වැලන්ටයින් , වැලන්ටයින්.....

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
වැලන්ටයින් , වැලන්ටයින්.....

කෙල්ලො කියන්නේ අමුතුම ජාතියක්. ලෝකේ තියෙන මිල අදිකම දේවල් ඉල්ලුවත් පුන්චි දේවල් වලින් සතුටු කරන්න පුළුවන් ජාතියක්. කෙල්ලෙක් කොල්ල ගැන තියන් ඉන්නේ අහස තරම් බලාපොරොත්තු. කන්න කලින් අහන්න පුලුවන්නම් පැටියෝ ඔය කෑවද කියල එයාට ඊට වඩා දෙයක් නැහැ. ජීවිතේ ලස්සන පුංචි පුංචි දවස් මතක තියාගෙන හැමෝටම කලින් එයාට සුබ පතන්න පුලුවන්නම්, එයාගේ උපන්දිනේදී එයාව පුදුම කරන පුංචි දෙයක් එයා වෙනුවෙන් කරන්න පුලුවන්නම් කාර්ය බහුල වෙලාවලදිත් එයාට පොඩි හරි වචනයක් දෙකක් කතාකරන්න පුලුවන්නම් ආදරේ හැමදාම රැඳෙයි. ගඟේ වතුර මුහුදට ගලන්නේ වතුර නැති නිසා නෙමෙයි වතුර වැඩි නිසා. ආදරෙත් යන්නේ වැඩි තැනට මිසක් අඩු තැනට නෙමෙයි. ඔයාට බැරිනම් මේ පොඩි කැපවිමවත් එයා වෙනුවෙන් කරන්න ඒ පුංචි හිත ඔයාව දාල ගියොත් එයා ට බනින්න එපා. ආදරේ කියන්න සල්ලි නෙමෙයි.. මොහොතකට කල්පනා කරන්න මේ දේවල් ආදරේ කරන මුල් කාලේ කරපු දේවල් . මේ දේවල් තියෙන්න ඕනේ දවසක් දෙකක් නෙමෙයි එක්කෙනෙක් මේ ලෝකෙන් සමුගන්නකන් කියලයි මම හිතන්නේ.
 

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
ආදරය පිළිබද මට තියන අත්දැකීම් වල නම් ඔය වචන වල තියන සුන්දර අහිංසක කම් නෑ....
 

Night Fury

Member
Nov 16, 2012
229
28
0
Computer එක ඉස්සරහ.
අනේ පලයන් නංගි යන්න,:angry:

මම ඔය හැමදේම හොදට කළා. එත් එයා මව දාලා ගියා. එයාගේ උපන්දිනේ දවසේ මම එයාට රෑ 12 wish කළා මගේ උපන්දිනේ එයාට මතක් උනේ මගේ උපන්දින් දවස ඉවර වෙන්න පැය 3ට කලින්. මට කොච්චර වැඩ තිබුනත් එයා වෙනුවෙන් කතා කරන්න මට හැමදාම අඩුම පැය 1/2 ක් වත් තිබුනා. එත් එයා ගෙදරට වෙලා නිකන් හිට්ටියත් මන් වෙනුවෙන් එයාට වෙලාවක් තිබුනේ නැහැ. එයා clz ගිහින් ගෙදර ඇවිත් "මම ගෙදර අවා" කියල msg එවනකන් මම බලන් හිටියට මම ගමන් ගිහිල්ලා රෑ වෙලා ගෙදරට අවදා නැද්ද කියල හෙවුවේ නැහැ.

ආදරේ කරලා ආදරේ ලැබුනේ නැතුවහම ලොකු පරාජිත බවක් දැනෙනවා. එයා මට ආදරේ කලේ නැහැ. :(:(:(කෙල්ලෝ කියන්නේ හේතුවක් නැතුවම වෙනස්වෙන ජාතියක්.:frown:
 

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මටනම් ඕකට විසේස දවසක් ඕනේ නැහැ ..
    මම හැමදවසකටම් ආදරෙයි ...
    අනික හිමිවිමම ආදරය නොවයි ..
    ගතින් තනිවුනත් ...
    සිතින් ඔබ මට හිමිව් ඇත