වැටිලා තියෙන රට ගංජා වගාවෙන් ගොඩගන්න පුළුවන් - වනවාසී රාහුල හිමි 😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,459
    8,610
    113



    ලංකාවේ ගංජා වගා කරලා අල ලූනු ගොවිතැන් කරනවා වගේ විධිමත් බවක් ඇති කරලා, නීත්‍යානුකූල අවසරයක් දුන්නොත් ණය ගොඩක හිර වෙලා ඉන්න රට ආර්ථික වශයෙන් අපිට ගොඩ ගන්න පුලු‍වන් කියන එක මා විශ්වාස කරනවා. කැමති කෙනෙක් මේවා පාවිච්චි කරයි. දැනටත් පාවිච්චි කරනවානේ. දැන් සිගරට් මේ රටේ අලෙවි කරනවානේ අපිට ඒක නතර කරන්න බෑ. කැමති කෙනෙක් බොයි අකමැති කෙනෙක් නිකං ඉඳියි. ඕකෙ ප්‍රශ්නයක් නැතැයි නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

    ජාතික නාමල් උයන පරිශ්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.


    ඇත්තටම ගංජා, මේ රටේ වවලා පිටරටට අලෙවි කිරීම තුළින් විශාල මුදලක් ලබා ගෙන ආර්ථික වශයෙන් හයියක් ලබාගන්න පුලු‍වන්. මම මේ ගැන එදත් කථා කළා. මේ ගංජා කියලා කියන්නේ මේ රටට ආර්ථික උත්පාදනයක් කරගන්න පුලු‍වන් හොඳ ප්‍රබල ආයුර්වේද ශාකයක්, අපේ රටේ භූමිය හොඳයි.

    සුද්දා මේ රටින් යන කොට ගංජා මේ රටේ තහනම් කරලා ගියේ. මේක වවන්න එපා මේක නීතී විරෝධී ක්‍රියාවක් හැටියට ගියේ සුද්දා දැන ගත්තා මේ ලංකාවේ තියෙන ගංජා තමයි ලෝකයේ ඉතා හොඳම, ප්‍රබලම ඖෂධය කියලා. මේක වවලා පිටරටට අලෙවි කරන්න පටන් ගත්තොත් එහෙම අපිට සුද්දන්ගේ වහල්ලු‍ බවට පත් වෙලා ඉන්න වෙන්නේ නෑ. අපි සිංහයෝ වගේ නැගිටිනවා. මේ රටේ මිනිස්සු හා රට නැගිටිනවා. ඒකත් එක්ක තමයි මේක එපා කියලා තියෙන්නේ.

    මේ වෙන කොට කේරළ ගංජා කියයි විවිධ ගංජා වර්ග ලංකාවට ගෙනල්ලා ඔය ඕන තරම් අල්ලනවා. බොනවා. ඒක නැති කරන්න බෑ. මේ ඉතාම වැදගත් කාලෝචිත ක්‍රියාවක් වර්තමාන ආණ්ඩුව කරපු. ගංජා වවන්න විදේශීය ආයෝජකයෝ 07 දෙනෙකුට පමණ ලබා දෙනවා කියලා මම දැක්කා සමාජ මාධ්‍යවල මේකට අවසර දෙනවා කියලා. ඒකට හොඳ නියාමනයක් කරලා, හොඳ ආරක්ෂාවක් දාලා, විධිමත් ලෙස මේක කරලා, අලෙවි කරලා මේ ණය බරෙන් මිරිකිලා ඉන්න රට ගොඩගන්න. මේක ආයෝජනයක් කරගන්න පුලු‍වන්.

    මේකේදී අපේ ආගමික නායකයෝ, ගරුතර මහා සංඝරත්නය විවිධ අය මේක විවේචනය කරන්න පුලු‍වන්, බනින්න පුලු‍වන්, නමුත් තරුණ පරම්පරාව දැන් පිටිසර ගම්වල විශාල වශයෙන් ගංජා, කුඩු පාවිච්චි කරනවා. අසීස් කියලා වර්ගයක් පාවිච්චි කරනවා. ඕන තරම් සමාජ ගත වෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය ඇත්තටම ඒවාටත් පෙරමුණ ගන්න අවශ්‍යයි.

    තායිලන්තය වගේ රටවල් ගත්තාම පැහැදිලිවම ඒ නගරවල තියෙනවා ගංජා පිටට ගිහින් බොන්න බෑ. ඇතුලේ බීලා යන්න පුලු‍වන් ලයිසන් දීලා තියෙනවා මිනිස්සුන්ට විකුණන්න. අවශ්‍යය කෙනෙක් බොයි. ඒක නීත්‍යානුකූලයි. ඉතින් මේ රටෙත් ඔය ගංජා බොන එක නතර කරන්න බෑ මම හිතන විදිහට. ඒකට නීත්‍යානුකූල බවක් ඇති කරලා විදිමත් බවක් ඇති කරලා, මිනිස්සුන්ගේ රැකියා ප්‍රශ්නය විසඳෙනවා. ඒ මිනිස්සුන්ට අතට කීයක් හරි එනවා. ලංකාවට ඩොලර් එනවා.

    මේක ආයුර්වේද ශාකයක්, ලෝකයේ තියෙන ඉතා හොඳම ගංජා වර්ගය තියෙන්නේ ලංකාවේ. ඒ නිසා ඒ පිළිබඳව වර්තමාන ආණ්ඩුව ගත්ත හොඳම ප්‍රසන්සනීය තීරණයක්. ලංකාවේ ඕක වගා කරලා අල ලූණු ගොවිතැන් කරනවා වගේ, මල් ගෝවා ගොවිතැන් කරනවා වගේ විදිමත් බවක් ඇති කරලා, නීත්‍යානුකූල අවසරයක් දුන්නොත් ණය ගොඩක හිර වෙලා ඉන්න රට ආර්ථික වශයෙන් අපිට ගොඩ ගන්න පුලු‍වන් කියන එක මා විශ්වාස කරනවා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,687
    68,051
    113
    IMG-4253.gif
    ලෝකයේ තියෙන ඉතා හොඳම ගංජා වර්ගය තියෙන්නේ ලංකාවේ
     

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    The global cannabis market was valued at $57.18 billion in 2023 and is projected to grow to $444.34 billion by 2030, with a strong annual growth rate of 34.03%. In the U.S., legal cannabis sales reached an estimated $33.6 billion in 2023 and are forecast to grow to over $45 billion in 2025, supporting nearly half a million jobs. This expansion is driven by increasing legalization, with new adult-use markets contributing significantly to sales, though competition from the black market remains a challenge in some areas