වැලන්ටයින්!!!!

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    lovers.jpg
    වැලන්ටයින් දිනය; එකෝමත් එක රටක ආදරවන්තයන් වෙනුවෙන් පෙනීහිටපු ශාන්ත වැලන්ටයින් සාන්‍තුවරයා සිහිපත් කරන දවස. ආදරවන්තයන්ට රිසි සේ ආදරය කරන්න, සෙනෙහස පුදන්න වෙන්කරපු දවස.

    බැචා වැලන්ටයින් දවස ගැන ලියන්න හිතුවා. ලියන්න කලින් ලියන දේ ගැන දැනන් ඉන්න ඕන හින්ද බැචා ශාන්ත වැලන්ටයින් ගැන පොඩ්ඩක් හොයලත් බැලුවා. එහෙම හෙව්වම බැචාට තේරුම්ගියා ශාන්ත වැලන්ටයින් කියල එක සාන්තුවරයෙක් ගැන හරියට විස්තරයක් නෑ කියල. ඒ ගැන පසුවට. ඔක්කොටම වඩා වැදගත් වෙන්නෙ වැලන්ටයින් සංකල්පය කියලයි බැචාට හිතෙන්නෙ.කොහොම කොහොම හරි වැලන්ටයින් දවස අද කාලයේ පාවිච්චි වෙන්නේ ඔය කියන උතුම් අරමුණින් නෙවේ කියලත් බැචාට හිතෙනවා.

    නමුත් ලංකාවේ අද තියෙන තත්වයේ හැටියට වැලන්ටයින් දවසේ හරි අරුත ගොඩක්ම ගැලපෙන්නේ ලංකාවටමයි. නිදහසේ ආදරය කරන එක ගැන අපි මහ ලොකුවට කතා කරාට අද ලංකා‍වේ ආදරවන්තයන්ගේ තත්වය ගොඩක් සෝචනීයයි. ආදරවන්තයන් දෙන්නෙක් අතින් අල්ලන් යන එක, වැළදගන්න එක, සිපගන්න එක බොහොම සාමාන්‍ය දේවල් (කරපු අය දන්නවත් ඇතිනෙ). ඒවා ආදරය ප්‍රකාශ කරන බොහොම සංවේදී ක්‍රම. නමුත් අවාසනාවකට මේ හැම දෙයක්ම එක පාරටම සමහරුන්ට කුණුහරුප බවට පත්වෙලා. අද පෙම්වතුන්ට හම්බවෙන්න, කතාකරන්න, පෙම්කරන්න හරි හමන් තැනක් ලංකාවෙ නැහැ. ඒකට හේතුව මේ දේවල් ගැන ලංකාවෙ මිනිස්සු විපරිත විදිහට බලන එක කියලයි බැචාට තේරෙන්නෙ.

    ඉතිං ඒ සදහා ඔවුන්ට ඉතුරුවෙලා තියෙන්නේ ගාල්ල කොටුව, පේරාදෙණිය මල්වත්ත, විහාරමහාදේවී උද්‍යාන වගේ තැන් දෙක තුනක් විතරයි. ඒ තැන්වලත් ටිකක් වැඩියෙන් ලංවෙලා හිටියොත් ‘විසිල්’ පාර හම්බෙනව කියලා ගිහින් අත්දැකීම් තියෙන අය දන්නව ඇති. ගාල්ල කොටුවට එන පෙම්වතුන් පොලීසිය ගාල් කරන් එලියට දක්කන්නේ හරියට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෝ පිරිසක් කොටුවුනා වගෙයි. නුවර වැව රවුමෙ තත්වයත් ඔයිට දෙවෙනි නෑ. පෙම්වතුන්ගේ අම්මලා තාත්තලාටත් නැති කැක්කුමක් පොලිස් ‘මාමලාට’ තියෙන්නේ තරුණ පරම්පරාවගැන ඒ මාමාලාට තියෙන ආදරේ හින්දමයි කියලා බැචාටනම් කිසිම සැකයක් නෑ.

    මොනව උනත් ලංකාවේ තරුණයන්ට ලිංගකත්වය, ආදරය ගැන දාලා තියෙන සීමා එයාලගේ තරුණ අසහනය වැඩි කරන්න හේතුවක්. සමහර පොදු තැන්වල තරුණ තරුණියෝ නුසුදුසු විදිහට හැසිරෙනවනන් ඒකට හේතුවත් එයාලට ඒ දේවල් පෞද්ගලිකව කරන්න පුළුවන් වාතාවරණයක් නැති හින්ද කියලයි බැචාට හිතෙන්නෙ. බොහොම අහිංසක විදිහට හැගීම් හුවමාරුකරගන්න එකත් නවත්තන එක ස්ත්‍රීදූෂකයන්, ලිංගික පරපීඩකයන් නිර්මාණය වෙන තත්වයක් බවටත් වර්ධනය වෙන්න පුළුවන්. මෑතකාලයේ සීඝ්‍රව පැතිරුන කාම රැල්ලට (mobile phone sex videos) ප්‍රධාන හේතුවක් මේ ලිංගික පීඩනය කියලයි බැචා හිතන්නේ.ඉතිං ඒ දෙවල් වල වගකීම බාරගන්න ඕන එයාලව ඒ තත්වයට තල්ලුකරලා දාපු පිරිසමයි. මේවට විසදුම ‘porn starsලගේ පිංතූර’ කියල අහිංසක ගෑනු ළමයිගේ පිංතූර පත්තර වල පලකරන එක නෙවෙයි කියලයි බැචාට හිතෙන්නේ. ඒක අතුරු කතාවක්.

