RVM එකේ තියනවා රෙජිස්ටර්ඩ් සහ කස්ටම් එක හරහා ගෙන්නන සේරම විස්තර
මම දන්න විදියට අපි හරි විදියට වාහනයක් ඉම්පෝට් කරනවා නම් කස්ටම් එක දන්නවානේ ඒ විස්තර, වාහනේ ලංකාවට ගෙනත් ටැක්ස් එහෙම ගෙවුවට පස්සෙ ඔය විස්තර කස්ටම් එකෙන් RMV එකට යවනවා ඊට පස්සෙ තමයි RMV එකෙන් කාට හරි රෙජිස්ටර් කරන්න පුලුවන්
හොරාට කෑලි ගෙනත් ඇටෙවුවම රෙජිස්ටර් කරන්න බැරි අපිට RMV එකට ඔය විස්තර යවාගන්න විදියක් නැති නිසා සාමාන්යෙන් උන්ට යවන්නෙ කස්ටම් එකෙන් විතරයි (මේක මම අහපු විදිය මේක මෙහෙමමද කියලා සුවර් නැහැ ඒත් මම දැනගත්තෙ ටිකක් විතර විස්වාසවන්ත එකෙක්ගෙන්, කිරියෙ ඉන්න වාහන ඉම්පෝට් කරන එවුන් මේක ගැන හොදට දන්නවා ඇති)
රෙජිස්ටර් කරපු නැතිවා තියෙන්නෙ සේල් වලයි ඒජන්ට් ලගයි නේ ඒවා අනිවාර්යෙන් කස්ටම් ක්ලියර් කරලා නේ තියෙන්නෙ ඒ කියන්නෙ ඒ විස්තර අනිවාර්යෙන්ම RMV එකේ තියනවා
RMV එකෙන් ඔය විස්තර දෙනවද දන්නෙ නැහැ හැබැයි උන් ලග තියනවා රෙජිස්ටර් කරපුවා සහ ලංකාවට ගෙනත් කස්ටම් ක්ලියර් කරපු සේරගෙම විස්තර
එතකොට අඩුවෙන්නෙ ලංකාවට ගෙනත් කස්ටම් ක්ලියර් කරනකන් තියන වාහන විතරයි ඒ ප්රමානෙ බොහොම පොඩි ගානක් වෙයි මුලු ගානත් එක්ක බලද්දි