වැලන්ටයින්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සෑම වසරකම පෙබරවාරී 14 ලොව පුරා තරුණ තරුණියන්ට විශේෂ දිනයකි. ඒ එම දිනය පෙම්වතුන්ගේ දිනය ලෙස සලකන නිසාය. ප්‍රේමයට ජාති, ආගම්, වර්ණ, කුල, භේද නැති නමුදු අද වන විට ප්‍රේම ගනුදෙනුව මුදල් මත තීරණය වන සමාජ වටපිටාවක් නිර්මාණය වී ඇති බවද නොකියාම බැරිය. ගල්ගමුව පාළුගම නිවසක දිවිගෙවන මේ අවුරුදු 83ක් වයසැති අප්පු නයිදේ සීයාගෙත් කේ. කිරිහාමි (79) ආච්චිගේත් පෙම්කතාව අවුරුදු හැටක පමණ සිට ලියලන්නේ වලං කර්මාන්තයේ පිහිටෙනි. මේ ඒ ගැනය.

    1929599230L.jpg

    දරුවන් තිදෙනෙකු හදා වඩා ඔවුන් දීග දී මෙම යුවළ තනිවම නිවසේ වාසය කරන අතර ඔවුන් ජීවිතය ගැටගහ ගන්නේ වලං සාදා අතට ලැබෙන කීයක් හරි මුදලනි. ඔවුන්ගේ මෙම ජීවිතය කටුකය. එහෙත් එකිනෙකාට ඇති ආදරයේ අඩුවක් නැත. මේ නිසාම දෙදෙනා නොහොඳ නෝක්කාඩුකින් තොරව දුක සැප බෙදාගනිමින් ජීවිතයේ අවසන් සමයද ගතකරමින් සිටී. මෙවැනි ජීවිත සමාජයේ බොහෝමයකි. පැල්පත් වල ඇති සාමය සමගිය මහ මන්දිර වල නැති බව කවි ගීතවලින්ද කියැවේ. එහෙව් සමාජයක මේකී වැඩිහිටි යුවළගේ ආදර කතාව වත්මන් තරුණ පරම්පරාවට ආදර්ශයකැයි මතක් කරනු කැමැත්තෙමු.

    ඡායා රූ - සංජීව රත්නායක
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පැල්පත් වල ඇති සාමය සමගිය මහ මන්දිර වල නැති බව කවි ගීතවලින්ද කියැවේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මේකී වැඩිහිටි යුවළගේ ආදර කතාව වත්මන් තරුණ පරම්පරාවට ආදර්ශයකැයි මතක් කරනු කැමැත්තෙමු
    sirwata :)
    rep++
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    " දරුවන් තිදෙනෙකු හදා වඩා ඔවුන් දීග දී මෙම යුවළ තනිවම නිවසේ වාසය කරන අතර ඔවුන් ජීවිතය ගැටගහ ගන්නේ වලං සාදා අතට ලැබෙන කීයක් හරි මුදලනි. ඔවුන්ගේ මෙම ජීවිතය කටුකය. "

    මචං ඔය ඒ දෙමහල්ලන්ගේ ජීවිතය කටුක නම් මෙලහකට ඒ දෙමහල්ලෝ මැරිච්ච තැන්වල ගසුත් නැහැ .අපි දකින සිල්ලර කෘතීම ලෝකයට සාපේක්ෂව ඒ දෙමහල්ලන්ගේ ජීවිතය කටුක වගේ පේනවා ඇති .ඒත් කොන්දේසි විරහිත සැබෑ ආදරයෙන් පිරි සිල්ලර නොවූ සොභාවික ලෝකයක ජීවත් වෙන ඒදෙන්නා ගතකරන්නේ සුපිරි ජීවිතයක් මචං .මොකද අපි සුපිරි කියලා හිතන් ඉන්න ජීවිතෙයි ea මිනිස්සු දකින සුපිරි ජීවිතේයි වෙනස් .මොකද අපි සුපිරි කියලා දකින්නේ යාන-වාහන , KFC ,MacDonal ,Apple I phone ,Apple Macintosh නේ ? .ඒක නිසා තම අපිට ඒ දෙමහල්ලන්ගේ ජීවිත
    කටුක වගේ පේනවා ඇත්තේ .හැබැයි සොභාවික හැඟීම් වලින් ජීවිතය මැන්නොත් ඒ දෙමහල්ලන්ගේ ජීවිතයත් එක්ක අද ඉන්න එවුන්ට හැරෙන්නවත් බැහැ බන් .ඒක තමා යථාව්තය .කොහොම හරි මේ යුවලට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :):):):):):):):)

    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ow ban office,යාන-වාහන , KFC ,MacDonal ,Apple I phone ,Apple Macintosh thurul karan fun eke innawa kiyala hituwata attama widinne hena stress ekak...problem ekak stress ekak anxiety ekak nethi dawasak ne....oya wage gamakata gihilla sathiyak witara hitiyama mona pawakda api gewanne kiyala hitenawa.....
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    " දරුවන් තිදෙනෙකු හදා වඩා ඔවුන් දීග දී මෙම යුවළ තනිවම නිවසේ වාසය කරන අතර ඔවුන් ජීවිතය ගැටගහ ගන්නේ වලං සාදා අතට ලැබෙන කීයක් හරි මුදලනි. ඔවුන්ගේ මෙම ජීවිතය කටුකය. "

    මචං ඔය ඒ දෙමහල්ලන්ගේ ජීවිතය කටුක නම් මෙලහකට ඒ දෙමහල්ලෝ මැරිච්ච තැන්වල ගසුත් නැහැ .අපි දකින සිල්ලර කෘතීම ලෝකයට සාපේක්ෂව ඒ දෙමහල්ලන්ගේ ජීවිතය කටුක වගේ පේනවා ඇති .ඒත් කොන්දේසි විරහිත සැබෑ ආදරයෙන් පිරි සිල්ලර නොවූ සොභාවික ලෝකයක ජීවත් වෙන ඒදෙන්නා ගතකරන්නේ සුපිරි ජීවිතයක් මචං .මොකද අපි සුපිරි කියලා හිතන් ඉන්න ජීවිතෙයි ea මිනිස්සු දකින සුපිරි ජීවිතේයි වෙනස් .මොකද අපි සුපිරි කියලා දකින්නේ යාන-වාහන , KFC ,MacDonal ,Apple I phone ,Apple Macintosh නේ ? .ඒක නිසා තම අපිට ඒ දෙමහල්ලන්ගේ ජීවිත
    කටුක වගේ පේනවා ඇත්තේ .හැබැයි සොභාවික හැඟීම් වලින් ජීවිතය මැන්නොත් ඒ දෙමහල්ලන්ගේ ජීවිතයත් එක්ක අද ඉන්න එවුන්ට හැරෙන්නවත් බැහැ බන් .ඒක තමා යථාව්තය .කොහොම හරි මේ යුවලට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :):):):):):):):)

    ඔව් මචන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    වැලන්ටයින් දවස හොද බිස්නස් කාරයින්ට..මෙන්න මේක තමා ඇත්ත ආදරය.