වාහන ආනයනය ගැන කැබිනට්ටුව ගත් තීරණය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1718178958-bus_L.jpg


    සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

    එහෙත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පරිදි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ බස් රථ 250ක් හා වෑන් රථ 75ක් ආනයනය කිරීම සඳහා 2024 අප්‍රේල් 01 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

    අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ එම රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 07 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි සහ එම පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන රෙගුලාසි ඒ අනුව පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කෙරේ.

    https://sinhala.adaderana.lk/news/197680
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබලට තහනම් උනාට UNP පොහොට්ටු ගෝලයන්ට බදු වලිනුත් හැංගිලා හිතේ හැටියට ගේන්න පාර හදලා දීලා තිබ්බේ. ඕක ගැන එලිකලා විතරයි හර්ෂයට මරණ තර්ජන එනවලු