වැටි වැටී නැගිටපන්!

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
වැටි වැටී නැගිටපන්!

~~ වැටි වැටී නැගිටපන්! ~~


උඹ හිටගන්න හදනකොට
ඇදගෙන වැටේවී
මහපොලොවට
අනේක වාරයක්
ඒත් සැලෙන්නෙපා
හිතට වීරිය අරන්
ආයෙමත් නැගිටපන්


සමහරු හිනාවේවී
ගණන් ගන්නෙපා
තඹ සතේකට
උං හිතන් ඉන්නේ
කවදාවත්ම උං
වැටෙන්නේ නෑ කියලා!

ඒත් උන්ට අමතකයි
ඇවිදින්න කලින්
කීපාරක්
දණගාපු , බඩගාපු අයද
අද ඇවිදින්නේ කියලා


ඒ නිසා,
ලෝකෙම හිනා වුණත්
උඹ බය නොවී
වැටි වැටී
නැගිටපන්!


කවදාහරි උඹේම දෙපයින්
මහපොලව උඩ
හිටගෙන ඉන්න පුළුවන් වෙනකන්ම!


උඹට ජය!!
 

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
වැටෙන වැටෙන හැමවෙලෙම
හිතට දිරිය පුරවාගෙන
අපෙ දෙපයින් සිට ගත්තම
අයෙත් හැරිලා බලනකොට....
මුහුනේ ඉතිරිවෙන්නේ හිනාවක්.... :confused::confused:


ස්තුතියි හැමෝගෙම ප්‍රතිචාර වලට :D