    55306512wYnbxA_ph.jpg

    තනිකඩයෙක් කිසිදා නොදකින Lovers' Lane© pamila75
    කොහොම හරි මේ දේවල් සම්භන්දෙන්නන් විශ්ව විද්‍යාල ඇතුලෙ සෑහෙන සුභවාදී ආකල්පයක් තියෙනව කියල බැචා කියන්නෙ ආඩම්බරෙන්. පිට මිනිස්සු වගේ ජෝඩුවක් දැක්කම හූ කියන, විසිල් ගහන, ඒ දිහා කන්න වගේ බලන් ඉන්න සිරිතක් කැම්පස් ඇතුලෙ නැහැ. ආදරයකරන එක අයිතියක්. ඒ අයිතිය ඇතුලෙ ඉන්න හැමෝම පිලිගන්නවා. විශ්ව විද්‍යාල ‘කුඩ’ සංස්කෘතිය මේකට හොද උදාහරණයක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදරවන්තයන් වෙනුවෙන් වෙන් වෙච්ච වෙනම කලාපයක් තියෙනවා (Lover’s Lane). මේ කාරණය හැම විශ්ව විද්‍යාලයක ඒ විදිහටම පැතිරිලා ගිහින් තියෙනවා. ඒ හැම දේටම වඩා වටින්නේ ආදරවන්තයන් ගැන විශ්ව විද්‍යාල වල තියෙන විවෘත ආකල්පයයි. ඒ තත්වය තාම බාහිර සමාජයේ නැති එක ගැන ඇත්තටම බැචාට දුකයි.

    මොනව උනත් අද තියෙන්නේ සෑහෙන්න වාණිජකරණය වෙච්ච වැලන්වයින් දිනයක්. වැලන්ටයින් දිනය සමරන පෙම්වතුන් තමන් ගැන හිත හිත බොරු පුරාජේරු වැඩකරනව මිසක් වැලන්ටයින් සංකල්පය තේරුම් ගන්න උත්සාහ කරනව කියල පේන්නෙ නෑ. වෙළද සමාගම්, රූපවාහිනී නාලිකා පෙම්වතුන්ව වැලන්ටයින් උන්මාදයෙන් මත් කරල තමන්ගෙ සාක්කු පුරවගන්නව මිසක් කතා කරන්න ඕන දේවල් ගැන කතා කරන්නෙත් නෑ. පාටිදාන එක, මල් අරංදෙන එක, තෑගි දෙන එකට වඩා අර්ථවත් දෙයක් වැලන්ටයින් දවස ඇතුලෙ හැංගිල තියෙනව කියලයි බැචා හිතන්නෙ.

    ඉතිං, ආදරවන්තයන් ගැන, ආදරය ගැන හරිවිදිහට බලන්න, ආදරය කියන්නේ හැගීමක් මිසක් අපරාදයක් නෙවේ කියල තේරුම්ගන්න දැන්වත් පාලකයන්ට, වැඩිහිටියන්ට පුළුවන්නම් ඒක සෑහෙන ලොකුදෙයක්. වැලන්ටයින් කියන්නේ තමන්ගේ හැගීම් තේරුම්ගන්න තියෙන අවස්ථාවක් මිසක් බාහිර ආටෝපයක් නෙවෙයි කියල ආදරවන්තයන් තේරුම් ගන්නවනනං ඒක ඊටත් වඩා වැදගත් කියලයි බැචාට නම් හිතෙන්නේ...:baffled::baffled::baffled:


    www.campusbatcha.blogspot.com
     

    uishara

    Active member
  • Jul 2, 2008
    1,109
    12
    38
    39
    seeduwa
    moz-screenshot.png
    oya hari machan,adaraniya pemwathunta me rate idak naha. adaraya jaya ganna godak fight karannai wela thiyenne. mamanam onna dinum................
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    බැචාට හිතෙන දෙවල් හරි තමයි බන්
    ;)
    මචන් ලන්කාවෙ විතරක් නෙමෙයි හැම රටකම වැලන්ටයින් අද වානිජකරනය වෙලා... වැලන්ටයින් අද මර්කට් එකක් බවට වෙලෙන්දො පරිවර්තනය කරගෙන..
    ඔව් ඔයා කියන කතාව හරි අද ලන්කාවෙ පෙම්වතුන්ට දිලා තියන තැන නම් ගොඩක් කනගාටුයි..
    :(:no::no::(
    මෙ ලොකු මිනිස්සුන්ට තමන්ගෙ එ කාලය අමතක වෙලා වෙන්න ඇති... මොන වුනත් මෙ වගෙ දෙවල් නිසා ඉඩිරියෙඩි ගොඩක් ප්‍රශ්න වලට සමජයට මුහුන දෙන්න වෙවි.. මෙ වගෙ ඩෙවල් ඩිගටම ඉස්සරහටත් කරගෙන ගියොත් ලන්කව අතුලෙ මනසික අසහන ඇති තරුන පරපුරක් බිහි වෙවි.. තරුන්යය කියන්නෙ කොහොම හරි තමන්ගෙ අරමුන කර යන කොට්ටශයක් ඉතින් ඔය දෙවල් වලින් කොච්චර උත්සහ කරත් ඔක නවත්තන්න නම් බහ බන්.
    උබ කියලා තියනව වගෙ අද සමජය පෙම්වතුන් දිහා බලන්නෙ අමුතුම විදියකට මෙක නිකන් අනගත්යක් නැති රටක් වගෙ අනෙමන්දා