වැඩකරන ජනතාවට සහන රැසක්....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩකරන ජනතාවට සහන රැසක්....

    මී ළග පළාත්පාලන චන්දය ඉලක්ක කරගෙන වැඩකරන ජනතාවට සහන රැසක් ලබාදීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව ලක්ෂ 62 ක් වු ආදරණිය ජනතාව අතරින් මුලින්ම ඒ සදහා තොරතුරැ තාක්ෂණ ක්ෂේත්‍රයේ පිරිසක් ඉලක්ක කිරීමට අදහස් කර ඇත. ඔවුන්ගෙ අනාගත ඉරණම හොදින් දන්නා නිසා එම ක්ෂේත්‍රයේ තෝරාගත් පිරිසක් සදහා චපාති හා ඉට්ලි සහනාධාරයක් ලබාදීමට මේ වනවිට අනුමැතිය හිමි වී ඇත.
    ඒ අනුව දැනටමත් අපගේ ගම් මට්ටමේ නියෝජිතයින් වෙත ලබාදී ඇති අයදුම්පත නිසි ලෙස සම්පුර්ණ කොට පෙබරවාරි 28 දිනට පෙර අපදා කළමණාකරණ අමාත්‍යංශය වෙත එවීමට කටයුතු කරන්න...
    අයදුම්පතේ ඉහළ වම් කෙළවරේ ඔබගේ මැතකදී ලබාගත් චායාරෑපයක් අමුණන්න.. එම චායාරෑපය ලබාගැනීමේදී එක්වෙමු යනුවෙන් ඉදිරිපස සදහන් වෛවරණ කොළපැහැති ටීෂටය පැළද සිටීම අනිවාර්්‍යය වේ...
    අයදුම්පතේ ඔබගේ විස්තර නිවැරදිව සදහන් කළයුතු අතර ඔබ හින්දි බසින් අයදුම්පත සම්පුර්ණ කරන්නේ නම් එය අපගේ දත්ත පද්ධතියට සම්බන්ධව කටයුතු කරන පරිගණක ඉන්ජිනේරැවරැන්ට පහසුවක් වන අතරම ඔබගේ අයදුම්පතට ප්‍රම්‍ුඛ ස්ථානයක් හිමිවීමට එය හේතුවක් වනු ඇත.
    මෙහිදී පරිගණක උපාධියක් හිමි අයගේ පවුලේ සාමාජිකයින් සදහා ‍ඉට්ලි සහ චපාති යන දෙකම සහන ලෙස දිනපතා ලබාදෙනු ඇත. ඊට අඩු සුදුසුකමු සහිත අය සදහා ‍ඉට්ලි සහ චපාති යන දෙකින් එකක් ඔබගේ මනාපය පදිරි ලබාදේ
    . ඒ අනුව දිනපතා ඔබට අවශ්‍ය ඉට්ලි නම් I ලෙසද චපාති නම් C ලෙසද ටයිප් කර 777888 ට එස්එම් එස් කිරීම පමණි... (මෙය නොමිලේ සපයන සේවාවකි. ජාතිය නගාසිටවීමේ බද්ද පමණක් අදාළ වේ.)
    අයදුම්පතේ අවසානයේ ඇති ඇමිණුම නිසිලෙස සම්පුර්ණ කිරීමෙන් නිවාස දසලක්ෂයේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන සිමෙන්ති කොට්ට 10 ක් නොමිලේ ලබාදීමේ වැඩසටහනටද අයදුම් කල හැකක..
    මෙම වැඩසටහන ඉදිරියේදී තවත් ව්‍යාප්ත තිරීමට අදහස් කරන අතර අනාගතයේ වෛද්‍යවරැන් ඉන්ජිනේරැවන් වෙතද මෙය ලබාදීමට අපේක්ෂා කරයි...
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඡන්දෙ ඉලක්ක කරගෙන තමයි මේ දවස් වල පඩයක් ඇරියත් යවන්නෙ. විමසිල්ලෙන් හිටියොත් තේරෙයි:(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඡන්දෙ ඉලක්ක කරගෙන තමයි මේ දවස් වල පඩයක් ඇරියත් යවන්නෙ. විමසිල්ලෙන් හිටියොත් තේරෙයි:(

    :cool::cool::cool:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    avatar476659_66.gif