වැට් වංචා කළ හම්බයෝ
වැට් වංචා කළ හම්බයෝ . මුන්ට හෙන ගහන්න එපයි බං .
වැට් බදු වංචා කළ අට දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය වසර 20 බැගින් සිර දඬුවම් නියම කළාය. ඔවුන් වංචාකළ මුදල මෙන් තුන් ගුණයක් දඩද නියම කැරිණි. විත්තිකරුවන් නොමැතිව නඩුව විභාග විය. උපයනවිට ගෙවිය යුතු (වැට්) බදු නොගෙවා වංචා කිරීමට ඉහත නම් සඳහන් ව්‍යාපාරිකයනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතමුන්ගේ සහය ලැබුණු බව නඩුවේදී කියැවිණි.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ඉන්ටපොල් සහාය ලබාගන්නා ලෙසට විනිසුරුවරිය රහස් පොලිසියට නියෝග කළාය. ඔවුන්ගේ එතෙර මෙතෙර වත්කම් රාජසන්තක කර ඇති බැවින් ඒ ගැන සොයාබලන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් කොමසාරිස් අගම්පොඩි ඥානසිරි ද සොයිසා මීට කළින් වරදකරු වි සිරගෙට නියම විය.