වාහන අනතුරකදී ඔබට ඇති වගකීම් සහ වන්දි පිල&#353

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    වාහන අනතුරකදී ඔබට ඇති වගකීම් සහ වන්දි පිල&#353

    වාහන අනතුරකදී ඔබට ඇති වගකීම් සහ වන්දි පිළිඹඳ ඔබ දැනගත යුතුම කරුණු මොනවාද?
    වාහන අනතුරු සම්බන්ධයෙන් ඇති වන්දි පිළිඹඳ සිවිල් අයිතිවාසිකම්වලට අමතරව 1984 අංක 40 දරන මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ "අනතුරක්" යන්නට


    i. මාර්ගයක, වීදියක හෝ පොදු ප්‍රවාහනයට විවෘත වූ වෙනත් යම් ස්ථානයක සිදුවන හෝ ඇතිවන අනතුරු,
    ii. පුද්ගලයන් එක් අයෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිය යන හෝ ඔවුනට තුවාල සිදුවන අනතුරු,
    iii. දේපලවලට අලාභ හානි සිදුවන අනතුරු,
    iv. අවම වශයෙන් ධාවනය වන එක් වාහනයක් හෝ සම්බන්ධ වී ඇති, වාහන අතර, වාහන සහ මගීන් අතර සහ වාහන හා සතුන් අතර,
    හෝ වාහන සහ ස්ථාවර වස්තූන් අතර ගැටීම ඇතිවී ඇති සහ එක වාහනයක් පමණක් අදාළ වී ඇති වාහන අනතුරු
    යන අනතුරු ඇතුලත් වේ.

    එවන් වාහන අනතුරක් සිදුවූ විට,
    වාහනයේ රියදුරු විසින්:

    i. වාහනය වහා නතර කල යුතුයි.
    ii.වාහනය හඳුනා ගැනීම පිළිඹඳ විස්තර, තමාගේ නම, වාහන අයිතිකරුගේ විස්තර, වාහනයේ රක්ෂණ සහතිකය යනාදිය අනතුර නිසා පීඩාවට පත් තැනැත්තා හෝ දේපල හෝ සතාගේ අයිතිකරු හෝ පොලිස් නිලධාරියෙකු හෝ ග්‍රාම සේවක වරයෙකු ඉලාසිටි විට ලබා දිය යුතුයි.
    iii. අනතුර නිසා පීඩාවට පත් තැනැත්තා ඉල්ලා සිටිය හොත් හෝ පීඩාවට පත් තැනැත්තා සිහි නොමැතිව සිටීනම් හෝ වහාම එම තැනැත්තා රෝහලක් හෝ වෛද්‍යවරයකු වෙත ගෙන යා යුතුය.
    iv. වාහන අනතුර පිළිඹඳව නොපමාව ආසන්නම පොලිස් ස්ථානය වෙත වාර්තා කල යුතුය. මෙලෙස අනතුර වාර්තා නොකිරීම වරදකි. එවන් වරදකට රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා දඩයකට යටත් කල හැක.

    අනතුර තමාගේ නොසැලකිල්ල නිසා සිදු වූවා හෝ නොවුනා වුවද ඉහත වගකීම් රියදුරු විසින් ඉටු කල යුතුවේ.

    වාහනයේ රක්ෂණ සහතිකය අනතුර සිදුවන වෙලාවේ තමා ලග නොමැතිනම් පැය 24ක් තුල එය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීම හෝ දින 6ක් තුල පුද්ගලිකවම අදාළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කල යුතුය.
    වාහනයේ අයිතිකරු විසින්:
    හදිසි අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ තමා සිටියේ හෝ නොසිටියේ වුවද පොලිස් නිලධාරියෙකු හෝ ග්‍රාම සේවකවරයෙකු ඉල්ලාසිටි විට රියදුරාගේ, වාහනය තුල සිටි පුද්ගලයන්ගේ, නම ලිපිනය ඇතුළු තමා සන්තකයේ ඇති සියලු විස්තර ලබා දීමට බැදී සිටී. තමාගෙ දැනීමේ හැටියට නොමග යවනසුලු හෝ අසත්‍ය තොරතුරු සැපයීම වරදකි.

    වාහනයේ සිටි පුද්ගලයන් විසින්:

    i.අනතුර නිසා පීඩාවට පත් තැනැත්තා හෝ දේපල හෝ සතාගේ අයිතිකරු හෝ පොලිස් නිලධාරියෙකු හෝ ග්‍රාම සේවකවරයෙකු ඉල්ලාසිටි විට තම නම ලිපිනය ඇතිලු සියලු තොරතුරු සැපයිය යුතුය.
    ii. අනතුර සිදුවී පය 24ක් ඇතුලත අනතුර සිදුවන වේලාවේ තමා වාහනය තුල සිටි බව ලගම පොලිස් ස්ථානයට දැනුම් දිය යුතුය.

    රක්ෂණ සමාගම චිසින්:
    රක්ෂණ හිමිකම් කියන පාර්ශවය ලබා දුන් අනතුරට අදාළ තොරතුරු ලගම පොලිස් ස්ථානයට ලබා දිය යුතුය.

    නොසැලකිලිමත් රිය පැදවීම නිසා පීඩාවට පත් පාර්ශවයට වන්දි ලබා ගැනීම සඳහා දිසා අධිකරනයක වසර 2ක් තුල සිවිල් වන්දි නඩුවක් පැවරිය හැක. ඒ සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ දී රියදුරුගේ වරද ඔප්පුවීම අත්‍යවශ්‍ය නොවේ.

    ලංකාවේ අපරාධ නීතියේ මූලික නීතිය වන දණ්ඩ නීති සංග්‍රහ පනත( ව.272) අනුව මනුෂ්‍ය ජීවිතයට අන්නතුරුදායක වන පරිදි හෝ තුවාලයක් හෝ පාඩුවක් සිදුවිය හැකි පරිදි අපරීක්ෂාකාරී ආකාරයට හෝ නොසැලකිලිමත් ආකාරයකට ප්‍රසිද්ධ මාර්ගයක රථයක් පදවීමම වරදකි. එය මාස හය දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමකට යටත් කල හැකි වරදකි.

    එසේම මරණය සිදු කිරීමේ චේතනාවක් නොමැතිව (සාවධ්‍ය මනුෂ ඝාතනයක් නොවන) අපරීක්ෂාකාරී හෝ නොසැලකිලිමත් ක්‍රියාවක් කිරීමෙන් කෙනෙකුගේ මරණය සිදු කිරීම යන්නට ද අනතුරට අදාළ රියදුරු චෝදනා ලැබිය හැකිඅතර වරද ඔප්පු වුව හොත් අවුරුදු 5ක් දක්වා කාලයකට බන්ධනාගාර ගත කිරීමකට හෝ/හා දඩයකට යටත් විය හැක
    (ද.නී.ස. 298 ව.)

    ඉස්සුවේ මෙතනින්
    https://www.facebook.com/legalfirstaid/posts/876013489139634
     
    Last edited: