කතාව සහතික ඇත්ත මතෝ..
ඔය ගොඩක් Fuel Additives සහ Devices කරන්නේ තනිකරම බොරුවක්.. සාමාන්‍යයෙන් පිළිගත්ත Fuel Additives විදියට සලකන්නේ මෙන්න මේවා.. මේවා බහුතරයක් ඉන්ධන පිරිපහදුවෙදීම එකතු කරලයි තියෙන්නේ..
1. Anti-knock Agents
මං කලින් නුලකදී Octane Rating ඒක ගැන කිව්ව..ඒ නුලට ලින්කුව මේ පොස්ටුවේ අන්තිමට තියෙනවා.. ඔන්න ඔය කිව්ව Octane Rating එක වැඩි කර ගන්න තමා Anti-Knock agents පාවිච්චි කරන්නේ.. මේකෙන් ඇත්තටම කරන්නේ එන්ජිම Knock වෙන්න තියෙන සම්භාවීතාවය අඩු කරන එක..ඒ නිසා තමයි මේවට Anti-Knock Agents කියලා කියන්නේ. මෙතැනදී මම Octane Rating එක වැඩි කරනවා කිව්වට ඇත්තටම මේවගෙන් වැඩි කරන්නේ ස්වයං-ජ්වලන උෂ්ණත්වය (Flash-Point) කියන සාධකය. හැබැයි ඉතින් Flash Point එක වැඩි කරනකොට ඉබේම Octane Rating එකත් වැඩි වෙනවා..ඒ නිසා දෙකම ඒක වගේ..


මුල් කාලේදී වැඩිපුරම ප්‍රසිද්ධ උන Anti-Knock Agent එක තමා Tetra-Ethyl-Lead කියන්නේ. කෙටියෙන් නම් TEL. නමුත් පස්සේ කාලේ පරිසර දූෂණය අවම කරන්න Catalytic Converter කියන උපාංගය හදුන්වලා දුන්න. නමුත් මේ TEL සහිත ඉන්ධන නිසා Cat Converter එකට බරපතල හානි සිදු උනා..ඒ නිසා බොහෝ යුරෝපීය රටවල අනූ ගණන් වල මුල් කාලෙදිම TEL භාවිතයෙන් ඉවත් උනා. 1999-2000 දී වගේ අපේ රටෙත් භාවිතයෙන් ඉවත් කරා. නමුත් TEL කියන්නේ බොහොම බලවත් Anti-Knock Agent එකක්..ඒ නිසා මෑතක් වෙනකනුත් Racing Fuels වලට TEL පාවිච්චි කරා. පරිසර බුවාලගෙන් ලෙඩ වැටුන නිසා Racing Field එකෙන් දැනටමත් මේවා ඉවත් කරා. ඒ වෙනුවට දැන් Iso-Octane (බහුලවම),MMT, Toluene වගේ ආදේශක පාවිච්චි කරනවා. නමුත් මම කිව්ව වගේ TEL ගොඩක් බලවත්. ඔය දැන් මුඩුක්කු ගානෙත් විකුණන අනංමනං Fuel Saving කෙහෙල්මල් වල මේ TEL අඩංගු වෙන්න පුළුවන්. එතකොට එහෙම එකක් පාවිච්චි කරාම වාහනේ Performance වැඩි වෙන්න පුළුවන්.. මං කලිනුත් කිව්ව Cat Converter එකට මෙයා සෑහෙන්න හානි කරනවා කියලා. බොහොම ඉක්මනින් TEL වලට පුළුවන් Cat Converter එකේ ක්‍රියාකාරීත්වය අඩපන කරන්න. Cat Converter එකක මිල දන්නෝ දනිති. ඒ ගැන දීල හරි ගන්න තියෙනවා නම් හිත හදාගන්න පුළුවන්. ගන්නත් නෑ. තිබ්බත් තව බයික් එකක් ගන්න ගාන වෙනවා...
2. Oxygenates
මේවගෙන් කරන්නේ දහනයේදී අමතර Oxygen ටිකක් ලබාදෙන එක. ප්‍රධාන වශයෙන් Alcohol සංයෝග සහ Ether සංයෝග තමා පාවිච්චි කරන්නේ..හැබැයි මේවා අධික ලෙස භාවිතයෙන්Fuel System එකේ ( කොහොමත් Alcohol අපේ රටටත් හෙනයක් උන එකේ වාහන ගැන කවර කතාද


