වැරැදි තීන්දු දෙන විනිසුරන් අපායට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැරැදි තීන්දු දෙන විනිසුරන් අපායට

    වැරැදි තීන්දු දෙන විනිසුරන් අපායට

    වරාවැව විනිසුරු බුදු දහමේ අගය කියයි
    2012 ජනවාරි මස 10 22:08:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

    23Share කිසිවකු පිනවීම සඳහා හෝ කිසිවකු කෙරෙහි ද්වේෂයෙන් නඩු තීන්දු නොදිය යුතු යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව අද ප‍්‍රකාශ කෙළේය.තමා හැමවිටම තීන්දු දෙනුයේ ඡන්ද, ද්වේෂ, භය, මෝහ යන සතර අගතිවලින් තොරව බවත් වැරැදි තීන්දු දෙන විනිසුරුවරුන් අපාගත වන බවත් විනිසුරු සඳහන් කළේය.


    සරත් ෆොන්සේකා හිටපු යුද හමුදාපති නිවැරැදිකරු යැයි සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ වරාවැව විනිසුරුවරයාය. අද නඩු තීන්දුවෙන් දෙහිවල ව්‍යාපාරිකයකුට හා ත‍්‍රිරෝද රථ රියැදුරකුට මරණ දඬුවම නියම විය.දෙහිවල හාමර් පෙදෙසේ ඉඩම් කැබැල්ලක් අයිතිකර ගැනීමේ අරමුණින් එකම පවුලේ තිදෙනකු 2003දී මරා දැමූ දෙහිවල ව්‍යාපාරික හැරිසන් ජයවීරට සහ ත‍්‍රිරෝද රියැදුරු කේ.ඩබ්ලිව්.ඒ. සුනිල් ශාන්තට මරණ දඬුවම නියම කෙරිණි.ඔවුන් දෙදෙනා ඔස්ටින් චාල්ස් ෆැන්ක්ලීන් හාමර් - 79 (පියා), ඞීමර් හාමර් 31 (පුතා), ඬේසි ඈන් මැක්ලින් හාමර් 29 (දියණිය) මරා දැමූ බව නඩුවේදී ඔප්පු විය.වසර 28ක තම විනිසුරු දිවියේදී 40,000ක් පමණ නඩු විභාග කර ඇති බවත් මේ තුන් මිනී මැරුම ලංකා ඉතිහාසයේ අමානුෂික ඝාතනයක් බව විනිසුරු වරාවැව මහතා සඳහන් කළේය.


    තමා තීන්දු දුන්නේ දෙවියන් බුදුන් ඉදිරියේදී පවා කෙලින් සිටගත හැකි අයුරින් යැයිද තම නඩු තීන්දු සියල්ල බුදු දහමට අනුකූල යැයිද විනිසුරු අවධාරණය කළේය.වරාවැව විනිසුරු පක්ෂග‍්‍රාහී බවද මුලසිටම තමා වැරැදිකරු කිරීමට ක‍්‍රියාකළ බවද පෝරකයට නියම වූ ව්‍යාපාරිකයා විත්තිකූඩුවේදී කීවේය.




    වරාවැව නඩු කාර තුමාට මගේ ප්‍රණාමය. :yes:
     
    • Like
    Reactions: sansunstu

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    yes4lo.gif
    yes4lo.gif
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මෙතුමා කරන්නේ ඉතා හොඳ වැඩක්. එත් මට බය අපේ රටේ ඉන්න කුජීත දේශපාලුවෝයි අධිකරණය වේස කමේ ගෙනිච්ච දීපාලි ආච්චි වගේ නින්දිත විනිසුරුවෝයි එක්කහු වෙලා අධිකරණ සේවා කොමිෂන් සභාව පාවිච්චි කරලා වරාවැව මහත්තයට කරදරයක් කරයිද කියල