covid අර්බුදයත් එක්ක ලංකාවට වාහන ගෙන්වීම සීමා කරන්නට රජය තීරණය කරලා තියෙනවා
මේකෙන් ඩොලර් බිලියනයක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි කියලා රජය හිතන්නේ
කොයි පක්ෂ නායකයා වුණත් රට පාලනය කරන්නේ ඔහුට අවස්ථාවක් එනවා යම්කිසි තෝරාගැනීමක් කරන්න
වාහන ගෙන්වීම සහ ඒ ආශ්‍රිත රැකියාවන් කරන පිරිස කොපමණද එසේ නොකරන පිරිස කොපමණද යන්න අතරින් වැඩි පිරිසකට වැඩි ප්‍රතිලාභයක් ලබා දීමට ගත යුතු තීරණය රජයක් හැටියට ගන්නට වෙනවා.
සියලුම ආනයනික දේවල් වල මිල තීරණය වන්නේ ඩොලරය සහ rupiyal අතර අනුපාතය අනුව ඒක නිසා වාහනයක් ගැනීමෙන් ඩොලර් ඉහළ නැග්ගොත් අනිත් හැම භාණ්ඩයකම මිල වැඩි වීම් සිද්ධ වෙනවා
අත්‍යවශ්‍යම දේවල් වන ආහාර සහ බෙහෙත් යන ආදීන්ගේ මිල පවා ඉහළ යාම නොවැළැක්විය හැකියි වාහන ගෙන්වීම කිරීම් දිගටම සිදු කළහොත්.
ඉතින් මේ සම්බන්ධයෙන් රජය තීරණයක් හරියට අරන් තිබ්බට කොවිඩ් එක්ක වුන මේ ප්‍රශ්නය covid නිසාම ටේ වාසියට හරවා ගන්න තිබ්බ ක්‍රමයක් රජය විසින් හිතලා නැති බවයි පෙනෙන්නට තියෙන්නේ හෝ රජයට උපදෙස් දෙන අය ඒ සම්බන්ධව කියලා නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.
මගේ අදහස නම් covid නිසා ඉන්දියාවේ ගොඩක් කර්මාන්තශාලා වහලයි තියෙන්නෙ අනෙකුත් වාහන නිෂ්පාදනය කරන රටවල් වල කර්මාන්ත ශාලා වලටත් මේ ප්‍රශ්න ඇති ඉතින් මේ නිසා අපේ රටේ හම්බන්තොට වගේ පැත්තක අඩුම තරමේ එකලස් කිරීමේ කර්මාන්ත ශාලා හෝ පටන් ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා. අඩුම තරමේ මූලික අඩිතාලම් ටික මේ වෙලාවේ දාගන්න පුළුවන් අනිත් එක යම් නිෂ්පාදකයෙක් සමග එකඟතාවයකට එන්න පුළුවන් මේ තහනම දිගටම මෙහෙම තියාගෙන ඉන්නවා නමුත් අපේ රටට අවශ්‍ය වන වාහන සහ බයික් මෙහෙම නිපදවන්න කියලා.
රජය මේ අවස්ථාවේ වාහන ගෙන්වීමට ඉඩ දුන්නත් වාහන වල මිල ඉහළ අගයක තියෙන්න පුළුවන් ඒ නිෂ්පාදනය වීම ආනයනයේදී covid virusය නිසා සිදුවන බාධා වීම් හා covid නිසා සිදුවුණු මිල වැඩිවීම යන ආදිය නිසා.
අනික් අතට මේ දැනට විකුණන්න තියෙන වාහන වල මිල වැඩිවීම පරණ වාහන වල මිල රොකට් එකක් වගේ ඉහල ගියා පහුගිය ටිකේ නමුත් දැන් දැන් ඒවා නැවත පල්ලෙහාට එන බවකුයි මට නම් පේන්න තියෙන්නෙ මොකද වාහන වලට ලොකු ගණන් කිව්වට ඒ ගණන් වලට ගන්න පිරිස බොහොම අඩුයි ඒක නිසා තව ටික කාලෙකින් ඕවා නියම මිල වල් වලට ඒවි හැබැයි ඒ නියම මිල දැනට අවුරුද්දකට විතර කලින්තිබ්බ මිලට නම් වැඩිය වැඩි වේවි.
vega වගේ කාර් එකක් හදපු මිනිස්සු මෙහෙ හිටිය ඉතින් යම්කිසි රජයේ උදව්වකුත් ඇතුව මයික්‍රෝ අයිඩීයල් හා වෙනත් ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන සමාගම් කිහිපයකටඅවස්ථාවක් සලසලා දෙන්න රජයට පුළුවන්කම මේ වෙලාවේ තියෙනවා ඒක කරනවා නං රටක් හැටියට අපිට මේ අමාරු වෙලාවේ ගන්න පුලුවන් හොදම අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ.
එහෙම වුනොත් අනාගතයේ දවසක සතුටු වෙන්න පුළුවන් වෙයි මේ තීරණය ගැන.