වාහන ඩිෆරන්ශල්

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වාහන ඩිෆරන්ශල්

    අද කියන්නේ වාහනේ තියන තවත් වැදගත් කොටසක් ගැන. ඒ තමයි ඩිෆරන්ශල් එක. ගොඩක් මේක එලියට පේන්න තියන්නේ පසුපස ධාවක රෝද එහෙමත් නැත්නම් rear wheel drive වාහන වල. නමුත් ඔය එකී මෙකී නොකී හැම වහනයකම මේක (හෝ මීට සමාන පද්දතියක්) තියනවා. හැබැයි මේක මෙහෙම පොස්ට් එකක කියල දෙන එක නම් ලේසි වෙන්නේ නෑ.
    මුලින්ම බලමු ඇයි වාහනේකට මේක අවශ්‍ය වෙන්නේ කියල. හැමෝම වගේ ගණිතයේ එන වෘතයක පරිධිය ගැන අදහසක් තියනවා නේ? එහෙනම් එතනින් වැඩේ පටන් ගමු.

    j5a9.gif

    හිතමු අපි වැලමිටි වංගුවක් ගන්නවා කියල. එතකොට වාහනේ පිටිපස්සේ රෝද දෙක යන විදිය තමයි ඔය තියන්නේ. එතකොට මෙතන දක්වල තියන විදියට වාහනේ වංගුව ඇතුලත තියන රෝද වලට වන්ගුවේ කේන්ද්‍රයේ ඉඳල තියන අරය ri කියල දක්වල තියනවා. පිටත තියන රෝදය ro කියල දක්වල තියනවා. එතකොට අපි වංගුව ඉවර වෙනකොට (වංගුව අඩ කවයක් කියල ගමු.) ඇතුලත රෝදය ගමන කරලා තියන දුර (22/7)*ri වෙනවා. පිටත රෝදය ගමන කල දුර (22/7)*ro වෙනවා. ඒ නිසා පැහැදිලිව පේනවා පිටත රෝදය ඇතුලත රෝදයට වඩා වැඩි දුරක් ගමන කරලා තියන බව.

    දැන් අපි වහනයක් දිහාවට හැරෙමු.වාහනයක පිටුපස රෝද වලට බලය දෙන්නේ එකම එන්ජිමෙන්. ඒ හේතුව නිසා රෝද දෙකම කරකැවෙන්නේ එකම වේගයකින්. නමුත් අපි ඉහත ගණනය කරපු විදියට එක රෝදයක් වැඩි දුරක් යන්න නම් ඒ රෝදේ වැඩි වේගෙකින් කර කැවෙන්න ඕන. නමුත් රෝද දෙකටම ලැබෙන්නේ එකම වේගේ නිසා එක රෝදයක් ලිස්සන්න ගන්නවා. මෙහෙම ලිස්සන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද රෝද වැඩිපුර ගෙවෙනවා නේ.

    මෙන්න මේක නවත්තන්න 1890-1900 කාලේදී විතර ඉංජිනේරුවෝ මෙන්න මේ ඩිෆරන්ශල් කියන එක වාහන වලට එකතු උනා. මේකෙදි කරන්නේ වාහනේ රෝද වලට අවශ්‍ය විදියට රෝද වෙනස් වේග වලින් කර කැවෙන්න උදවු කරන ගමන් රෝද වලට බලය සපයන එක.

    c70.gif

    මේ තියන්නේ ඩිෆරන්ශල් එකක සරල ආකෘතියක්. දැති රෝද එහෙම මේ වගේ නෙවෙයි. ඔය නිල් පාට ලොකු දැති රෝදය කෙලින්ම ගියර් බොක්ස් එකට සම්බන්ධයි. කොළ පාට දැති රෝද රෝද වලට සම්බන්ධයි. මෙතැනදී වෙන්නේ නිල් පාද දැති රෝදයට ලැබෙන බලය මගින් රෝද චලනය කරන එක. හැබැයි මේ නිල්, කොළ දැති රෝද සම්බන්ද වෙන්නේ ඔය වගේ රතු පාට දැති රෝද දෙකකින් තමයි. ඒ නිසා නිල් දැති රෝදයෙන් ලැබෙන බලය නිසා රෝද කර කෙන්න පටන් ගන්න අතරේ රෝද දෙක වෙනස් වේග වල කැරකෙන්න අවස්ථාව ලැබෙනවා. මේක විස්තර කරන්න අමාරුයි. ටිකක් කල්පනා කරලා තේරුම ගන්න පුළුවන්. මෙන්න මේ කොටස තමයි ට්‍රක් වල බස් වල වගේ පිටිපස්සේ රෝද දෙක අතරේ යටින් ගෙඩියක් වගේ පේන්නේ. කාර් වල එහෙම මේක පේන්න නැත්තේ කාර් ගොඩක් ඒවා ඉදිරිපස රෝද වලින් බල ගැන්වෙන ඒවා නිසා වීම තමයි. එතකොට මේක තියන්නේ ඉස්සරහ. හැබැයි එලියට පේන්නේ නෑ.

