වාහන හෝ පා ගමනින් පෙළපාලි සම්පුර්ණයෙන්ම තහනම්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    53,681
    52,358
    113
    පශ්චාත් මැතිවරණ කාල සිමාවේ දී විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

    මෙම කාලය තුළ කණ්ඩායම් වශයෙන් රැස් නොවන ලෙසත්, ඒ සඳහා අවසර ලබා නොදෙන බවත් හෙතෙම පැවසිය.

    එමෙන්ම, මේ පිළිබඳව දින කිහිපයක සිට මහජනතාවට මෙලෙස දැනුම් දී තිබෙන බවත්, පොදු ස්ථානවල කණ්ඩායම් වශයෙන් රැස්ව ප්‍රතිඵල නැරඹීම සිදු නොකරන්න ලෙසත්, ඒ සඳහා ද කිසිඳු අවස්ථාවක් ලබා නොදෙන බවත්, පොලිසිය පැමිණ ඔවුන් විසුරවා හැරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

    මාර්ග බාධාක ක්‍රියාත්මක කරන අතර කැරලි මර්ධන රාජකාරි නිලධාරීන් ද යොදවා ඇති අතර ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තුරු ආරක්ෂාව සම්පුර්ණයෙන් ම ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


    පස්චාත් මැතිවරණ කාල සිමාව තුළ කිසිඳු පුද්ගලයෙකුට වාහන මඟින් හෝ පා ගමනින් පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම සතියක් ඇතුළත තහනම් වන අතර පවත්නා නීති රීතිවලට අනුගතව ජය පරාජය තුළ වගකිව යුතු පුරවැසියෙකු වශයෙන් කටයුතු කරන ලෙසද ඒ මහතා මහජනතාවට අවධාරනය කළේය.


    polime appachchi balanna yanna wenneth naha wage
     
    • Like
    • Haha
    Reactions: haunte and hariuda