පැනියකින් හරි

    DSI පට ගාලා ගෙවෙනවනේ මචං. අපරාදේ.
    මට ඇත්තටම size එක වෙනස් කරපු එක කියන්න ඕනේ වුනේ. DSI ඔච්චරටම අවුල්ද?
    ------ Post added on Apr 18, 2025 at 5:03 PM
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ස්පීඩ් මිටර් එක වෙනස් වෙන්නෙ නැ, ඒක ගන්නෙ ඉස්සරහ රොදෙන්
     
    • Love
    Reactions: haunte

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,310
    5,408
    113
    Panadura
    මාත් 70දැම්මා. බයික් එක කලින් වගේ වංගු නවන්න අමාරුයි. ඊලග පාර 150/60-17 දානවා.
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මාත් 70දැම්මා. බයික් එක කලින් වගේ වංගු නවන්න අමාරුයි. ඊලග පාර 150/60-17 දානවා.
    අප්පා එහෙමද? තාම ලොකු ගමනක් ගියේ නෑ, වේගෙන් වංගු ගන්න ඕනේ වුනේ නෑ තාම. ඒක හින්ද මට නොට් වුනේ නැතිව ඇති.
    කෙලින් යද්දී, බ්රේක් ගහද්දි එහෙම නම් කලින්ට වඩා හොඳයි වගේ තේරුනේ.

    150 දාන එක අවුලක් නැද්ද බන් 140 රීම් එකට?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,310
    5,408
    113
    Panadura
    අප්පා එහෙමද? තාම ලොකු ගමනක් ගියේ නෑ, වේගෙන් වංගු ගන්න ඕනේ වුනේ නෑ තාම. ඒක හින්ද මට නොට් වුනේ නැතිව ඇති.
    කෙලින් යද්දී, බ්රේක් ගහද්දි එහෙම නම් කලින්ට වඩා හොඳයි වගේ තේරුනේ.

    150 දාන එක අවුලක් නැද්ද බන් 140 රීම් එකට?
    අවුලක් නෑ. MRF එකක් දාන්න ඕනේ 150 දානවා නම්. Swingarm එක වැනෙන්නේ නැතුව තියෙන්න ඕනේ. 10mm වැඩි නිසා.
     
    • Like
    Reactions: haunte