වැරැදි තීන්දු දෙන විනිසුරන් අපායට වරාවැව

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    වැරැදි තීන්දු දෙන විනිසුරන් අපායට වරාවැව

    වැරැදි තීන්දු දෙන විනිසුරන් අපායට
    වරාවැව විනිසුරු බුදු දහමේ අගය කියයි
    2012 ජනවාරි මස 10 22:08:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


    කිසිවකු පිනවීම සඳහා හෝ කිසිවකු කෙරෙහි ද්වේෂයෙන් නඩු තීන්දු නොදිය යුතු යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව අද ප‍්‍රකාශ කෙළේය.තමා හැමවිටම තීන්දු දෙනුයේ ඡන්ද, ද්වේෂ, භය, මෝහ යන සතර අගතිවලින් තොරව බවත් වැරැදි තීන්දු දෙන විනිසුරුවරුන් අපාගත වන බවත් විනිසුරු සඳහන් කළේය.සරත් ෆොන්සේකා හිටපු යුද හමුදාපති නිවැරැදිකරු යැයි සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ වරාවැව විනිසුරුවරයාය. අද නඩු තීන්දුවෙන් දෙහිවල ව්‍යාපාරිකයකුට හා ත‍්‍රිරෝද රථ රියැදුරකුට මරණ දඬුවම නියම විය.දෙහිවල හාමර් පෙදෙසේ ඉඩම් කැබැල්ලක් අයිතිකර ගැනීමේ අරමුණින් එකම පවුලේ තිදෙනකු 2003දී මරා දැමූ දෙහිවල ව්‍යාපාරික හැරිසන් ජයවීරට සහ ත‍්‍රිරෝද රියැදුරු කේ.ඩබ්ලිව්.ඒ. සුනිල් ශාන්තට මරණ දඬුවම නියම කෙරිණි.ඔවුන් දෙදෙනා ඔස්ටින් චාල්ස් ෆැන්ක්ලීන් හාමර් - 79 (පියා), ඞීමර් හාමර් 31 (පුතා), ඬේසි ඈන් මැක්ලින් හාමර් 29 (දියණිය) මරා දැමූ බව නඩුවේදී ඔප්පු විය.වසර 28ක තම විනිසුරු දිවියේදී 40,000ක් පමණ නඩු විභාග කර ඇති බවත් මේ තුන් මිනී මැරුම ලංකා ඉතිහාසයේ අමානුෂික ඝාතනයක් බව විනිසුරු වරාවැව මහතා සඳහන් කළේය.තමා තීන්දු දුන්නේ දෙවියන් බුදුන් ඉදිරියේදී පවා කෙලින් සිටගත හැකි අයුරින් යැයිද තම නඩු තීන්දු සියල්ල බුදු දහමට අනුකූල යැයිද විනිසුරු අවධාරණය කළේය.වරාවැව විනිසුරු පක්ෂග‍්‍රාහී බවද මුලසිටම තමා වැරැදිකරු කිරීමට ක‍්‍රියාකළ බවද පෝරකයට නියම වූ ව්‍යාපාරිකයා විත්තිකූඩුවේදී කීවේය.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මුන්ගේ තීන්දු..............
    0002068A.gif

     
    Dec 29, 2011
    151
    17
    0
    වැරදි කරන විනිසුරුවරුන් අපායට යැවීමත් මගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රජයේ සියලුම ඇමති වරුන් හා මන්ත්‍රී වරුන් සැලසුම් කර පාර්ලිමෙන්තුවේ පනතක් මගින් සම්මත කර රටේ ජනතාවට දුන් තිළිණයකි.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මහින්ද;11823619 said:
    වැරදි කරන විනිසුරුවරුන් අපායට යැවීමත් මගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රජයේ සියලුම ඇමති වරුන් හා මන්ත්‍රී වරුන් සැලසුම් කර පාර්ලිමෙන්තුවේ පනතක් මගින් සම්මත කර රටේ ජනතාවට දුන් තිළිණයකි.

    ubata therila hodata:rofl: