වැඩේ හෙමිහිට යටින් යනවා 😂

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    Paka

    කිංග්ස්බරි හෝටලය පිහිටි ඉඩම අක්කර 5.5 යි
    . කාර් පාර්ක් එක අක්කරයයි. හෝටලය අක්කර හතර හමාරයි.
    හරියටම කොළඹ හදවතේ තියෙන, වටිනාම වාණිජ ඉඩමක්.

    කිංග්ස්බරි වත්මන් හිමිකරුවා ධම්මික පෙරේරා. ධම්මික ඔහු වෙනුවෙන් හෝටලයේ පාලනාධිකාරියට පත් කර තිබෙන්නේ මොහාන් පණ්ඩිතගේ.
    නමුත් මේ ඉඩම අයිති රජයට. හෝටලය පවත්වාගෙන යන්න හෝටල් කළමණාකාරීත්වය ආණ්ඩුවට වාර්ෂික බදු මුදලක් ගෙවිය යුතුයි.

    මෙතෙක් ගෙවූ මුදල අක්කර පහ හමාරටම, අවුරුද්දටම රුපියල් මිලියන දෙකයි. (ලක්ෂ විස්සයි)

    විශ්වාස කිරීමට අපහසු වූවත් ඒ තමයි සැබැවින්ම ඔවුන් කිංග්ස්බරි හෝටලය පිහිටි ඉඩම වෙනුවෙන් ගෙවූ වාර්ෂික කුළී මුදල.

    අක්කරයක් වෙනුවෙන් මාසිකව, රුපියල් තිස්තුන්දාහයි.



    මේ මුදලට කොළඹ 1, හොඳම තැනක අක්කරයක් තබා ග්‍රාමීය ප්‍රදේශයකවත් ඉඩමක් කුළියට ගන්න පුලුවන්ද ?
    ධම්මික පෙරේරා ලා කියන්නේ සැබෑ ව්‍යාපාරිකයො නෙවෙයි ක්‍රොනි කැපිටලිස්ට්ලා කියලා මම හැමදාම කියන්නේ ඒකයි.
    හරීන් සංචාරක ඇමති වෙලා ඉන්න කාලේ ගහපු ගිවිසුම අනුව මේ මුදල, 2026 වසරේ සිට බලපැවැත්වෙන පරිදි වසරකට රුපියල් මිලියන පහක් දක්වා වැඩි කළා.
    ඒ රුපියල් මිලියන 2 ක විහිලු සහගත මුදලට එරෙහිව සමාජ විරෝධයක් පහසුවෙන්ම ගොඩනැගිය හැකි නිසා.
    ඒ මිලියන පහ වුනත් ධම්මික සහ හරීන් දෙදෙනාම එකඟ වූ මුදල මිසෙක, ඉඩමේ සැබෑ වාණිජ වටිනාකම නෙවෙයි.
    පහුගිය දවසක රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මේ ඉඩමේ වාර්ශික කුළී මුදල ගණනය කළා.
    මුදල රුපියල් මිලියන 325 යි. එනම් වාර්ශිකව රුපියල් කෝටි 32.5 ක් මේ ඉඩම සඳහා සැබෑ ලෙසින් බදු ගෙවිය යුතුයි.
    නමුත් ධම්මික ලා මේ මුදල ගෙවීමට කැමති නැහැ.
    දැන් මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ.
    ආණ්ඩුව වෙනුවෙන් රජයේ නිළධාරීන් සහ ඇතැම් ඇමතිවරු මේ සාකච්ඡා වලට සහභාගී වෙනවා.
    කිංග්ස්බරි හෝටලය වෙනුවෙන් සාකච්ඡා වලට සහභාගී වෙන්නේ කවුද දන්නවද ?

    මොහාන් පණ්ඩිතගේ සහ සරත් ගණේගොඩ.

    ඔව්! ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගණේගොඩ.
    මහජන බදු මුදල් වැඩිපුරම වෙන් කරන, වැඩිපුරම පාඩු ලබන, මහජන බදු මුදල් කෝටි ගණනින් ගිලින රජයේ ව්‍යාපාරයේ, රජය පට්ජ් කළ සභාපතිවරයා, ධම්මික පෙරේරා වෙනුවෙන් ආණ්ඩුව එක්ක සාකච්ඡා කරන්නත් එනවා.
    මොන ලැජ්ජ නැති වැඩද ?

