වැරදුණේ කොතනද ?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වැරදුණේ කොතනද ?

    අවසන් තරගයේ අපට වැරදුණේ කොතනද ?

    2332_1AC.jpg


    ලකුණු 274 ක් වැනි විශාල ලකුණු ගණනක් ලබාගත්තද ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වීමට හේතුවූ තීරණාත්මක කරුණු පිළිබඳව කණ්ඩායමේ ක්‍රීඩකයින් අදහස් දක්වයි.

    ඊයේ බොම්බායේ වැන්කඩේ ක්‍රීඩාංගනයට රැස්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සඵල කරමින් වසර 28 කට පසුව ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානය දිනාගත් අතර අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ක්‍රීඩකයින් අවසාන මහා තරගය පරාජයවීම පිළිබඳව අදහස් දැක්වීය.

    මෙහිදී, නායක කුමාර් සංගක්කාර පැවසුවේ තමා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ආඩම්බර වන බවත් සියළු ක්‍රීඩකයින් මෙම කුසලානය දිනා ගැනීම උදෙසා කැපවීමෙන් හා උනන්දුවෙන් ක්‍රීඩා කළත් ඊයේ දිනයේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා හොඳින් ක්‍රීඩාකළ නිසා ඔවුන් ලෝක ශූරයින් වූ බවයි.

    ලකුණු 274 ක් යනු තරගයක් ජයගත හැකි විශාල ලකුණු ගණනක් නමුත් විරේන්ද්‍ර ෂෙවාග්ගේ හා සචින් තෙන්ඩුල්කාර්ගේ කඩුල්ල දවාගත් පසුව ඉන්දීය කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට පන්දු යවන්නන්ට හා පන්දු රකින්නන්ට නොහැකිවීම නිසාත් ගෞතම් ගාම්බීර්ගේ හා මහේන්ද්‍ර සිං දෝණිගේ ප්‍රබල පිති ප්‍රහාරයත් ලංකාවට ජයග්‍රහණය අහිමි කළබව සංගක්කාර සඳහන් කළේය.

    මීට පෙර, ඉතාමත් හොඳට තිබූ කණ්ඩායමේ පන්දු රැකීම හා පන්දු යැවීම ඊයේ දිනයේ දුර්වල වීම මෙම පරාජයට හේතුව බව ශ්‍රී ලංකා නායකයා පැවසීය.

    ලෝක කුසලාන තරග දෙකක අවසන් මහා තරගයට පැමිණ අනුශූරයන් වීම පිළිබඳව තමාට පුද්ගලිකව කණගාටුවක් තිබෙන බවත් ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ අවසානය තෙක් පන්දුවට පහරදීමේ වගකීම තමා භාරගත් බවත් මෙහිදී අදහස් දක්වමින් ඊයේ අනගි ශතකයක් ලබාගත් මහේල ජයවර්ධන සඳහන් කළේය.

    ඉන්දීය කණ්ඩායම ලංකාවට වඩා හොඳින් ක්‍රීඩා කිරීම මෙම පරාජයට හේතුව බව අවධාරණය කළ මහේල පැවසුවේ 2015 දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට තමා සහභාගීවේදැයි නිශ්චිතවම කිව නොහැකි බවයි.

    මෙවර ලෝක කුසලානය ලංකාව ජයගත්තා නම් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වන්නට අවස්ථාව තිබී එය අහිමිවූ තිලකරත්න ඩිල්ෂාන් පැවසුවේ ඊයේ ඉන්දියාව හොඳින් තරග කළා මෙන්ම වාසනාවද ඔවුන් සතුවූ බවයි.

    තමාගේ අත් ආවරණයේ වැදුණු පන්දුව කඩුල්ලේ වැදී ඊයේ තමා දැවී ගියේත් තමා යැවූ පන්දුවක් මහේන්ද්‍ර සිං දෝණිගේ කඩුල්ලේ ගෑවී නොගෑවී ඔහු බේරුණෙත් ඔවුන්ගේ වාසනාව නිසා බවත් දෝණි ඒ අවස්ථාවේදී දැවී ගියා නම් ප්‍රතිඵලය වෙනස් වන්නට තිබුණු බවත් හෙතෙම කීය.

    තමාට පන්දුවෙන් සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකිවීමද අවසාන තරගයේ පරාජයට හේතුවක් බව මෙහිදී අදහස් දක්වමින් ලසිත් මාලිංග පැවසූ අතර පන්දුවේ පැවති තෙත බරිත ස්වභාවය නිසා සුපුරුදු යෝකර් පන්දුව යැවීමට නොහැකිවූ බව කීය.

    සෑම පන්දු යවන්නෙකුම හොඳින් පන්දු යැවීමට උත්සාහ කළත් පන්දුවේ තෙත බරිත ස්වභාවය නිසා පන්දුව දෝලනය කිරීමට අනිකුත් පන්දු යවන්නන්ටද නොහැකි වූ බව මාලිංග වැඩිදුරටත් සඳහන් කළේය.
     

    Similar threads