    කාර් වගේ උසින් අඩු වාහන ඉදිරිපස රෝද වලින් ධාවනය කරන්න ගන්න එක හේතුවක් තමයි මේක. මොකද ඩිෆරන්ශල් එකක් දැම්ම ගමන් කාර් එකක් උනත් උසට හදන්න වෙනවා.:baffled::baffled:

    අහ්.... අනිත් දේ තමයි සමහර වාහන වල දැකල ඇති Limited Slip Differential කියල ඔප්ෂන් එකක් තියනවා. මේකෙන් කරන්නේ ඩිෆරන්ශල් එක වැඩිපුර කැරකෙන එක වලක්වන එක. මේ වගේ ඒවා වැඩිපුර ඕන වෙන්නේ off-road වන වාහන වල. මඩේ වගේ යද්දී කෙලින් යන්න ඕන වාහනේ ඇදේට වගේ යනවා නම්, කෙලින් පල්ලම් බහිද්දී පිටිපස්ස කැරකිලා ඉස්සරහට එනවා නම් වගේ අවස්ථා වල මේක යොදා ගන්නවා. මේක වාහනේ තිබුන කියල මේක දාගෙන එහෙම යනවා නෙවෙයි.

    අනිත් එක Diff lock එක. මේකෙන් කරන්නේ සම්පුර්නයෙන්ම ඩිෆරන්ශල් එක හිර කර ගන්න එක. එතකොට රෝද වෙන වෙන වේග වලින් කර කැවෙන්න බැහැ. කෙලින් යන්න ඕන වෙලාවට තමයි මේක පාවිච්චි කරන්නේ. Diff එක හිර කරන්නේ air break වලින් වගේ තමයි.

    මේ කියන දේවල් වලින් වැඩක ඇති කියල හිතනවා. මම මේ දේවල් කියන්න එක හේතුවක් තමයි තමන් යන වාහනේ ආරක්ෂාකාරීව යන්න නම් වාහනේ ගැන තරමක හෝ දැනුමක් තියෙන්න ඕන කියල මම විශ්වාස කරනවා. මොකද වාහනේක එක ඇනයක් බුරුල් වෙනවා කියන්නේ සමහර විට වාහනේ යන හැමෝම අනතුරකට පත්වෙන්න තරම් දරුණු වෙන්න පුළුවන්. ඒ වගේම වාහනේ වේගෙන් යන එක කොච්චර අවධානම් ද කියල තේරුම ගන්නත් පුළුවන් වෙයි. අනිත් හේතුව තමයි වාහනේ හැම කොටසක්ම හදල තියන්නේ වාහනේ යන අයගේ වගේම පිටත ඉන්න අයගෙත් ආරක්ෂාවට. එහෙම වාහනයක් හදන්න කොච්චර අමාරුද කියන එක පැහැදිලි කරන්න. මොකද අපි ගොඩක් අය වාහන අරන් ගියාට ඒ වාහනේ හදන්න කොච්චර වෙහෙසක් ගන්නවද කියල ගොඩක් අය දන්නේ නෑ.
     
    Nov 21, 2013
    34
    12
    0
    මට තියෙනවා ප්‍රශ්න කිහිපයක් මේ ගැන, පිළිතුරක් ලැබෙනවා නම් ස්තුති වන්ත වෙනවා මිත්‍රයා.

    1)එතකොට රෝද හතරටම එන්ජින් එකෙන් බලය සැපයෙන වාහන වල ඔය කියනා ඩිෆරන්ශල් දෙකක් තියෙනවද?
    2) කාර් වල ඉස්සරහා රෝද වලට එන්ජිමෙන් බලය සැපයෙනවා වගේ වෑන් වැනි අනිකුත් වාහන සදහාත් ඉදිරිපස රෝද වලට එන්ජිමෙන් බලය සපයා ධාවනය කිරීම සිදු නොකරන්නේ ඇයි? ඒ වාහන ධාවනය වන්නේ පිටුපස රෝද වලට එන්ජිමේ බලය සපයලානේ.
    3)ඔටෝගියර් වාහන වල තියෙන්නේ O/D කියලා එකක්. එක කොහොමද තියෙන්න ඕනි වාහනේ ධාවනය කරන කොට?
    ඒකෙන් මොකක්ද වෙන්නේ?
     
