මොනවද බං දැනගන්න ඕන?
රාජ්‍ය සේවකයෝන්ට (පරිපාලන සේවය, වෛද්‍ය සේවය, ඉංජිනේරු වගේ ) අයට තමයි පර්මිට් එකක් දෙන්නේ. සාමාන්යෙන් අවුරුදු 5 කට වරක් දෙනවා. මේ දෙන ඒක පෙට්‍රල්, ඩිසල් යන වග, ගෙන්විය හැකි වාහනයේ උපරිම මිල වගේ කරනා මත වෙනස් වෙනවා. සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට අවුරුදු 5 කට සැරයක් දෙන පර්මිට් එක USD 25000 කට නො අඩු වාහනයක් ගෙන්න පුළුවන්. (උපරිම එන්ජින් ධරිතවයකුත් තියනවා. මට හරියටම මතක නෑ.) මේ 25000 කියන්නේ වාහනයේ බදු රහිත නිෂ්පාදකයාගේ මිල. ඒ වගේම ඔය අවුරුදු 5 න් 5 හට ලැබෙන එක 50% ක බද්දෙන් නිදහස් කරලා තියන්නේ මට මතක විදියට. ඒ කියන්නේ වාහනේ නිෂ්පාදකයා ලකුණු කළ මිල USD 20000 ක් නම් ඩීසල් වාහනයක් නම් රජයෙන් සාමාන්යෙන් බදු ගාස්තු ඒ වාහනයේ වටිනාකම වගේ 400% ක් විතර වදිනවා. පර්මිට් නැතුව ඒ වාහනේ ලංකාවෙන් ගන්න ගියාම 20000*400%+20000=100000 ක මුදලක් ගෙවන්න ඕන. පර්මිට් සහිතව 20000*400%*50%+20000=60000 ක මුදලක් යනවා. මේ වගේ රජ්‍යසේවයේ 1.1 මට්ටමේ විශ්‍රාමිකයන්ට USD 28000 ක සියලු බදු වලින් නිදහස් පර්මිට් එකක් හම්බු වෙනවා. ඒ කියන්නේ ගෙවන්න ඕන වාහනයේ වටිනාකම විතරයි. නමුත් ජාතිය ගොඩනැගීමේ බදු සහ වෙනත් කුඩා බදු මේ සමග ගෙවන්න වෙනවා. නමුත් 400% දක්වා කීයටවත් යන්නේ නෑ. මේ වගේ පර්මිට් ලැබෙන ගොඩක් අය විකුනනවා. දැන් ඒ පර්මිට් එකක් රු 7500000 වගේ මිලකට අලෙවි වෙනවා. උඩින් කියපු අවුරුදු 5 න් 5 හට ලැබෙන පර්මිට් එක විකුනන්න බැහැ. නමුත් වාහනයක් ගෙනත් වාහනේ විකුනන්න දැන් පුළුවන්. මීට අමතරව මැති ඇමති වරුන්ට USD 32000 ක් වටිනා පර්මිට් ලැබෙනවා.