වැලන්ටයින් දිනය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    වැලන්ටයින් දිනය

    [FONT=&quot]කට්ටියක් බනින, කට්ටියක් විඳින, තව කට්ටියක් බොරු ෂෝ පෙන්නන්න යොදාගන්න දවසක් ළඟ ළඟම එනවා. ඒ කිවුවේ වැලන්ටයින් හෙවත් ලෝක ආදරවන්තයන්ගේ දිනය. මේ වෙද්දි ලංකාවෙ බාල මහලු කොයි කවුරුත් වැලන්ටයින් දවස සැමරුවට, වැලන්ටයින් සැමරුම් ලංකාවෙ ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ නම් 90 ගණන් වල මැද හරියක් වගේ වෙනකොට තමයි.[/FONT]
    [FONT=&quot]වැලන්ටයින් දිනය ළං වෙන්න ළං වෙන්න “ආදරය කරන අයට වෙනම දවසක් මොකටද?” කියල කට්ටියක් කියද්දි, “ඇයි ආදරේට විශේෂයෙන්ම දවසක් දාගත්තා කියල ලෝක විනාසේ සිද්ද වෙනවද?” කියල තවත් කට්ටියක් කියනවා. අන්න ඒ විදිහට පැති බෙදෙන හැමෝටම එකසේ කියවන්න පුලුවන් වැලන්ටයින් ලිපියක් තමයි අපි මේ ගෙන එන්නේ. ඒ තමයි වැලන්ටයින් ගැන හැමෝම අහල නැති කතන්දර ටිකක්.[/FONT]

    1) වැලන්ටයින් ආරම්භය

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-01.jpg


    [/FONT]
    [FONT=&quot]ආදරවන්තයින්ගේ දවස වැලන්ටයින් දිනය හැටියට හැඳින්වෙන්නත් ඒ දවස පෙබරවාරි 14 වැනිදා වෙන්නටත් හේතුව හුඟක් අය දන්නවා ඇතිනෙ. නොදන්න කෙනෙක් ඉන්නවානම් මෙන්න මේකයි මේ දවසේ උපත ගැන තියන ජනප්‍රියම කතාව…[/FONT]
    [FONT=&quot]අතීත රෝමානු අධිරාජයෙක් වෙච්ච දෙවැනි ක්ලෝඩියස්ගෙ කාලෙ සොල්දාදුවන්ට විවාහ වෙන්න තහනම්ය කියල නීතියක් තිබිල තියනවා. මේ නීතිය පණවන්න හේතුව වෙලා තියෙන්නෙ විවාහක සොල්දාදුවන්ට වඩා අවිවාහක සොල්දාදුවන් වඩා ජවසම්පන්නයි කියල අධිරාජයා විශ්වාස කරපු නිසාවෙන් බවයි කියැවෙන්නේ. කොහොම වෙතත් ආදරවන්තයන් කෙරෙහි දයාවක් දක්වපු වැලන්ටයින් කියන පූජකවරයා ආදරෙන් බැඳිල හිටපු සොල්දාදුවන්ව ඔවුන්ගෙ පෙම්වතියන් එක්ක රහසින්ම සරණ බන්දන්න කටයුතු කලාලු. නීතියට පිටින් ගිහින් කරපු මේ ක්‍රියාව අවසානෙදි අධීරාජයගෙ කණට වැටිච්ච නිසා වැලන්ටයින් පූජකතුමාට මරණ දණ්ඩනය නියම වෙලා තියනව. එතුමාව මරණයට පත්කරපු පෙබරවාරි 14 වැනිදා තමයි අපි කවුරුත් දන්න වැලන්ටයින් දවස යෙදෙන්නෙ.[/FONT]

