වැඳිරියන්ට ලූප් දැමීම අරඹයි…🐒🐒🐒 🐵

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,606
    113
    baby-monkey-embracing-mum-sri-lanka-v0-j09g24rs64vb1.jpg


    වැඳිරියන්ගේ ගැබ් ගැනීම සාර්ථකව වැළැක්වීම සඳහා ගර්භාෂය තුළ සවි කරන කුඩා ප්‍රමාණයේ ලූපයක් පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සැප්තැම්බර් මාසයේදී මඩකලපුවේදී ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

    වැඳිරියන්ගේ ගර්භාෂය තුළ සවි කිරීමට පළමු ලූපය වර්ගය පිළිබඳව මූලික අධ්‍යන වලින් පසුව, වෙනස් ලූප වර්ගයක් අත්හදා බැලීම් කළ බවත්, එමඟින් 60%ක සාර්ථකත්වයක් ලබාගත් බවත් ඔහු Daily Mirror පුවත්පතට පවසා ඇත.

    “එම පරීක්ෂණයේදී, අපි වැඳිරියන් පස් දෙනෙකුගේ ශරීරයට ලූප සවි කළා. නමුත් ඉන් ඉතිරි වුණේ තුනක් පමණයි. වැඳිරියන්ගේ ඇතැම් ශාරීරික තත්ත්වයන් නිසා ලූප දෙකක් ශරීරයෙන් ඉවත් වුණා,” මහාචාර්ය දංගොල්ල පැහැදිලි කළේය.

    මුලදී, මෙම කණ්ඩායම විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද කුඩා ප්‍රමාණයේ සාමාන්‍ ලූපයක් භාවිතා කර ඇත. ඉන් පසුව, තවත් ලූපයක් ද ඉන්දියාවෙන් ගෙන්වාගෙන පරීක්ෂා කර තිබේ.

    මහාචාර්යවරයා පැවසුවේ, මෑතකදී, තුන්වන ලූපයේ සැලසුම දේශීය නිෂ්පාදකයෙකුට භාර දුන් බවයි. ඉදිරියේදී පැවැත්වෙන ක්ෂේත්‍ර පරීක්ෂණයෙන්, සැප්තැම්බර් මාසයේදී මඩකලපුවේදී වැඳිරියන්ගේ ශරීරයට සවි කරනු ලබන මෙම පළමු දේශීයව නිර්මාණය කරන ලද ලූපය පිළිබඳව අවධානය යොමු කරනු ඇත.
     
    • Haha
    Reactions: Asmodeus

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,929
    113
    රිලවුන්ට ලූප් දැමීම ගම්මට්ටමේ NPP ශාඛා කමිටු වලට වගකීම් පැවරෙනු ඇති අතර රිලවුන්ට පසුපස පන්න ලූප් එලීම සිදිවීමට නියමිතයි
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,015
    113
    රිලවුන්ට ලූප් දැමීම ගම්මට්ටමේ NPP ශාඛා කමිටු වලට වගකීම් පැවරෙනු ඇති අතර රිලවුන්ට පසුපස පන්න ලූප් එලීම සිදිවීමට නියමිතයි
    ita kalin narakada meke inna jeoppange bijja pauwa nam loop ona na
    ඔය මෝඩ ජෝක් හොඳයි මොලේ මැරිච්ච බයියොන්ට. නිර්මාණශීලි වෙයල්ලා මේ මොන ගොං පාට්ද?