    මේ සරත් ගණේගොඩගේ පක්ෂපාතීත්වය පවතින්නේ ධම්මිකට මිසෙක රජයට නොවන බව හොඳින්ම පෙනෙනා තැනක්.
    ඒ වගේම දැන් දිනපතාම කිංග්ස්බරි හෝටලයේ රාජ්‍ය නිළධාරීන්ට, ඇමතිවරුන්ට පාර්ටි තියෙනවා.
    විශේෂයෙන්ම හෝටලයේ VIP Suite එකක් තියෙනවා. ඒක වෙන් කරලා තියෙන්නේ මොහාන් පණ්ඩිතගේට.
    මොහාන් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ගෙන්නන්නේ මේ ස්විට් එකට.
    ඒ ස්විට් එකට කෙළින්ම කිංග්ස්බරි බැක් ඩෝ එකකින් ඇක්සස් තියෙනවා.

    මොහාන් මේ කට්ටියට කියුබන් සිගාර් , කොංඥැක් බොන්න දෙනවා. බ්‍රැන්ඩි වීදුරුවට, සිගාර් එකට මේ නියෝජ්‍ය ඇමතිලා මොහාන් ඉස්සරහා දිය වෙනවා.
    දැනටම රජයේ තක්සේරුකරුගේ රුපියල් මිලියන 325 වෙනුවට රුපියල් මිලියන පහකට, කිංග්ස්බරි ඉඩම ධම්මිකට දෙන්න මේ ඇමතිවරුවම සෑහෙන මහන්සි වෙනවා.

    ඒ අනුව ඉදිරියේ දී මේ ගණුදෙනුව තීරණය වීමට නියමිතයි.
    ඇමතිවරුන්ට බොන්න දිලා, සිගාර් දීලා මේ ගණුදෙනුව ධම්මික මිලියන පහකට කළොත් අවුරුද්දකට රටට පාඩුව රුපියල් මිලියන 320 යි. කෝටි 32 යි.
    කොහොමද ගැහිල්ල ?


    Comments


    ඔය මොහාන් පණ්ඩිතගේ තමයි ධම්මිකගේ රතුපස්වලට වැලිවේරියේ වතුරට විෂ කාන්දු කරපු ෆැක්ටරියේ සිද්දිය යට ගහන්න වැඩ කරපු කෙනා . සල්ලි විශාල ලෙස වියදම් කළා සිද්දිය යට ගහන්න. JVP එකම එතකොට ධම්මිකගේ සාක්කුවේ ,මහින්දට 2015 ගෙදර යන්න වුනු ප්‍රදානම හේතුවක් රතු පස්වල් විෂ ෆැක්ටරියේ විෂ වතුරට හොරෙන් නිදහස් කරලා ඇතිවුණු විනාශය
    2015 අලුත් ආණ්ඩුව ඇවිල්ලා සිද්දිය ධම්මිකගේ සල්ලි වලට සිද්දියට ගානට යට ගැහැවුවා මිනිස්සු පැරදුනා

    Copied
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ධම්මික පෙරේරා ලා කියන්නේ සැබෑ ව්‍යාපාරිකයො නෙවෙයි ක්‍රොනි කැපිටලිස්ට්ලා

    දම්මික විතරක් නෙවයි ඔය උඹල දක්ෂ සාර්ථක වියාපරිකයෝ කියන ඔක්කොම වගේ මේ වගේ උන්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    ලංකාවේ කොහොමත් ධනපති පන්තියක් නෑ මොකද අපි තාම ධනවාදෙට සම්පුර්නෙන් පරිවර්තනය උන රටක් නෙමෙයි. අපේ ලංකාවේ උඩ ඉන්න උන් බහුතරයක් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් කැපිටල් එක ගත්ත උන්. අපි තාම බාගෙට ඉන්නෙ ඒ ආර්ථික ක්‍රමේ. උදාහරනෙකට තේ වතු තියෙන උන් බහුතරයක් අලුත් මැෂින් දාල වැඩ ගන්න කැමති නෑ ඒවට වියදම් වෙනව කියල