    2) ශාන්ත වැලන්ටයින්ල කීප දෙනෙක්ම ඉඳලා තියනව

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-02a.jpg


    [/FONT]
    [FONT=&quot]අපි කලින් කියපු කතාවෙ නායකයා වෙච්ච වැලන්ටයින් ශාන්තුවරයා ගැනත් විවිධ මතවාද තියනවා. හරියට හොයල බැලුවොත් වැලන්ටයින් පූජකවරයා පෙම් යුවලවල් කසාද බැන්දුව කතාවත් ජනප්‍රවාදයක් මිසක් ඒ කතාව සම්පූර්ණයෙන් පිළිගන්න පුලුවන් සාක්ෂි හම්බවෙන්නෙ නෑ. ඒ වගේම තමයි වැලන්ටයින් ශාන්තුවරයා ජීවත්වෙච්ච ක්‍රි.ව 3 වැනි සියවස කාලෙ මේ නමින්ම ජීවත්වෙච්ච තවත් ශාන්ත වැලන්ටයින් පූජකවරයෙක් ගැන වාර්තා වෙනවා ඉතාලියේ ටර්නි හි ජීවත් වෙච්ච බිෂොප් වරයෙක් තමයි ඒ දෙවැනි වැලන්ටයින්. මේ දෙදෙනාම එකම සමයක ජීවත් වෙලා දෙවැනි ක්ලෝඩියස් අධිරාජ්‍යයාගෙන් දඬුවම් ලබපු දෙන්නෙක්. සමහරු කියනවා මේ දෙන්නම එක්කෙනෙක් කියලත්..[/FONT]
    [FONT=&quot]ශාන්ත වැලන්ටයින්ගේ ලෙසට සැලකෙන හිස් කබලක් අදටත් ඉතාලියේ රෝම නුවර පල්ලියක දකින්නට පුලුවන්.

    [/FONT]
    3) වැලන්ටයින් ආමන්ත්‍රණයේ ආරම්භය

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-03.jpg

    [FONT=&quot]වැලන්ටයින් සුබපැතුම් බොහොමයක් යවද්දි “From your Valentine” වගේ තමන්ව හඳුන්වල දෙන එකට හේතු වෙලා තියෙන්නෙත් ශාන්ත වැලන්ටයින් පූජකතුමා තමයි. මෙතුමා මරණ දඬුමට කැප කරල සිරගතව ඉන්න කාලෙ තමන්ගෙ හිරගෙදර මුලාදෑනියගෙ දුව එක්ක ප්‍රේමයෙන් බැඳිල තියනවා. අන්ධ තරුණියක් වෙච්ච ඇයට ප්‍රාතිහාර්යක් මගින් පෙනීම ලබාදෙන්නත් වැලන්ටයින් පූජකතුමා කටයුතු කරල තියනව කියල පැරණි කතාවල සඳහන් වෙනවා. කොහොමින් හරි තමන්ව මරා දමන්නට කලින් දවසේදි වැලන්ටයින් ශාන්තුවරයා From your Valentine නමිත් අත්සන් කරපු ලියුමක් ඇය වෙත යවල තියනවා. මේ අනුව තමයි වැලන්ටයින් සුබ පැතුම් වලදි “වැලන්ටයින්” නමින් පෙම්වතුන් තමන්ව හඳුන්වලා දෙන්න පටන්ගෙන තියෙන්නෙ.



    4) ආදරයේ සංකේතය රෝස මල

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-04.jpg

    [/FONT]
    [FONT=&quot]රෝසමල් කියන්නෙ වැලන්ටයින් දවසේ වඩාත්ම හුවමාරුවෙන ආදරයේ සංකේතයක්. වැලන්ටයින් දවසේ රෝසමල් හුවමාරු කරගන්න පුරුද්ද පටන්ගත්තේ වික්ටෝරියානු අවධියෙ කියල තමයි කියන්නෙ. ආදරය වෙනුවෙන් රෝසමල් තෑගි දෙන්න හේතුව තමයි ආදරයේ දෙවඟන විදිහට සලකන වීනස් දෙවඟනගෙ ප්‍රියතම මල රෝස මල වීම. හැබැයි කොච්චර රෝස මල් තෑගි දුන්නත් ඒත් එක්ක දෙන වැලන්ටයින් සුබපැතුම් පතට තමන්ගෙ අත්සන යොදන එක වික්ටෝරියානු කාලෙදි අසුබ දෙයක් හැටියටලු සැලකුවෙ. සමහරවිට තමන්ගෙ නම අත්සන් කරපු වැලන්ටයින් ශාන්තුවරයට වෙච්ච විපත නිසා වෙන්න ඇති.[/FONT]