    1) ඔව්.
    2) කාර් හදල තියන්නේ සැප පහසුව වැඩි වෙන්න, ආරක්ෂාව වැඩි වෙන්න, වගේම වැඩි වේගෙකින් යන්න (ගුරුත්ව කේන්ද්‍රය පහලට අරගෙන.). නමුත් වෑන් වගේ ඒවා හදල තියන්නේ මගීන් ප්‍රවාහනය කරන්න. ඒවාට අවශ්‍ය වැඩි බරක් ගෙනයන්න. වෑන් නුත් එනවා front wheel. නමුත් බර වාහන එකක් වත් එහෙම එන්නේ නෑ. හිතන්න කාර් එන්ජිමක බලය හෝ ධාරිතාව උපරිම 2000cc වගේ තමයි වෙන්නේ. (ෆෙරාරි වගේ ඒවා නෙවෙයි. ඒවා කොහොමත් rear wheel.) නමුත් බර වාහන වල ධාරිතාව 5000cc වලටත් වඩා වැඩි වෙනවා. මෙන්න මේ වාහන වලින් රෝද වලට දෙන බලය horse power ගැන බැලුවම ගොඩාක් වැඩියි. මේ වගේ බලයක් ඉස්සරහ රෝද වලට දෙනවා ඉස්සරහ රෝද වලින් කරන ප්‍රධාන කාර්යට අමතරව. (වාහනේ හරවන්නේ ඉස්සරහ රෝද වලින් නේ.) වාහනේ ඉතාමත් අත්‍යවශ්‍ය කාර්ය 2 ක් ඉදිරිපස රෝද වලට දෙනවා කියන්නේ හරියට අපි අත් දෙකෙන් එකම වෙලාවට අකුරු දෙකක් ලියනවා වගේ. ඊටත් වඩා විශාල බලයක් ඉදිරිපස රෝද වලට දෙන එක තරමක් බයානකයි.
    තව එක හේතුවක් තියනවා කාර් ඉදිරිපස රෝද වලින් බල ගන්වන්න. පොඩ්ඩක් හිතන්න අපි ලොකු ගලක් තල්ලු කරන එකද වඩා ලේසි ඇදගෙන යන එකද කියල? ඇදගෙන යන එක වඩා ලේසියි නේ? ගණිතයෙන් ඕක පහදන්න පුළුවන්. ඒ තරම් අවශ්‍ය නෑ.
    3) O/D එක නම් ඉතින් අවශ්‍ය වෙලාවට වෙනස් කරගන්න. O/D= over drive = 4th or 5th gear. O/D off කියන්නේ 4 හෝ 5(දෙකෙන් වැඩි එක) වෙනි ගියර් එකට වාහනේ යන්නේ නෑ කියන එක. වහින වගේ වෙලාවට O/D off කරන එක තමයි හොඳ. මොකද එතකොට වාහනේ වේගෙන් යන්නේ නෑ. හැබැයි off කරලා වේගෙන් යනවා කියන්නේ ගියර් බොක්ස් එකට හොඳ නෑ. මේක ගොඩක් වෙලාවට off කරලා නම් තමයි බල්බ් එකක් පත්තු වෙන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    thallu arana eka ban lesi :oo:
    van eke bara wadi nisa passa roda deken thallu karanna puluwan

    wathura pompe adina usa wage double udata thallu karanna puluwan:yes::yes:
     
    ස්තුතියි මිත්‍රයා, පළමුවෙනි ගැටළු දෙකට නම් පිළිතුර පැහැදිලියි. ඒත් තුන්වෙනි පිළිතුර නම් පැහැදිලි නෑ.
    ඒ කියන්නේ O/D එක ඔන් කරාම හතරවනී හෝ පස්වෙනි ගියර් එකට වැටෙනවා කියන එකද? සාමාන්‍ය ධාවනයේදී මේක තියෙන්න ඕනි ඔෆ් ද ඔන් ද?
    O/D ඔන් කිව්වම මට එන්නේ නිකන් එක ගියර් එකක වාහනේ ගොඩක් වෙලා ධාවනය වෙනවා වගේ අදහසක්. මට මේක තේරෙන්නේ නෑ. තව ටිකක් පැහැදිලි කරලා දෙනවද මිත්‍රයා වෙලාවක් තිබේනම්?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    thallu arana eka ban lesi :oo:
    van eke bara wadi nisa passa roda deken thallu karanna puluwan

    wathura pompe adina usa wage double udata thallu karanna puluwan:yes::yes:

    97rf.jpg

    තල්ලු කිරීමට යොදන බලය F,
    ගල කුට්ටියේ බර mg,
    පෘෂ්ටය මගීන් වස්තුව මත ප්‍රතික්‍රියාව R = mg + F*sin(25)
    පෘෂ්ටය මගීන් වස්තුවේ චලනයට විරුද්දව යොදන ඝර්ෂණ බලය = f = μ*R = μ* (mg + F*sin(25))
    චලනය දිශාවට F=ma,
    F*cos(25)-f = ma

    ඇදගෙන යන බලය F',
    පෘෂ්ටය මගීන් වස්තුව මත ප්‍රතික්‍රියාව R' = mg - F'*sin(25)
    පෘෂ්ටය මගීන් වස්තුවේ චලනයට විරුද්දව යොදන ඝර්ෂණ බලය = f' = μ*R' = μ* (mg -F'*sin(25))
    චලනය දිශාවට F=ma,
    F'*cos(25)-f' = ma'

    F= F' නම්, a' > a
    තේරුනාද? නැත්නම් ගණන ගන්න එපා. වහනෙකත් මේකමයි වෙන්නේ. හැබැයි පොඩි පොඩි වෙනස් කම් තියනවා. දැන් කියන්න එපා වාහනේක වෙන හැටි පෙන්නන්න කියල. :angry::angry
    :
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ස්තුතියි මිත්‍රයා, පළමුවෙනි ගැටළු දෙකට නම් පිළිතුර පැහැදිලියි. ඒත් තුන්වෙනි පිළිතුර නම් පැහැදිලි නෑ.
    ඒ කියන්නේ O/D එක ඔන් කරාම හතරවනී හෝ පස්වෙනි ගියර් එකට වැටෙනවා කියන එකද? සාමාන්‍ය ධාවනයේදී මේක තියෙන්න ඕනි ඔෆ් ද ඔන් ද?
    O/D ඔන් කිව්වම මට එන්නේ නිකන් එක ගියර් එකක වාහනේ ගොඩක් වෙලා ධාවනය වෙනවා වගේ අදහසක්. මට මේක තේරෙන්නේ නෑ. තව ටිකක් පැහැදිලි කරලා දෙනවද මිත්‍රයා වෙලාවක් තිබේනම්?
    සාමාන්‍ය ධාවනයේදී O/D on තමයි තියෙන්න ඔය. (ඔයාගේ වාහනේ උපරිම ගියර් එකට වැටෙන එක නවත්වන්න ඕන නැත්නම්.) O/D off නම් ඩෑෂ් බෝඩ් එකේ ඉන්ඩිකේට් කරනවා O/D off කියල.

    මෙහෙම හිතන්න, මැනුවල් වාහනේක ගියර් 5 ක් තියනවා. අපි හැම වෙලාවේම 5 වෙනි ගියර් එකේ යන්නේ නෑ නේ? හිතන්න අපි කන්දකින් පල්ලම් බහිනවා කියල? අපි 5 වෙනි ගිය එකට දැම්මොත් වාහනේ කන්ට්‍රෝල් නැතුව ලොකු වේගෙකින් පහලට එනවා. නමුත් අපි 3 වෙනි හෝ 4 වෙනි ගියර් එකේ එනවා නම් එන්ජිම රේස් වෙලා වාහනේ වේගේ ගොඩක් වැඩි වෙන එක නතර කර ගන්නවා. ඔටෝ වාහනේක වේගේ වැඩි වෙන්න වැඩි වෙන්න වාහනේ ගියර් මාරු වේවි වැඩි වෙනවා. අපි O/D off කරොත් වාහනේ යන උපරිම ගියර් එක 3 හෝ 4 තමයි. (සමහර ඔටෝ වාහන වල තියන්නේ ගියර් 4. සමහර ඒවගේ 5 යි.)
     
    Last edited:

    ස්තුතියි මිත්‍රයා. මම හිතන්නේ මම මෙච්චර කල් ගිහින් තියෙන්නේ O/D ඔන් කරලා.
    ඒත් මම 60ට 70 ට වඩා හයියෙන් යන්නේ නැති නිසා ගැටලුවක් ආවේ නෑ වෙන්න ඕනි.

    බොහොම ස්තුතියි නැවතත් පැහැදිලි කිරීමට.