වාහන බද්දෙන් හෙළි වන ආර්ථික යථාර්ථය....

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වාහන බද්දෙන් හෙළි වන ආර්ථික යථාර්ථය....

    Source: :Lakbima

    සිංහල අලුත් අවුරුද්දට තවත් ඇත්තේ හරියටම දින තුනකි. හෙළයේ මහා මංගල්‍යය ලෙස සැලකෙන සිංහල අවුරුද්ද ලොකු කුඩා සෑම කෙනෙකුගේම සිත් සතන් තුළ අපූරු ආශ්වාදජනක චමත්කාරයක් ගොඩනැගෙන බව අමුතුවෙන් කිව යුතු නැත.
    ස්වභාව ධර්මයා විසින් දායාද කරදුන් ඵලබර බව නොමසුරුව සියලු සත්වයන්ට බෙදාහදා දීමට තරම් බක් මාසය සාධාරණය.
    ස්වභාව ධර්මය එසේ සාධාරණව අවුරුදු තෑගි බෙදා දෙද්දී රජයද ජනතාවට අපුරු තෑග්ගක් ලබා දුන්නේය. ඒ බක්මාසයේ ආරම්භයත් සමග මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ආනයනය කිරීමේදී අය කෙරෙන නිෂ්පාදන බදු හැටට හැටේ වැඩි කිරීමය. සිංහල අවුරුද්දට මෝටර් රථයක් ත්‍රිරෝද රථයක්, යතුරු පැදියක් මිල දී ගැනීමට බලා‍පොරොත්තුවෙන් සිටි ජනතාවගේ අවුරුදු ප්‍රාර්ථනාව ග‍ලේ හැපුනේ වීදුරු පාත්තරයක් මෙන් සුනු විසුණු වී ගියේය. ලක්ෂ 10ට 15 ට තිබූ මෝටර් රථයක මිල හිටිගමන්ම රුපියල් ලක්ෂ 20ක් 24 ක් බවට පත්විය. ත්‍රිරෝද රථයක් රුපියල් ලක්ෂයකටත් වඩා වැඩි මුදලකින් වැඩිවිය. යතුරු පැදියක මිල රුපියල් පනස්දහසකටත් වඩා වැඩි මුදලකින් වැඩිවිය. මේ නිසා වාහනයක් ගැනීමට අමාරුවෙන් මුදල් එකතු කළ සාමාන්‍ය ජනතාවගේ වාහන සිහිනය බිඳ වැටී ගියේය.
    බද්දක් පැනවූ විට බද්දේ වටිනාකම භාණ්ඩයේ මිලට එකතු වී බද්දට සමාන ප්‍රමාණයකින් භාණ්ඩයේ මිල ඉහළ යාම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් වාහන සම්බන්ධයෙන් බද්දක් පැනවූ විට බද්දට යටත් නොවූ රථවාහනවලද මිල ගණන් ඉහළ යන්නේය. හරිනම් බද්ද නිසා මිල ඉහළ යා යුතුවන්නේ අප්‍රේල් දවෛනි දායින් පසුව ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන රථවාහනවලය. එසේ නොමැතිව එතෙක් වාහන අලෙවිසල්වල හා පුද්ගලයන් සතුව තිබූ වාහනවල මිල ගණන් ඉහළ නොයා යුතුය. න්‍යායාත්මක තත්ත්වය එසේ වුවද එය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේය. අපේ රටේ ප්‍රායෝගික භාවිතය ඊට ඉඳුරාම වෙනස්ය. බද්ද පැනවූදාට පසුදාම ගෙවල්වල තිබූ රථවාහනවලද මිල ගණන් ඉහළ ගියේය.
    බක් මාසයෙ ආණ්ඩුවේ තෑග්ග (බද්ද) නිසා වාහන හිමියන්ට කරළ පැහුනේත් වාහන සිහිනයක වෙලී සිටි මධ්‍යම පන්තික ජනතාවගේ හේනපාළුවී ගියේත් ඒ අකාරයටය. ශ්‍රී ලංකා මහ බැංකුව නම් කියන්නේ ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ මතුනොව ලෝකයේම ඉහළ ආර්ථික වර්ධන වේගයක් ඇති රටක් වන බවයි. 2012 පෙබරවාරි මාසයේ මෙරට උද්ධමන වේගය සියයට 2.7 කි. මහ බැංකුව කියන ආකාරයට නම් ශ්‍රී ලංකා ආර්ථීකය කිසිම රෝගාබාධයක් නොමැත. කිසිදු මූල්‍ය අර්බුදයක් හෝ අපහසුතාවයක් නොමැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ඉතිරි ණය වාරිකයෙන් ඩොලර් මිලියන 427 ක්ද ඉකුත් දා ශ්‍රී ලංකාවට හිමිවිය.