    5) වැලන්ටයින් සහ චොකලට්

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-05.jpg

    [/FONT]
    [FONT=&quot]චොකලට් කියන්නෙත් ආදරවන්තයින් අතර ඉතාම ජනප්‍රිය ආහාරයක් සහ තෑග්ගක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. වැලන්ටයින් දවසෙත් වැඩිපුරම හුවමාරු වෙන චොකලට් පෙට්ටිය වැලන්ටයින් වෙනුවෙන්ම කියල මුලින්ම නිෂ්පාදනය වෙලා තියෙන්නෙ 1860 ගණන් වලදියි. ජනප්‍රිය කැඩ්බරි සමාගමේ නිර්මාතෘවරයගේ පුතෙක් වෙච්ච රිචඩ් කැඩ්බරි තමයි මුලින්ම චොකලට් පෙට්ටිය නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් චොකලට් පෙට්ටි ජනප්‍රිය වෙච්ච ඒ මුල් කාලෙදි වැලන්ටයින් දිනය වෙනුවෙන් හාට් එකක හැඩයෙන් යුක්ත චොකලට් පෙට්ටියකුත් මේ අය නිෂ්පාදනය කරල තියෙනවා. මේ විදිහෙ මුල්ම වැලන්ටයින් චොකලට් පෙට්ටිය විකිණුනේ 1868 අවුරුද්දේ කියල තමයි දැනගන්න ලැබෙන්නෙ.[/FONT]

    6) මුල්ම වැලන්ටයින් කවිය

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-06.jpg

    [/FONT]
    [FONT=&quot]වැලන්ටයින් දවස ගැන සඳහන් වෙන පැරණිම ලියැවිල්ල හැටියට සැලකෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයේ පියා ලෙසට හඳුන්වන ජෙෆ්රි චෝසර් (Geoffrey Chaucer) විසින් 1382දී ලියන ලද කවි පන්තියකුයි. පාර්ලෙමන්ට් ඔෆ් ෆවුල්ස් නමින් තමයි ඒ කවිය හැඳින්වෙන්නේ.

    [/FONT]
    7) දැනට හමුවන පලවැනි වැලන්ටයින් සුබපැතුම

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-07.jpg


    [/FONT]
    [FONT=&quot]අදටත් ඉතිරිවී තිබෙන පලවෙනි වැලන්ටයින් සුබපැතුම වෙන්නෙ 1415දී ඕලියන්ස් හී ඩියුක්වරයා වූ චාල්ස් විසින් තමන්ගේ බිරිඳට ලියන ලද කවි එකතුවකුයි. චාල්ස් ඩියුක්වරයා ලන්ඩන් හි සිරදඬුවම් විඳිමින් සිටිද්දි ප්‍රංශ භාෂාවෙන් ලියන ලද ඒ කවි අදටත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ සුරැකිව තිබෙන බව සඳහන්.[/FONT]
    [FONT=&quot]ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු, අදටත් යහතින් සුරැකිව තියන වැලන්ටයින් හසුන 1477 වගේ අතීතයකට දිව යන්නක්. එය මාජරි බෘස් නම් කාන්තාවක් විසින් ඇගේ පෙම්වතාට ලියන ලද හසුනක්.[/FONT]


    8) වැලන්ටයින් උන්මාදය ඇරඹුනේ කොයි කාලෙද?

