වාහන ආනයන වැඩපිළිවෙල සැකසීමට කමිටුවක්🚙🚙🚙

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1718447965-Vehical_SL_L.jpg


    ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මඟපෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිලිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බවයි.

    ඒ අනුව වාහන ආනයනය යනු රටේ විදේශ සංචිත වලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම, රජය ජාත්‍යන්තර මූල්‍ය වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

    එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

    එම නිශ්චිත වැඩපිළිවෙල සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මහ බැංකුව, වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායමේ දෙකේ නියෝජිතයින්, වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින්, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇති වන සියලු කණ්ඩායම් ඇතුළු වන පරිදි එම කමිටුව පත් කළ බවද අමාත්‍යාවරයා පැවසීය.

    එසේම මෙම වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී පොදු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් සඳහා යොදාගන්නා වාහන, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන, මහජනතාව විකල්ප ලෙස යොදාගන්නා යතුරුපැදි හා මෝටර් රථ හා එයිනුත් පසුව සුඛෝපභෝගී රථ වාහන සීමා ලිහිල් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටි අතර විද්‍යුත් වාහන ආනයනය කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමුකරන බවද අමාත්‍යවරයා කීය.

    https://sinhala.adaderana.lk/news/197789
     
    • Like
    Reactions: errors