වැලන්ටයින් තොරණක් නිසා ජපුරේ සිසු ගැටුම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    valantine-japura-issue

    ඊයේ (14) වැලන්ටයින් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ තොරණක් එම ස්ථානයෙන් ඉවත්කිරීමට යාම හා සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන සිසුගැටුමක් ඇතිව තිබේ.




    සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුම හටගත් බවත් මුලදී ඇතිවූ බහින් බස්වීම පසුව ගුටි බැට හා ගල් ප්‍රහාර දක්වා දුරදිග ගිය බවත් පැවසේ.මේ හේතුවෙන් ගල් වැදී ගොඩනැගිලි දේපළ අලාභහානි පවා සිදුව ඇත.
    කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සිසුන් පාලනය කිරීමට අපහමසු නිසා මැදිහත්වන ලෙස පාලනාධිකාරිය පොලිසිය අමතා තිබෙන බවද වාර්තාවේ.
    මේ අනුව පොලිස් නිලධාරීන් ගොස් ගැටුම පාලනය කිරීමට පියවරගෙන තිබුණි.
    ගැටුමකට හේතු වී ඇත්තේ, වැලන්ටයින් දිනයේදී ඉදි කළ තොරණක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් බව පොලිසිය කරුනු විමසා දැනගෙන තිබේ. පොලීසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර ඇත.
    ගැටුම හේතුවෙන් තුවාල ලැබූ සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගත කර ඇතැයිද වාර්තා විය.

    japura_1-down.jpg
     
    • Angry
    Reactions: Solo Rider

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අවුලක් නෑ .

    අපිට ලක්ස ගනන් පඩි හම්බෙනව, අපි ගෙවනනන් ඕවට :yes:

    මුළු අලාභේ ගණනය කරලා..එකතුව ඔය වලියට හේතු වෙච්ච
    බැච් දෙකේම උන් ගානෙන් බෙදලා convocation එකට කලින් ඔය batch දෙකේ උන්ගෙන් අය කරගන්නවා..
    අපි ගෙව්ව ඒ කාලේ හැටියට රුපියල් 900 ගානක්..
    පට්ටම වලියක් ගියා දවස් දෙකක් තිස්සේ 😆 හෙල්මට් දාගෙන හිටියේ..කොහෙන් ගල් වදිද දන්නේ නෑ.
     
    • Love
    Reactions: Solo Rider

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    Apoooooooooooo 3A's අඩු කුලේ මිට්ටෝ... ගමෙන් ඇවිත් අඩු කුලේ උන්
     
    • Like
    Reactions: Solo Rider