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-08.jpg

    [/FONT]
    [FONT=&quot]වර්තමානය වෙද්දි වැලන්ටයින් දවස ආදරවන්තයන්ට වඩා වෙළෙන්දන්ට ප්‍රීතියක් ගෙන දෙන දවසක් බවට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. පෙබරවාරි මුල වෙද්දි පදික වේදිකාවේ ඉඳන් සුපිරි වෙළඳසැල් දක්වා රෝසමල්,ටජ් මහල් වගේ ආදර සංකේත වලින් පිරෙන්නෙ ඒ නිසයි. ලංකාවෙ අපිට මේක මෑතකදි ආපු වෙනසක් උනාට ලෝකෙ බොහොමයක් රටවල් අපිට හුඟක් කලින් මේ මාකටිං වලට ලක්වෙලා තියනවා. සරළ අහිංසක විදිහට ආදරේ සමරන දවසක් හැටියට තිබ්බ වැලන්ටයින් දවස වාණිජකරණයට ලක්වෙලා උන්මාදයක් හැටියට පැතිරෙන්න පටන් අරන් තියෙන්නෙ 1900 මුල් ගණන් වලදි එංගලන්තයේදි තමයි.[/FONT]

    9) වැලන්ටයින් දවසෙ වෙන කසාද අසාර්ථකයි?

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-09.jpg

    [/FONT]
    [FONT=&quot]ආදරවන්තයන්ගෙ දවසේ විවාහ වෙන එක ගැන මොකද හිතන්නෙ? හරිම රෝමාන්තික අත්දැකීමක් කියල තමයි අපි කාටත් හිතෙන්නෙ නේද? ඒ උනත් අලුත් සමීක්ෂණයකින් හොයාගෙන තියනවලු වැලන්ටයින් දවසේ සිද්ධවෙන විවාහ අසාර්ථක වෙන්න ඉඩ වැඩියි කියලා. කොච්චර රොමෑන්ටික් වගේ පෙණුනත් මේ වගේ දවස් වල විවාහ වෙන යුවලවල් බහුතරයක් අතර අන්‍යෝන්‍ය අවබෝධය හරි අඩු බවයි පරීක්ෂකයො කියල තියෙන්නෙ. හැබැයි ඉතින් මේක හැමෝටම අදාල වෙන කාරණයක් නෙමෙයි. සාපේක්ෂව වැඩි දෙනෙක් මෙහෙම වෙන්න පුලුවන් කියන එක තමයි අපි කියන්නෙ.[/FONT]

    10) තනිකඩ අයටත් වැලන්ටයින් දවස සමරතෑකි

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-10.gif

    [/FONT]
    [FONT=&quot]දැන් හුඟක් තනිකඩ කොල්ලො කෙල්ලෝ අඬ අඬ ඉන්නවනේ අපිට ලවු එකක් නෑ. වැලන්ටයින් ගැන කියලා අපේ හිත් රිද්දන්න එපා කියලා. ඒ උනත් එහෙම කම්පා වෙන අය නොදන්න කාරණයක් තියනවා. ඒ තමයි වැලන්ටයින් දවසම SAD දවස කියලා ඒ අයට සමරන්න පුලුවන් බව. මේකෙ SAD දවස කියල සමරන්නෙ දුක කියන තේරුම ඇතුව නෙමෙයි. Singles Awareness Day කියන එක ඇසුරෙන් තමයි SAD කියන කෙටි නම බිහිවෙන්නෙ. ආදරවන්තයෙක්/ආදරවන්තියෙක් නැතුව උනත් සන්තෝෂෙන් හිටියෑකි කියල මේ දවස සමරන්න පුලුවන්ලු. ඒ වගේම තාම කෙල්ලෙක්/කොල්ලෙක් නෑනෙ මොන ජීවිතයක්ද මේ? කියල තමන්ගේ දුක බෙදාගදාගන්නත් මේ දවස පාචිච්චි කරන්න පුලුවන්ලු.[/FONT]