    ශ්‍රී ලංකාවට මූල්‍ය අර්බුදයක් නොමැතිනම් ‍පොඩි මිනිහාගේ වාහනය ලෙස සැලකෙන යතුරු පැදිය, ත්‍රිරෝ රථය මතද දැවැන්ත බදු බරක් පටවන්නේ මන්ද? රජය මූල්‍ය අර්බුදයක ගිලී සිටින බව ඉඳුරාම පැහැදිලිය. පෙබරවාරි 11 වෙනිදා ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල්ද හිතාගත නොහැකි මිලකින් ඉහළ ගියේ මූල්‍ය අර්බුදයේ ඇති බරපතළකම නිසාමය. ඉන් අනතුරුව රුපියල නිදහසේ පාවීමට ඉඩ හැරියේය. ඒ තවදුරටත් එය අල්ලාගෙන සිටීමට තරම් විදේශ වත්කම් නොමැතිවූ නිසාය.
    දැන් රථවාහන ආනයනය මත බද්දක් පැනවූයේය. එම බද්ද පිළිබඳ අදහස් දක්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ථට) එම බදු ඉහළ දැමීම ප්‍රශංසනාත්මකව අගය කරනු ලැබිය. රුපියල පාවීමට ඉඩ හැරීමත් වාහන ආනයන මත බදු පැනවීමත් යන කාරණා දෙකට පසුව මතෛක් හිරවී තිබූ ථට ඉතිරි ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමිවිය.
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ථට හි බලපෑමක් නැතැයි කිසිතේම කිව නොහැකිය. සාමාන්‍ය බැංකුවකින් ණය මුදලක් ලබාගැනීමේදීද ණයකරුවාට විවිධ කොන්දේසිවලට යටත්වීමට සිදුවේ. ඒ ආකාරයෙන්ම රජයටද ථට එකෙන් ණය මුදලක් ලබාගැනීමේදී කොන්දේසිවලට යටත්වීමට සිදුවේ. නමුත් එම කොන්දේසි ජනතාවට පීඩනයක් ගෙන දෙනවා නම් එතන ගැටලුවක් මතුවේ. කෙසේ වෙතත් ථට ආයතනය කීවද නොකීවද අයවැය ‍ලේඛනයේ හිඟය සියයට 6.2ක් දක්වා අඩුකර ගැනීම වර්ථන ගිණුමේ අතිරිත්තයක් ඇතිකර ගැනීම යන කාරණා ආර්ථීකමය වශයෙන් වැදගත්ය. මේවා නිසි ආර්ථික කළමනාකරණයකදී අනිවාර්යෙන්ම අවධානයට ලක් විය යුතු මූලික කාරණාවන්ය. නමුත් එකී කාරණාවන්ගේද ඌනතා පවතීනම් එය බරපතළ තත්ත්වයකි.
    ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට උද්ධමන වේගය සියයට 2.7ක්් වැනි (පෙබරවාරි මාසය අවසන් වන විට) අඩු වටිනාකමක පවතින බව ප්‍රකාශ කරනු ලැබූවද ඉන්ධන මිල ගණන් ඉහළ යාමත්, රුපියල අවප්‍රමාණ වීමත්. හේතු කොටගෙන වෙළෙඳ ‍පොළේ මිල මට්ටම්වල කැපීපෙනෙන ඉහළ යාමක් සිදුවී තිබෙන බව වෙළෙඳ ‍පොළට යන ඕනෑම කෙනෙකුට පෙනී යයි.
    වෙළෙඳ ‍පොළේ එළවළු සැපයුමේ යම් වර්ධනයක් ඇති වී තිබෙන හෙයින් එළවළු මිලෙහි යම් පහළ යාමක් දක්නට ලැබුණද පරිප්පු, තිරිඟුපිටි, වියළි මිරිස්, හාල්මැස්සන්, කඩල, කව්පි, මුංඇට, සීනි, කරවල, මාළු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැග තිබේ. රුපියල අවප්‍රමාණය වීමත් සමග ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇති අතර මාළු වැනි ආහාර ද්‍රව්‍ය වල ඇති සැපයුමේ ඌනතාව නිසා එහි මිල වැඩි වී ඇත. ඊටම විදුලිබිල, දුරකථන බිල, බස්ගාස්තුව හා ප්‍රවාහන වියදම් එකතු වූ විට ජනතාවගේ ජීවන බර බක් මාසයේදී තවදුරටත් ඉහළ යන බව පැහැදිලිය.
