වැඩිහිටියන්ට සුදුසු Playboy දැන් ලංකාවටත්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    වැඩිහිටියන්ට සුදුසු Playboy දැන් ලංකාවටත්

    playboy-may-10.jpg


    වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් විදියට නම්වුනු Playboy සඟරාව ගැන දැන්කාලේ නොදන්න කෙනෙක් නැති තරම්. මොකද මේ වෙන විට එම සඟරාවෙන් එළිදැක්වූ නිරූපිකාවන්ගේ පුවත් ලෝකයේ පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වුනු නිසා.

    කෙසේ නමුත් මෙම සඟරාව ආසියානු රටවල්වලට නම් අලෙවි වුනේ නෑ. ඒ කියන්නේ ආසියානු රටවල්වල වෙළඳපලට නිකුත්වෙලා තිබුණේ නෑ.


    නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අලුත්ම පුවතකට අනුව ශ්‍රී ලංකාව ඇතුළු තවත් ආසියානු රටවල් කීපයකට මේ වන කොට Playboy සඟරාවේ ඡායාරූප හා වීඩියෝ ජංගම දුරකථන යෙදුමක් (App) හරහා ලබාගැනීමේ හැකියාව ලැබිලා තියෙනවලු.

    Shemaroo Entertainment ආයතනය හරහා Playboy Enterprises විසින් මේ ආකාරයෙන් නිකුත් කරණු ලබන වීඩියෝ හා ඡායාරූප ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල් වල බෙදා හැරීමට නියමිතව තිබේ.

    Shemaroo Entertainment ආයතනය විසින් Playboy සඟරාවේ වීඩියෝ හා ඡායාරූප මෙන්ම විවිධ ජංගම දුරකථන ක්‍රීඩාද හඳුන්වාදීමට නියමිතව තිබෙන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
     
    • Like
    Reactions: NisalPerera