    11) ලංකාවේ වැලන්ටයින් සමරන ඔබේ අවධානයට

    [FONT=&quot]
    ApiNodannaVal-aniwa-11.jpg

    [/FONT]
    [FONT=&quot]ලෝකයේ වැලන්ටයින් තොරතුරු එක්ක ලංකාවේ තොරතුරු හොයාගෙන යද්දි අපිට හමුවුණ දත්ත නම් එච්චර රොමෑන්ටික්ම කියන්න පුලුවන් ඒවා නෙමෙයි. මීට වසරකට විතර පෙර කරපු සමීක්ෂණයකට අනුව වැලන්ටයින් දවසකදී තමන්ගෙ කන්‍යාභාවය අහිමිකරගන් ශ්‍රී ලාංකික තරුණියන් ප්‍රමාණය 9400ක් හැටියට වාර්තා වෙලා තියනවා. වැලන්ටයින් දිනයේදි චොකලට් සහ රෝසමල් අලෙවිය හයසිය ගුණයකින් විතර ඉහල යද්දි, උපත් පාලන පෙති සහ කොපු වල අලෙවියත් දෙතුන් ගුණයකින් ඉහල යන බවයි වාර්තා වෙන්නෙ. කන්‍යබාවය හා ලිංගික නිදහස [FONT=&quot]ගැන [/FONT]ඔබේ අදහස් මොනවා උනත්, තමන්ගේ හැඟීම් එක්කම මොලෙත් භාවිතා කරල ජීවිතේ ගැන තීරණ ගන්න කියලත් අපි අවසාන වශයෙන් අපේ කොල්ලන්ට කෙල්ලන්ට මතක් කරනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    (Aniwa)[/FONT]
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox

    blue_in_rio

    Well-known member
  • ඇත්තටම ආදරේ කරන එවුන්ට හැමදාම වැලන්ටයින් තමයි බන්.ඒත් උන්ට කවදාවත් වැලන්ටයින් දවස සමරන්න වෙන්නේ නෑ. :(:(

    මේ කියපු අපභ්‍රංසේ තේරුණේ නැත්නම් උබලා කවදාවත් ඇත්තට ආදරේ කරලා නෑ. :baffled::baffled:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,324
    20,715
    113
    Panadura
    ඇත්තටම ආදරේ කරන එවුන්ට හැමදාම වැලන්ටයින් තමයි බන්.ඒත් උන්ට කවදාවත් වැලන්ටයින් දවස සමරන්න වෙන්නේ නෑ. :(:(

    මේ කියපු අපභ්‍රංසේ තේරුණේ නැත්නම් උබලා කවදාවත් ඇත්තට ආදරේ කරලා නෑ. :baffled::baffled:

    :baffled: :baffled: :baffled:
    තේරුනේ නෑ
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔය වැලන්ටයින් කියන්නෙ බිස්නස් කාරයො මාර්කට් කරපු එකක්. උන් උන්ගෙ product/services මාර්කට් කරගන්න ඕනම දවසක් සමරන්න කියාවි.:yes::yes::yes:
    හරි ආදරවන්තයොන්ට වෙනම ආදරෙ කරන්න දවසක් ඕන නෑ උන් හැමදාම ආදරෙන් ඉන්නවා. :love::love::love:
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    You can celebrate Valentine’s Day several times a year.
    Because of the abundance of St. Valentines on the Roman Catholic roster, you can choose to celebrate the saint multiple times each year. Besides February 14, you might decide to celebrate St. Valentine of Viterbo on November 3. Or maybe you want to get a jump on the traditional Valentine celebration by feting St. Valentine of Raetia on January 7. Women might choose to honor the only female St. Valentine (Valentina), a virgin martyred in Palestine on July 25, A.D. 308. The Eastern Orthodox Church officially celebrates St. Valentine twice, once as an elder of the church on July 6 and once as a martyr on July 30.