වාහනවල_මිල_after_Budget

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වාහනවල මිල වෙනස් වන හැටි වාහන ආනයනකරුවන් පහදයි.

    1414397487_3602610_hirunews_vehicle.jpg

    මෙවර අයවැයෙන් ආනයනික වාහන සඳහා පැවති බදු සරල කිරීම හේතුවෙන් වෑන් රථවල මිල විශාල ප‍්‍රතිශතයකින් පහත වැටෙනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ මෝටර් රථ ආනයනයේදී පැනවෙන විවිධ බදු වෙනුවට විශේෂ විධිවිධාන නිෂ්පාදන බද්දක් පැනවෙන බවයි. මෙමඟින් වාහන ආනයනය කිරීමේදී මෙතෙක් අයකළ විවිධ බදු වෙනුවට සරල බද්දක් පනවා ඇති බවයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ.

    ඒ අනුව ආනයනික වෑන් රථ සඳහා සියයට 152 ක්ව පැවති ආනයනික බද්ද සියයට 98 දක්වා අඩු කර ඇති අතර මේ නිසා හයිඑස් වර්ගයේ වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10 කින් පමණ අඩුවනු ඇති බව ඔහු සඳහන් කළා.

    ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා පනවා තිබූ බදු සියයට 38 සිට සියයට 23 දක්වා අඩුවී ඇති නිසා එවැනි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති. එන්ජින් ධාරිතාව 2000 ට අඩු හයිබි‍්‍රඞ් මෝටර් රථයක් ආනයනය කිරීමේදී පැවති බද්ද සියයට 57 ක අගයකට රැුගෙන විත් ඇති අතර මීට පෙර පැවති බද්ද වූයේ සියයට 60 ක්.

    එහෙත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයක මිලෙහි විශාල වෙනසක් අපේක්ෂා නොකරන බවයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ. ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථවලද මිල අයවැයෙන් පහත දමා තිබෙනවා. ඒ අනුව එන්ජිත් ධාරිතාව 1000 ට අඩු කුඩා වර්ගයේ මෝටර් රථවල මිලද ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති බව ඔහු සඳහන් කළා. ජපානය වැනි රටවලින් ආනයනය කෙරෙන පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවලට පනවා තිබූ බදු අඩු කර ඇත්තේ සියයට 200 සිට 175 දක්වායි. කෙසේ වෙතත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථවල මිලට සාපේක්ෂව පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවල මිල ඉහළ අගයක් ගන්නා බැවින් ජනතාව හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹෙනු ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

    Source: http://www.hirunews.lk/sinhala/business/95654
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Alto ehema hugak ganin wage yana widiyata,hybrid num 75000 withara thamai adu wen ne:yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    වාහනවල මිල වෙනස් වන හැටි වාහන ආනයනකරුවන් පහදයි.

    1414397487_3602610_hirunews_vehicle.jpg

    මෙවර අයවැයෙන් ආනයනික වාහන සඳහා පැවති බදු සරල කිරීම හේතුවෙන් වෑන් රථවල මිල විශාල ප‍්‍රතිශතයකින් පහත වැටෙනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ මෝටර් රථ ආනයනයේදී පැනවෙන විවිධ බදු වෙනුවට විශේෂ විධිවිධාන නිෂ්පාදන බද්දක් පැනවෙන බවයි. මෙමඟින් වාහන ආනයනය කිරීමේදී මෙතෙක් අයකළ විවිධ බදු වෙනුවට සරල බද්දක් පනවා ඇති බවයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ.

    ඒ අනුව ආනයනික වෑන් රථ සඳහා සියයට 152 ක්ව පැවති ආනයනික බද්ද සියයට 98 දක්වා අඩු කර ඇති අතර මේ නිසා හයිඑස් වර්ගයේ වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10 කින් පමණ අඩුවනු ඇති බව ඔහු සඳහන් කළා.

    ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා පනවා තිබූ බදු සියයට 38 සිට සියයට 23 දක්වා අඩුවී ඇති නිසා එවැනි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති. එන්ජින් ධාරිතාව 2000 ට අඩු හයිබි‍්‍රඞ් මෝටර් රථයක් ආනයනය කිරීමේදී පැවති බද්ද සියයට 57 ක අගයකට රැුගෙන විත් ඇති අතර මීට පෙර පැවති බද්ද වූයේ සියයට 60 ක්.

    එහෙත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයක මිලෙහි විශාල වෙනසක් අපේක්ෂා නොකරන බවයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ. ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථවලද මිල අයවැයෙන් පහත දමා තිබෙනවා. ඒ අනුව එන්ජිත් ධාරිතාව 1000 ට අඩු කුඩා වර්ගයේ මෝටර් රථවල මිලද ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති බව ඔහු සඳහන් කළා. ජපානය වැනි රටවලින් ආනයනය කෙරෙන පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවලට පනවා තිබූ බදු අඩු කර ඇත්තේ සියයට 200 සිට 175 දක්වායි. කෙසේ වෙතත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථවල මිලට සාපේක්ෂව පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවල මිල ඉහළ අගයක් ගන්නා බැවින් ජනතාව හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹෙනු ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

    Source: http://www.hirunews.lk/sinhala/business/95654

    Don't trust this guy... He's the one who spread the news of vehicle price is going up in the budget.