    නමුත් ඇතැම් ඇමැතිවරුන් නම් කියන්නේ රුපියල් 2500 කට තිදෙනෙකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් විය හැකි බවයි. ඔහු රටේ අධ්‍යාපන ඇමැති වුවද මෙවැනි විහිළු කතාවලට අදහස් දැක්වීමට යාමෙන් අපද හාස්‍යයට ලක්වන හෙයින් ඒ පිළිබඳ වැඩිදුරට කතා නොකරන්නෙමු. නමුත් එක් දෙයක් පැහැදිලිව ඇත. නොපෙන් වූවාට රෝගය වඩාත් බරපතළව ඔඩුදුවා ඇති බවයි. මහබැංකුව කියන ආකාරයට උද්ධමනය සියයට 5කටත් වඩා අඩු අගයක තිබේනම් රුපියල් 2500 කින් මාසයක් ජීවත් විය හැකි කතාවක් කීමේ අවශ්‍යතාවක් මතුවන්නේ නැත.
    ඉකුත් 03 වෙනිදා ගාල්ලේ ධීවර සංස්ථා පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ පළමු ටින් මාළු කර්මාන්ත ශාලාව විවෘත කරන අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ සහල්, බඩඉරිඟු ආදියෙන් මෙන් මාළුන්ගෙන්ද රට ස්වයං‍පෝෂිත කළ යුතු බවය. රට වටේට මහමුහුදක් තබාගෙන අපට තවමත් මාළුවලින් ස්වයං‍පෝෂිත වීමට නොහැකි වී තිබේ. එදින වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අප තවමත් කුරහන්, කව්පි, මුංඇට ආනයනය කරන බවය. මේවා අපි බොහෝ කාලයක සිට පෙන්වා දෙන කාරණය. නමුත් ඒවා පිළිබඳ දක්වන අවධානය කනගාටුදායකය. ආහාරවලින් ස්වයං‍පෝෂිත නොවී ඉහළ ආර්ථික වර්ධනයක් පිළිබඳ සිහින දැකීම යථාර්ථවාදී නැත. අද ජනතාවගේ ආදායමින් වැඩිම ප්‍රතිශතයක් ආහාර සඳහා වැයවේ. මේ නිසා ඉතිරි කිරීම් අඩු මට්ටමක පවතී.
    මේ වන විට වෙළෙඳ ‍පොළ ‍පොලී අනුපාත ඉහළ නංවා ඉතුරුම් තැන්පතු ආකර්ෂණය කර ගැනීම උදෙසා බැංකු සහ මූල්‍ය ආයතන අතර විශාල තරගකාරීත්වයක් ඇති වී තිබේ. මීට මාස දෙකකට පමණ පෙර ස්ථාවර තැන්පතුවට ගෙවූ සියයට 6ත් 7ත් අතර ‍පොලී අනුපාතිකය මේ වන විට සියයට 11ත් 17 ත් අතර තරගකාරී මට්ටමකින් ඉහළ නැග ඇත. ඉතුරුම් සඳහා ඒ ආකාරයේ ඉල්ලුමක් පැවතියද ජනතාව අත මුදල් ඉතිරි නොවේනම් ඔවුන්ගේ ඉතිරි කිරීම් සඳහා වන යොමුවීම අඩුවෙයි. නමුත් ඒ වෙනුවට බැංකු සහ මූල්‍ය ආයතන වාර්තා පෙන්වා දෙන්නේ ජනතාව වැඩි වැඩියෙන් රන්භාණ්ඩ උගස්කර මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවයි. එදිනෙදා කටයුතු සහ අනෙකුත් වියදම් සඳහා මුදල් හිඟවීම උකස් වෙළෙඳ ‍පොළ කටයුතු පුළුල් වීමට බලපාන ආසන්නම හේතුවකි. ජනතාවගේ ආදායම් මට්ටම් සහ ඉතිරි කිරීම් පහළ වැටී තිබෙන බවට සාධක අවශ්‍ය තරම් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව කියන ආකාරයට ජනතාවගේ ඒක පුද්ගල ආදායම වැඩිවී තිබේනම් දළ දේශීය ඉතුරුම් අනුපාතය ඉහළ යා යුතුය.
    අනෙක් පැත්තෙන් ජනතාවත් ආදායම් ඉහළ යන විට ඔවුන් මතෛක් පාරිභෝජනය කළ භාණ්ඩ හා සේවාවන්ට වඩා ඉහළ වටිනාකමින් යුතු සුඛෝපභෝගී භාණ්ඩ හා සේවාවන් පාරිභෝජන කිරීමට යොමු වෙති. ජනතාවගේත් රටේ ආදායම් ඉහළ ගොස් තිබේනම් මෝටර් රථ වැනි මෙවලම් වෙත පහසුවෙන් යොමුවීමට හැකි වෙළෙඳ‍පොළ පසුබිමක් සකස්කර දිය යුතුය. සැබෑවටනම් කළයුතු වන්නේ මෝටර් රථ ආනයනික බදු අඩු කිරීම මිස වැඩි කිරීම නොවේයි. ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් ලබාදීමට අපේක්ෂා කරන්නේනම් ගතයුතුව තිබූ පියවර එයයි.

