වැඩකරන තැන ඉන්න අසහනකාරයන්ගේ ගැලවෙන්නේ ක

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    වැඩකරන තැන ඉන්න අසහනකාරයන්ගේ ගැලවෙන්නේ ක

    අද වෙනකොට කාන්තාවන් බහුතරයක් ආදායම් මාර්ගයක් වෙනුවෙන් වෘත්තීයක යෙදෙන තත්වයට සමාජය සංවර්ධනය වෙලා. ඒ නිසා බොහොමයක් ආයතනවල වැඩි පිරිසක් ඉන්නේ කාන්තාවන්.
    එහෙම ආයතනවල කාන්තාවන්ට තිබෙන පොදු ප්‍රශ්නයක් තමයි ‘අසහනකාරයෝ’ කියන්නේ. නමින්ම තේරෙනවා ඇති මේක පුරුෂ පාර්ශවයට පොදු කාරණයක් විතරක් නෙවෙයි කියන එක. කාන්තාවන් පවා ඉන්නවා විවිධ අසහනකාරී ආකල්ප තියන.

    රැකියාව හොඳින් කරගෙන ඉදිරියට යන්නනම් මේ වගේ අසහනකාරී මානසිකත්වයන්ගෙන් ඉන්න පුද්ගලයෙන්ගෙන් ගැලවෙන්නම වෙනවා. අපි කතා කරලා බලමු ඒක කරන්නෙ කොහොමද කියලා. මේ ලියවෙන කරුණු ඔබේ වෘත්තිය ජීවිතය සාර්ථක කරගන්න වැදගත් වේවි.

    ලිංගික අසහනකාරයෝ

    බොහොම ආයතනවල මෙහෙම අය ඉන්නවා. පිරිමි වගේම කාන්තාවන්. විවිධ ලිංගික ආශාවන් ඇති, ලිංගික වශයෙන් අතෘප්තිදායක ජීවිතයක් ගතකරන, විකෘති ආශාවන් ඇති මේ වගේ සගයන් නිසා ආයතනවල ඉන්න ඇතැම් කාන්තාවන්ට කරදර සිද්ධ වෙනවා. මෙහෙම පුද්ගලයන් හඳුනගෙන ඔවුන් එක්ක තරහ ඇතිනොවෙන විදිහට අතේ දුරින් ආශ්‍රය කරන එක තමයි වඩාත්ම වැදගත්.

    හොඳම දේ මේ වගේ අය එක්ක තබාගන්න ගණුදෙනු රාජකාරී ගණුදෙනු පමණක් කරගැනීම. ඒ වගේම කාන්තාවන්ගේත් තියන අඩුවක් තමයි ඇතැම් කාන්තාවන් තමන්ගේ වැඩ පහසු කරගන්න, කෙටි මාර්ගවලින් ගොඩයන්න මේ වගේ අසහනකාරී සගයන්ගෙන් උදව්ගන්න තමන්ගේ රූප ස්වභාවය, ගතිලක්ෂණ භාවිතා කිරීම. කොටින්ම කිව්වොත් මෙන්න මේක නිසා තමයි ගොඩක් අය ගෝනි නැතිවම කරේ යන්න එන්නේ. ඒ නිසා එහෙම නොකර තමන්ගේ පාඩුවේ ඉදිරියට යන්න උත්සහ කරද්දි ලිංගික අසහනකාරීන්ගෙන් ගැලවෙන්න පුළුවන්.

    බල අසහනකාරයෝ

    විශේෂයෙන්ම මෙහෙම අය උත්සහ කරන්නේ අනිත් අය පාගාගෙන, පෙරලාගෙන වෘත්තිය බලය අත්පත් කරගන්න. බොස්ලාගෙන් ලකුණු දාගන්න අනිත් සගයන් පෙලීම, කේලාම් කීම, අපහසුතාවයට පත්කිරීම, නැති වැරදි වලට පැටලවීම වගේ දේවල් කරලා මේ අසහනකාරී කණ්ඩායම උත්සහ කරනවා බලය අත්පත් කරගන්න.

    මෙහෙම අය එක්ක වැඩකරන්න වෙන්නේ බොහොම පරිස්සමෙන්, ඉවසීමෙන් සහ උපායශීලීවයි. මෙහෙම බලය සම්බන්ධයෙන් අසහනයෙන් පසුවන අයගේ පොදු ලක්ෂණයක් තමයි පීඩනකාරී ජීවන රටාව සහ වෘත්තීයට අවධානය අඩුවීම. එහෙම තැන් අඳුනගෙන කටයුතු කරන එක ඔබේ පැවැත්මට කොහොමත් හොඳයි. මොකද ඔවුන් ඔබට පහරදෙන්න හෝ වට්ටන්න එනවනම් ඔබටත් සිද්ධ වෙනවා ඔවුන්ගේ සංවේදීම නිලයක් බලලා පහර දෙන්න.