) රටේ නැති ලෙඩ ඇති වෙන්න පුළුවන්. මං කිව්ව වගේ දහනයේදී අමතර Oxygen ලබාදෙන ඒක තමා මෙයාගේ රාජකාරිය. අමතර ඔක්සිජන් කියන්නේ අමතර බලය.ඒ වගේම අඩු නොදැවුණු කාබන් ප්‍රමාණය. ඒ නිසා මේවා පාවිච්චි කරාම වාහනේ නිකන් පට්ටයි වගේ දැනෙනවා. පස්සේ කාලෙක හොයන්න බැරි ලෙඩ ආවම හරී සනීපයි.. ඒ හන්දා Form වෙන්න කියලා අනංමනං දාලා කෙලව ගන්න එපා..

3. Antioxidants
දහනය වෙන වෙලාවට ඉන්ධන සහ ස්නේහක ඔක්සිකරණය වෙලා බහුඅවයවීකරණය (මේ වචනේ ටයිප් කරාට මට තෑග්ගක් දීපල්ලා..


) වෙලා ඕනේ නැති රෙද්දවල් හැදෙන ඒක නවත්තන්න තමා මේවා එකතු කරන්නේ. විශේෂයෙන් ඔය මැකැනිකල් කුරුල්ලොන්ට ගහන ඉන්ධන වලට මේවා සෑහෙන්න වැදගත්..පාරේ යන අපිට නම් වැඩිම උනොත් මග ඉන්න වෙයි. මැකැනිකල් කුරුල්ලෙක්ගේ එන්ජිම නැවතුනොත් ඉතින් අපේ වෙලාව නරක නම් අපේ ඔලුවට කඩන් වැටෙන්න පුළුවන්..

4. ඩයි වර්ග
ඩයි වර්ග කිව්වට මෙව්වට කුකුල් සායම් දාන්නේ නෑ බොලව්..ඒකටම හදපුවා තමයි දාන්නේ. එහෙම කරන්නේ සමහර නහය නැති (Anosmia හැදිච්ච උන්


මං හිතන්නේ මං කිව්ව ලෙඩේ හරි..වැරදි නම් ඩොකාලා මාව නිවැරදි කරන්න..) උන් වතුර කියලා පටලවා ගන්න ඒක නවත්තන්න..
තව කීපයක් තියෙනවා.. ඔය ටික කිව්වේ මෙහෙම නුලක් දැක්කම සර්වාංගෙම කසන නිසා.. මේවට අමතරව ඔය අනික් ගැජමැටික් ගැන නම් කියන්න තියෙන්නේ ඒවගෙන් එහෙම පෙට්රෝල් ඉතුරු කරන්න පුලුවන්නම් Variable Valve Timing, Variable Valve Lift වගේ මොලේ කචල් වෙන රෙද්දවල් දාගෙන, Fail වෙවී Fail වෙවී Hybrid හදාගෙන, නටන්න ඕනේ නෑනේ නිෂ්පාදකයොන්ට. කෙලින්ම ඕව විකුණන ගෙම්බෙක්ට ඕඩරේ දීලා කන්ටේනරයක් පිටින් අරන් ගිහින් හයි කරලා එවන්න තිබ්බනේ. උන්ටත් අර පරීක්ෂනේට මේ තාක්ශනේ වැඩි දියුණු කරන්න කියලා වියදම් කරන සල්ලි ඉතුරුයි. ගජ රාමෙට තෙල් කරන වාහනයක් දෙන්න තිබ්බා සෑහෙන අඩුවට..


අපේ සාක්කුවටත් වාසියි එතකොට.. ඒ නිසා එක එකාගේ උගුල් වලට නම් අහු වෙන්න එපා..
( මේ ටික කියලා නුලක් දාන්නත් හදලා, ආයෙම අරුණගේ මාතෘකාව උස්සන එක හරි නෑ කියලා හිතුනා.. අරුණ කැමති නම් මේකට මාතෘකාවක් දාලා උබ පොස්ට් කරපන් අලුතෙන්.. මට කම්මැලි....)