වාහන ගෙන්වීම සහ නොවටිනා මිල

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ප්‍රතිපල එන පාටයි හැබැයි කොයි තරම් සාර්ථක වෙයිද දන්නේ නැහැ

    ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..


    වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

    වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ‘ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක’ (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ ‘දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය’ මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    කර්මාන්ත අමාත්‍යාංශය

    karanna puluwan nam hodai meka. import karana un wade kadakappal karai da sure ne
     
    • Like
    Reactions: ShehanAM

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    karanna puluwan nam hodai meka. import karana un wade kadakappal karai da sure ne
    මේ වැඩේ පටන් ගන්න හැදුවේ යහපාලන ආන්ඩුව මගින් නමුත් සාර්තක උනේ නැහැ
    මේ වගේ ඒවා රටේ පටන් ගන්න ඕනේ එහෙම උනොත් හහම්බන්තොටින් නියම ප්‍රයොජනය ගන්න පුලුවන්