    සල්ලි අසහනකාරයෝ

    ඕනම ආයතනයක ඉන්නවා සල්ලි පස්සේ විකාරෙන් වගේ දුවන අසහනකාරයෝ ටිකක්. ලෝන් හොය හොය යන, හැමදාම ඔබෙන් ඇවිත් පස්සෙ දෙන්නම් කියලා ගාණක් කඩාගෙන යන සහ පස්සේ එහෙම ගත්තද කියලවත් මතක නැති අය, ඒ වගේම සල්ලි වෙනුවෙන් ඕනම පහත් වැඩක් කරන අය. මෙහෙම වෘත්තිය සගයන්ගේ ලොකුම දුර්වලතාවයත් සල්ලි තමයි. නමුත් ඔබේ දුර්වලතාවය මුදල් නොවෙන තාක්කල් ඔවුන් එක්ක පහසුවෙන් වැඩකරන්න ඔබට පුළුවන්. හොඳම දේ ඔවුන්ට ඔබව සූරාකන්න සහ වෙන කෙනෙක්ගේ මුදල්වලට යටවෙලා ඔබට පහරදෙන්න තියන මාර්ග අවහිර කරන එක.

    ෆැෂන් අසහනකාරයෝ

    තවත් අසහනකාරයෝ පිරිසක් ඉන්නවා ඒ තමයි ෆැෂන් ගැන පිස්සුවෙන් කටයුතු කරන සහ අනිත් අයගේ විලාසිතා වලට අපහාස උපහාස කරන අය. මේ අසහනකාරයන්ගෙන් ඇතැම් අය වැටුපෙන් ඉතා විශාල මුදලක් ෆැෂන් වලට වියදම් කරලා රස්සාවට එන සහ චාම් සරල විදිහට රස්සාවට එන ඔබට අපහාස උපහාස කරන අය. මේ අය නිසා බොහෝ විට ඔබේ මානසිකත්වය බිඳවැටෙන්න පුළුවන්.

    තවත් පිරිසක් ඉන්නවා තමන් නොගලපෙන විලාසිතාවලින් සැරසිලා පාඩුවේ ඉන්න ඔබේ සරල හෝ ඔබ කැමති විලාසිතාවලට අපහාස කරන අය. මේ අසහනකාරයින් වැඩි පිරිසක් කාන්තාවන්ම තමයි. දවස පුරාම වැඩ රාජකාරී පැත්තක දාලා කරන්නේ ෆැෂන්ම තමයි. මෙහෙම අයගෙන් ආයතනයට සත පහක වැඩක් නෑ. ඒ නිසා මෙහෙම අය නොසලකා, ඔවුන්ගේ වචන වලට ඔලුව අවුල් කරගන්නේ නැතිව ඔබේ විලාසිතා ඔබට හොඳයි කියලා හිතාගෙන ඉන්න තරමට පහසුයි.

    මේ කියන තරම් ලේසියෙන් මේ අසහනකාරයන් manage කරගන්න ලේසි නෑ. මහාචාර්ය රොබින්සන්ගේ ආයතනික වටපිටාව කළමනාකරණය ගැන ලියවුනු පොත්වල පවා මේ ගැන බොහොම ගැඹුරින් කතාකරනවා. හැබැයි ඔහු කියපු වැදගත්ම කතාවක් තමයි ‘වඩාත්ම වැදගත් වෙන්නේ ඔබ වැඩකරන්නේ රැකියාවක් වෙනුවෙන් බවත්, ඒ ක්‍රියාවලියේ ප්‍රධානියා සහ තීරකයා ඔබම බවත් මතකයේ තබාගන්න’ කියන එකයි. ඒ නිසා මේ අසහනකාරයින් කොච්චර කරදරයක් වුනත් ඔවුන් අතෑරලා යන්නවත්, ඔවුන් අමතක කරලා පැත්තකට දාලා ඔබගේ රැකියාව කරන්නත් ඔබට බෑ.

    ඒක නිසා ඔවුන් පුළුවන් උපරිමයෙන් කළමනාකරණය කරගෙන වැඩකරන එක තමයි ඔබේ සාර්ථකත්වය.

    උපුටා ගැනීම -https://www.her.lk/life-style/612-2018-05-11-04-00-55