වැටෙන් එහා

MANL

Member
Aug 10, 2013
40
7
0
වැටෙන් එහා මල් පඳුරේ
නුඹ පිපී වැනේ අත නුදුරේ
මිලින වුණත් ගණ අඳුරේ
මල් නෙලන්න නම් තහනම්

සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුළින්
සුවඳ දිදී පිපුණත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්

තෙමුණත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්
පිපුණු නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්


ඔයාලත් මේ දයාන් විතාරණ මහත්තයාගේ සින්දුව අහල ඇති නේද? අහල නැති අය පහල video එක බලන්නකෝ



මේ සින්දුවේ තේරුම මොකද කියල මම හොයනකොට හම්බ වුනා තේරුම
"ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල ලිංගික නිදහස නම් පදය තහනම් වචනයකට කිට්ටු එකකි. එය ගැන සමහරු කතා නොකරති. කථා කරන්නන් ඒ කරනුයේ අවර ගණයේ අපට නොගැලපෙන නිදහසක් ගැන හෝ මුදල් පිළිබඳ හුදු ගිජු කමින් හෝ පමණි. එබඳු පරිසරයක ගීතය සඳහා ද මෙම නියමය එලෙසින් ම වලංගු වේ. ඉතාම කලාතුරෙකින් කථා කෙරෙන මෙබඳු මාතෘකාවක් ගැන ලියැවුණු විරල ගණයේ ගීතයකි මෙය.

සුවඳ දෙන මලක් නෙළා ගන්නා ලෙස ඇරැයුම් කරයි. මෙහි දී අප දන්නා සංස්කෘතිය හා මිනිස් හැගීම් අතර ගැටීමක් ඇති වේ. මෙම ගැටුම සියුම් ලෙස නිරූපණයට ගීත රචකයා සමත්ව ඇත. සුවඳ දැනුනත්, දොර නොවසා තිබුණත්, උණු කඳුලෙන් දෙකොපුල් තෙමුණත් මල අන් සතු නිසා නෙළා ගත නොහැක. රුවැති මල ඇත්තේ අත නුදුරේමය. එය නෙළා ගැනීමද ඉතා පහසු කාර්යයකි. එලෙස නෙළා නොගන්නා මල්, (ආදරයේ හෝ රාගයේ) හිරු එළිය නොදැක ජීවන ගණ අඳුරේ මිලින වී යයි. දයාන් විතාරණ වැනි නවක ගායකයකු මෙබඳු ගීතයක් ගායනයට නිර්භය වීම ගැන ඔහුට අප උපහාරය පිදිය යුතුය. මෙම ගීතය ගයා වසර 10 කට කිට්ටු කාලයක් ගත වුවත් මෙබඳු ගීතයක් ඇති බව වත් හෝ අප ප්‍රබුද්ධ විචාරකයන් අතින් නො කියවෙන්නේ ඔවුන් මෙම මාතෘකාව ගැන දක්වන බිය නිසා දැයි සිතා ගත නොහැක."


මුලාශ්‍රය​
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    sinduwa lassanai.namuth hamooma thamanta hithena hithena de karanna giyoth nathi prashna athi wenawa.sanskruthiyak.sadaachaaraathmaka bawak api thula thibiya yuthui.e an kisiwak nisa nowa apa minisun nisaaweni.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට සින්දුව .මම හරිම ආස ගායකයෙක් සහ සින්දුවක් .හැබැයි අදහස මොකක් වුනත් .

    අනුන්ගේ මල් උයන්වල මල් නෙලන්න පෙර තමන්ගේ උයනේ තියෙන මල් වෙන කෙනෙක් :D නෙලනවට කැමතිද කියල තමන්ගේනම ඇහුවොත් හොදයි කියලයි මට හිතෙන්නේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මරුසිරා;15648375 said:
    පට්ට සින්දුව .මම හරිම ආස ගායකයෙක් සහ සින්දුවක් .හැබැයි අදහස මොකක් වුනත් .

    අනුන්ගේ මල් උයන්වල මල් නෙලන්න පෙර තමන්ගේ උයනේ තියෙන මල් වෙන කෙනෙක් :D නෙලනවට කැමතිද කියල තමන්ගේනම ඇහුවොත් හොදයි කියලයි මට හිතෙන්නේ

    සහතික ඇත්ත..:yes: