වාහන හොරු

මාස ගානක ඉදන් වාහනයක් ගන්න හොයන්නෙ. බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න තරම් වත්කමක් නැති නිසා රිකන්ඩිශන් තමයි ගන්න ඉන්නෙ.

ඉක්මන් එකේ ඇඩ් දාල තියෙන සේල් ගොඩක බැලුව. සමහරුන්ගෙ වාහන ගිනි ගණන්.

තව සමහර එවුන්ට කතා කරාම අඩු මයිලේජ් එකක් තියෙන්නෙ වාහනේ. ඕක්ශන් ග්‍රේඩ් එකත් හොදයි. ඉතින් ගන්නම කියල හිතන් කෝකටත් චැසි නම්බර් එක ගහල බලනව මේ සයිට් එකේ.

මේ ඕක්ශන් රිපෝට් කියවන්න පුරුදු උනෙත් එලකිරියෙයි බුකියෙයි ඉන්න අයගෙන්ම තමා.

https://japancarcenter.com/

මේකෙ ගැහුවම චැසි නම්බර් එක හරි නම් රිපෝට් එක තියෙනව කියල පෙන්වනව.

එහෙම නැත්නම් pakwheels.com කියල සයිට් එකක් තියෙනව. ඒකෙන් බලන්නත් පුලුවන්. බැන්කු කාඩ් එකෙන් රුපියක් එක්දහස් අටසියගානක් ගෙවන්න ඕන ඔන්ලයින්.

ඒකෙන් ඔර්ජිනල් ජපන් රිපෝට් එක එනව. ඒකෙන් බලන්න පුලුවන් වාහනේ ජපානෙ ඕක්ශන් එකට දාන කොට තිබුන තත්වෙ.

ඒ රිපෝට් දැක්කම ඇග හීතල වෙලා යනව . ස්මහර ඒවා ඇක්සිඩන්ට් වෙලා රෙපයාර් කරපුව.කාන්ඩෙම් කරපුව. මෙහෙ පෙන්වන්නෙ මීටර එක තිස් දාහ නම් සමහර ඒවා ලක්ශෙ පන්නල ජපානෙදි දුවල.

ගොඩාක් අමාරුයි විස්වාස වන්ත තැනක් හොයාගන්න. ඒ වගේම ඔයාල ලංකාවෙ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්තත් මේ වගේ සයිට් එකක ගහල බලන්න. අවුරුදු 10ක් විතර යනකන් ජපන් ඕක්ශන් රිපෝට් ඔන්ලයින් බලන්න පුලුවන්.

මේ ගැන කියල දුන්නෙත් මේ වගේ සමාජ ජාල වලින් ම තමයි. ඒකයි මේක දැම්මෙ. නැත්නම් මාත් කුනුගොඩකට අහු වෙනව.

කුනුගොඩකට අහුවෙලා කියල දැනගන්න වෙන්නෙත් කාලයක් ගියාම.