වැඩිය හොඳ කෝකද?
එඩ්වඩ් චන්ද්‍රසිරි
හරස් ප්‍රශ්න
එය දික්කසාද නඩුවකි. වසන්තා එහි පැමිණිලිකාරිය වූවාය. ඇය පැමිණිලි කූඩුවේ සිටියදී විත්තියේ නීතිඥ උපාලි ඉතා තියුණු ස්වරයකින්, එම නඩුවට අදාළ නොවන වැල්වටාරම් රැසක් ඇගෙන් ඇසුවේ ඇය වෙහෙසට පත්කොට තම සේවාදායකයා හට වාසියක් අත්කරදීමේ අපේක්ෂාවෙනි.
‘යුෂ්මතියට අනුව මගේ සේවා දායකයා කිසිම කමකට නැති, නිකමෙක්. තමන්ගෙ බිරිඳට ස්වාමිපුරුෂයකුගේ යුතුකම් ඉටු නොකරන, වැදගැම්මකට නැති පුරුෂයෙක්. ඒ වගේම ඔහු සල්ලාලයෙක්. බේබද්දෙක්. සතයක්වත් උපයන්නේ නැතිවුණාට නිකරුණේ වියදම් කරන නාස්තිකාරයෙක්. තමා වගෙ කරුණු කාරණා තේරෙන බුද්ධිමත් නෝනා මහත්මියක් තම ස්වාමිපුරුෂයා විදියට මේ වගෙ කෙනෙක් තෝරා ගත්තේ මක්නිසාද?’ නීතිඥ උපාලි සෝපාහාස ලීලාවකින් ප්‍රශ්න කළේය.
‘මට අපේ ගෙදරින් විවාහ යෝජනා දෙකක් ගෙනාවා. ඉන් එක් කෙනෙක් ප්‍රසිද්ධ නීතිඥයෙක්. අනෙක් තැනැත්තා මේ විත්තිකාර මනෝ. කොයි තරම් අඩුපාඩු තිබුණත් නීතිඥයාට වඩා මනෝ හොඳයි කියල මට හිතුණා.’ පැමිණිලිකාර වසන්තා කීවාය.

වැඩිය හොඳ කෝකද?
’කොහොමද සර්, නාට්‍යය හොඳද?’ තම වේදිකා නාට්‍යයේ මංගල දැක්ම නිමාවී තිරය වසා නැවත විවෘත කිරීමත් සමඟම වේදිකාවට ගොඩවී තමා වෙත ආ මහඇදුරුතුමා ගෙන් ඉන්දික ඇසුවේ ළෙන්ගතු සිනාවක් පාමින් ඔහු ගෞරවයෙන් පිළිගනිමිනි.
‘නාට්‍යය හොඳයි.. හැබැයි මේක නොකළා නම් මීට වැඩිය හොඳයි’ මහඇදුරුතුමා කට කොනකට සිනාවක් නඟමින් කීවේය.

ව්‍යාපාරික උපක්‍රම
‘තමුසෙ මොකද අර මනුස්සයට ඉස්ටෝරුවේ කම්කරු රස්සාවක් දීලා මිනිහට වඩා අඩු සුදුසුකම් තියෙන එයාගෙ පවුලව වැඩ පරිපාලකවරිය විදියට පත්කළේ?’ චමිල ඇසුවේ තම මිතුරු ලලිත්ගේ සමාගමේ සම්මුඛ පරීක්ෂණයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
‘ඔය දෙන්නා පදිංචි වෙලා ඉන්නෙ අපේ ලේන් එකේම පල්ලෙහා පොඩි ගෙදරක. මම දැකල තියෙනවා ඔය ගෑනි මිනිහගෙන් වැඩ ගන්න හැටි’ ලලිත් කීවේ සිනාසෙමිනි.

සින්දු කාමරය
මාධවගේ නිවෙසට ගිය ඉෂාර ඔහු පැමිණෙන තෙක් සාලයේ වාඩිවී සිටියේය. එම නිවෙසේ නාන කාමරය පිහිටා තිබුණේ සාලයට යාබදවය. මාධවගේ පියා පැමිණ නාන කාමරයට ඇතුළු වී පයිප්පය හැර සින්දුවක් කියන්නට පටන් ගත්තේය. ඔහු තුවාය ද කරේ දමාගෙන ඉන් පිටවෙද්දී මාධවගේ මව නාන කාමරයට රිංගා ගත්තාය.
ඇයද සින්දුවක් කියන්නට පටන් ගත්තාය. ඉන්පසුව පිළිවෙළින් නාන කාමරයට පිවිසි මාධවගේ අයියා ද, අක්කා ද සින්දු කියමින් නානවා ඉෂාරට ඇසුණි.
ඔහු ඉමහත් කුතුහලයකින් විපිළිසරව සිටියදී මාධව තේ බන්දේසියක් රැගෙන ඔහු වෙත ආවේය.
‘හරි පුදුමයිනෙ බං. උඹලගෙ ගෙදර හැමෝම නාන කාමරේ ඉන්නේ සින්දු කියාගත්ත ගමන්නෙ. මොකද ඒ?’ ඉෂාර ඇසුවේ තම කුහුල සන්සිඳුවා ගැනීමේ අදහසිනි.
‘ඒකෙ ඇති පුදුමයක් නෑ. උඹ අපේ නාන කාමරේට ගියොත් උඹටත් අනිවාර්යයෙන්ම සින්දුවක් කියන්ඩ වෙනවා.’ මාධව සිනාසෙමින් කීවේය.
‘ඒ මොකද ඒ?’ ඉෂාර පුදුමයෙන් ඇසීය.
අපේ නාන කාමරේ දොරක් නැහැනෙ බං.’ මාධව සිනාවෙන්ම පිළිතුරු දුන්නේය.