අයවැය නිසා Aqua, Honda Fit, Honda Fit Shuttle, Vezel ඇතුළු කාර් මිල වැඩිවන හැටි සහ Nissan Leaf මිල අඩුවන හැටි මෙන්න!
නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බදු වැඩිකිරීම හේතුවෙන් ටොයොටා ඇක්වා මෝටර් රථයක මිල රුපියල් 6,70,000 කින් පමණත් GP01 හොන්ඩා ෆිට් මෝටර් රථයක් රුපියල් 6,25,000 කින් පමණත් මිල ඉහළ යනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ හොන්ඩා ෆිට් ෂට්ල් රථයල් රුපියල් 6,25,000 කින් පමණ වැඩිවනු ඇති බවයි.
මීට අමතරව, අළුත්ම හොන්ඩා GP05 රථයක් රුපියල් 6,45,000 කින් පමණත් හොන්ඩා වෙසල් රථයක් රුපියල් 9,30,000 කින් පමණත් ප්‍රියර්ස් රථයක් රුපියල් 9,75,000 කින් පමණත් ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් 8,00,000 කින් පමණත් අවුට්ලෑන්ඩර් රථයක් රුපියල් 13,00,000 කින් පමණත් මිල වැඩිවනු ඇතැයි මෙරෙංචිගේ මහතා කීය.
විද්‍යුත් මෝටර් රථවල බදු අඩුකිරීම හේතුවෙන් නිසාන් ලීෆ් මෝටර් රථයක මිල රුපියල් 5,70,000 කින් පමණ අඩුවිය හැකි බවත් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ ආනයන බදු සියයට 15 කින් අඩු කිරීම නිසා එවැනි මෝටර් රථවල මිල රුපියල් 50,000 ත් 100,000 ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.adaderana.lk
