වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකාගාරයක් ඉදිරිපිටදී පසුගිය 18 වනදා කාන්තාවක් පැහැරගනු ලැබීය.
එය සීසීටීවී කැමරාවක ද සටහන්ව තිබුණි.
එහි දැක්වෙන්නේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටින අයෙක් තවත් තැනැත්තෙක් සමග එක්ව කාන්තාවක බලහත්කාරයෙන් වෑන් රථයකට ඇතුළුකරගන්නා අයුරුය.
අනතුරුව එම කාන්තාව පැහැරගෙන ගොස් තිබේ.
පැහැරගැනුණු කාන්තාව පසුව වැලිකඩ ප්‍රදේශයෙන් දමාගොස් ඇති අතර ඇය සතු වූ රුපියල් 31,500ක මුදලක් ද කොල්ලකා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය සිදුකළ විමර්ශන අතරතුර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටි තැනැත්තාය.
ඔහු වැඩතහනමට ලක් වූ පොලිස් නිලධාරියෙක් බව හෙළිවී තිබේ.
පැහැරගැනීමට සම්බන්ධ වූ අනෙක් තැනැත්තා එම කාන්තාවගේ සැමියා බව පොලීසිය සඳහන් කළේය.
අඹු සැමියන් අතර පවතින ආරවුලක් මත මෙම පැහැරගැනීම සිදුකර ඇති බවත් එම පුද්ගලයා විදෙස්ගතව සිට මෙරටට පැමිණ ඇතැයි සැක කරන බවත් පොලීසිය පවසයි.
එම සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වේ.
@Don GasCan mehe waren, me police ballata danne nedda mewa karoth ahu wenawai kiyala, thaman monawa hari weraddak karala nithiya hallu karapu nisai job eka nathi une kiyala me balla denagenama apahu owa karanna tharan me ballo nugath neda