    Source: :Lakbima
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Source: :Lakbima

    බද්දක් පැනවූ විට බද්දේ වටිනාකම භාණ්ඩයේ මිලට එකතු වී බද්දට සමාන ප්‍රමාණයකින් භාණ්ඩයේ මිල ඉහළ යාම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් වාහන සම්බන්ධයෙන් බද්දක් පැනවූ විට බද්දට යටත් නොවූ රථවාහනවලද මිල ගණන් ඉහළ යන්නේය. හරිනම් බද්ද නිසා මිල ඉහළ යා යුතුවන්නේ අප්‍රේල් දවෛනි දායින් පසුව ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන රථවාහනවලය. එසේ නොමැතිව එතෙක් වාහන අලෙවිසල්වල හා පුද්ගලයන් සතුව තිබූ වාහනවල මිල ගණන් ඉහළ නොයා යුතුය. න්‍යායාත්මක තත්ත්වය එසේ වුවද එය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේය. අපේ රටේ ප්‍රායෝගික භාවිතය ඊට ඉඳුරාම වෙනස්ය. බද්ද පැනවූදාට පසුදාම ගෙවල්වල තිබූ රථවාහනවලද මිල ගණන් ඉහළ ගියේය.

    Source: :Lakbima

    මචන් මේ කතාව නම් සහතික ඇත්ත..නමුත් රජය මේ දේවල් දැක්කත් දැක්කේ නේ වගේ ඉන්නවා.
    අඩුම තරමේ ආණ්ඩුවට යුතුකමක් තිබුන බදු පැනවීමෙන් පසු වාහන වලට පමණක් මේ මිල වැඩි වීම බලපාන බව කියන්න.
    දැන් ඔය බද්ද යම් දවසක අඩු උනොත් ඔය එක වාහන කාරයෙක්වත් වාහන මිල එක පාරටම අඩු කරන්නේ නේ. එතකොට කියන්නේ මේවා මිල වැඩි කලේ ගෙන්නපු ඒවා කියල.:(

    thx your post:)
     

    Ratchet

    Member
    Dec 7, 2011
    58
    22
    0
    බක් මාසයෙ ආණ්ඩුවේ තෑග්ග (බද්ද) නිසා වාහන හිමියන්ට කරළ පැහුනේත් වාහන සිහිනයක වෙලී සිටි මධ්‍යම පන්තික ජනතාවගේ හේනපාළුවී ගියේත් ඒ අකාරයටය


    okkoma aththa.. meka nam varadi kathavak..
    vahanayak thiyena ekek eka vikunanne thiyena ekata vada honda vahanayak gannane.. ithin ilangata thamanta ganna thiyena vahane gana vadi vela nam mokada karanne...
    mage yaluvek gava suzuki every ekak thiyenava.. year 2000. reg in 2005
    eke market eka thibbe 11.5 - 12.
    pora haduve eka vikunala thava podi ganak athin dala ALTO ekak ganna.. dan e yaka eka 11.5 ta vikunala mokakda ganne.. [ALTO is now over 2 million] ithin uta eka vadi ganata vukunanna venava..
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බද්දක් පැනවූ විට බද්දේ වටිනාකම භාණ්ඩයේ මිලට එකතු වී බද්දට සමාන ප්‍රමාණයකින් භාණ්ඩයේ මිල ඉහළ යාම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් වාහන සම්බන්ධයෙන් බද්දක් පැනවූ විට බද්දට යටත් නොවූ රථවාහනවලද මිල ගණන් ඉහළ යන්නේය. හරිනම් බද්ද නිසා මිල ඉහළ යා යුතුවන්නේ අප්‍රේල් දවෛනි දායින් පසුව ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන රථවාහනවලය. එසේ නොමැතිව එතෙක් වාහන අලෙවිසල්වල හා පුද්ගලයන් සතුව තිබූ වාහනවල මිල ගණන් ඉහළ නොයා යුතුය. න්‍යායාත්මක තත්ත්වය එසේ වුවද එය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේය. අපේ රටේ ප්‍රායෝගික භාවිතය ඊට ඉඳුරාම වෙනස්ය. බද්ද පැනවූදාට පසුදාම ගෙවල්වල තිබූ රථවාහනවලද මිල ගණන් ඉහළ ගියේය.

    මේක නම් මහ මෝඩ කථාවක්....
    වාහනය විකුණන්නේ ඊට වඩා හොඳ/ අලුත් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන්....
    තමන්ගේ ගෙදර තියන වාහනය වැඩි ගානකට විකුණගන්නේ නැතිව ඒ මනුස්සය වෙන වාහනයක් ගන්නේ කොහොමද? :rolleyes:
    මේක ලියපු පණ්ඩිතය කියන්නේ ඒ මිනිස්සුන්ට පයින් යන්න කියලද?:rolleyes: