සෑම වසරකම පෙබරවාරී 14 ලොව පුරා තරුණ තරුණියන්ට විශේෂ දිනයකි. ඒ එම දිනය පෙම්වතුන්ගේ දිනය ලෙස සලකන නිසාය. ප්‍රේමයට ජාති, ආගම්, වර්ණ, කුල, භේද නැති නමුදු අද වන විට ප්‍රේම ගනුදෙනුව මුදල් මත තීරණය වන සමාජ වටපිටාවක් නිර්මාණය වී ඇති බවද නොකියාම බැරිය. ගල්ගමුව පාළුගම නිවසක දිවිගෙවන මේ අවුරුදු 83ක් වයසැති අප්පු නයිදේ සීයාගෙත් කේ. කිරිහාමි (79) ආච්චිගේත් පෙම්කතාව අවුරුදු හැටක පමණ සිට ලියලන්නේ වලං කර්මාන්තයේ පිහිටෙනි. මේ ඒ ගැනය.
දරුවන් තිදෙනෙකු හදා වඩා ඔවුන් දීග දී මෙම යුවළ තනිවම නිවසේ වාසය කරන අතර ඔවුන් ජීවිතය ගැටගහ ගන්නේ වලං සාදා අතට ලැබෙන කීයක් හරි මුදලනි. ඔවුන්ගේ මෙම ජීවිතය කටුකය. එහෙත් එකිනෙකාට ඇති ආදරයේ අඩුවක් නැත. මේ නිසාම දෙදෙනා නොහොඳ නෝක්කාඩුකින් තොරව දුක සැප බෙදාගනිමින් ජීවිතයේ අවසන් සමයද ගතකරමින් සිටී. මෙවැනි ජීවිත සමාජයේ බොහෝමයකි. පැල්පත් වල ඇති සාමය සමගිය මහ මන්දිර වල නැති බව කවි ගීතවලින්ද කියැවේ. එහෙව් සමාජයක මේකී වැඩිහිටි යුවළගේ ආදර කතාව වත්මන් තරුණ පරම්පරාවට ආදර්ශයකැයි මතක් කරනු කැමැත්තෙමු.
ඡායා රූ - සංජීව රත්නායක