ලෝකයේ බංකොලොත් වෙච්චි කිසිම රටකට නොතිබුන වාසියක් අපිට තියෙනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න. ඒ ලංකාව සතුව තියෙන ඩොලර් මළු දෙකක් පිටරට හිර කරලා තියා ගෙන ඉන්න නිසා. මොනවද ඒ ඩොලර් මළු කියලා අපිට ලේසියෙන් හිතා ගන්න පුළුවන්.
ඉන් පළවෙනි මල්ල තමයි විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ මෙරටට එවන්නේ නැතුව හිර කර ගත්ත ඩොලර් මල්ල. දෙවැනි එක තමයි අපේම අපනයන කරුවෝ මෙරටට ගෙන්වා නොගෙන එතෙර ඉතිරු කර ගත්ත ඩොලර් මල්ල.
සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 7 ක් විතර ලංකාවට එවපු විදෙස් ගත ශ්‍රමිකයෝ ගිය අවුරුද්දේ එව්වේ ඩොලර් බිලියන 3 කට ආසන්නව. ඉතුරු ටිකෙන් කොටසක් උන්ඩියල් කලා. තව කොටසක් එවන්නේ නැතුව තමන්ගේ ගිණුම් වල තියා ගත්තා. දවසින් දවස ඩොලර් එකේ ගාණ වැඩි වෙන කොට ඩොලර් ලංකාවට එවලා ඉතුරු කරන එක පාඩුයි. ඒක තේරෙන්න ගත්ත ගමන් එවන එක අඩු උනා. එහේ එකතු කලා. කොටසක් වැඩි ගාණට උන්ඩියල් කලත්, ඔක්කොම එහෙම එව්වෙත් නෑ. මොකද උන්ඩියල් රේට් එකත් ටික ටික වැඩි උන නිසා. ඒ නිසා පවුල් වලට ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය ඒවා විතරයි එව්වේ.
මේ විදෙස් ගත ශ්‍රමිකයෝ ගොඩක් අය වීසා පදනම මත ඉන්න අය. පවුල් මෙහේ. ඒ අයට ඒ රට වල ආයෝජනය කරන්න හෝ ඉඩම් ගන්නවා වගේ දේවල් කරන්න බෑ. කරන්න තියෙන එකම දේ ගිණුමේ තියාගෙන ඉන්න එක විතරයි. ඉතිං සාමාන්‍යයෙන් මෙහේ එන මුදලින් කොටසක් එහේ එකතු උනා. මේ මුදල අනුමාන වශයෙන් බිලියන 3-4 ක් පමණ විය හැකියි.
ඒ වගේම යම් පිරිසක් ගිය අවුරුදු 2 තුල රට ගියා. ඒ යන්නේ ගොඩක් ණය වෙලා. දැන් වෙන කොට එහේ හම්බ කරගෙන ඒ ගත්තු ණය ගෙවන්න ලංකාවට සල්ලි එවන්න කාලේ හරි.
ඒ වගේම අපේ අපනයන කරුවන් පවා ලංකාවේ ඩොලර් ගිඟය නිසා සල්ලි මෙහේ නොඑවා එළියේ ඉතුරු කළා. Offshore holdings කිව්වේ මේවට. ඩොලර් එක වැඩි වෙලා වැඩි වෙලා උපරිමයකට ගියාට පස්සේ ඒවා මෙහේ ගෙන්වන එක තමයි වාසි.
දැන් රටේ ආර්ථිකය යම් ස්ථාවර වීමක් පෙන්නුම් කරන නිසා ඩොලර් එක පහළ බහින්න පටන් අරගෙන. මේකෙන් වෙළෙඳපොළට සිග්නල් එකක් දෙනවා. ඒ කියන්නේ අර ගොඩක් වැඩි වෙච්චි ඩොලර් මිළ අඩුවෙන්න පටන් අරගෙන කියන සිග්නල් එක. මහ බැංකුවෙන් මේ ඩොලර් මිළදී ගෙන වෙළෙඳපොළෙන් ඉවත් කරන්නත් දැන් නිදහස නෑ. ඒ IMF රෙගුලාසියක් නිසා. ඒ නිසා ඩොලරයේ මිළ සෑහෙන දුරකට ඉල්ලුම හා සැපයුම මත තීරණය වෙනවා. දැන් IMF ලෝන් එක වගේම තවත් ලෝක බැංකු සහන, තෙල් ව්‍යාපාර වල ආයෝජන සහ අනෙකුත් ප්‍රතිව්‍යුහගත කිරීම්, පුද්ගලීකරණය කිරිම් එක්ක ඩොලර් ලංකාවට එන්න තියෙන ඉඩ කඩ හින්දා සැපයුම තවත් ඉහළ යනවා. ඒ කියැවීම නිසා ඩොලර් එකේ මිළ තවත් පහළ යෑමට හැකි බව වෙළෙඳපොළට කියවා ගන්න පුළුවන්. මේ මිළ පහළ යෑමේ පණිවිඩය මගීන් අර විදෙස් රට වල ඩොලර් ඉතුරු කර ගත්ත ශ්‍රමිකයන්ට සහ අපනයන කරුවන්ට දැනෙන්නේ ඩොලර් ලංකාවට යවන්න කාලේ හරි වගේ සිග්නල් එකක්. ඒ නිසා ඒවා දැන් ලංකාවට එන්න පටන් ගන්නවා.
එහි ප්‍රථිපලය ඔබ දැන් භුක්ති විඳිනවා. ඒ කියන්නේ ඩොලරයේ සැපයුම ඉහල යෑම මත මිළ අඩු වෙලා තියෙනවා. එය තවත් පහළ යෑමට හැකියි.
ආනයන සීමා ඉවත් කිරීම මත ඩොලර් වලට ඉල්ලුමක් හැදුනොත්, මිළ ආයෙත් ටිකක් ඉහළ යන්න පුළුවන්. ඒත් දේශීය වෙළෙඳපොළ හැකිළී තිබීමත්, පුරවැසියන් ගේ වියදම් කිරීමේ හැකියාව දුර්වල වී තිබීමත් නිසා ආනයනික භාණ්ඩ වලට එක වර විශාල ඉල්ලුමක් නිර්මාණය වෙන එකක් නෑ. ඒ නිසා ඩොලර් වලටත් ලොකු ඉල්ලුමක් ඇති වෙන එකක්නෑ. ඒ නිසා දේශීයව තිබෙන විදෙස් සංචිත ක්‍රමයෙන් ඉහල යාවි. දැන් තිබෙන ඩොලර් බිලියන 3 සිට එය 7 දක්වා වත් වර්ධනය වූවොත් අපිට අර්බුදයට පෙර තිබූ සීමාවට පැමිණෙන්න පුළුවන්.
වාහන ආනයනය කිරිමට දෙනකම් විශාල ඩොලර් ඉල්ලුමක් ඇති වෙන එකක් නෑ. දේශීය සංචිත බිලියන 7 සීමාවට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වෙන කම් වත් වාහන ගෙන්වීමට නිදහසක් ලැබෙන එකක් නැ.
ඒ වෙන විට ඉල්ලුම හා සැපයුම වඩාත් හොඳ තැනක සමබර වී දේශීය සංචිත බිලියන 7 තියා ගන්න අපිට පුළුවන් උනොත්, අපි බොහෝම ඉක්මනින් මෙතනින් එතෙර වෙනවා. මේ වසර අග වෙනකොට ඒ තත්ත්වය දකින්න පුළුවන් වෙයි.
රටින් පිට තියෙන අපේම ඩොලර් මළු දෙක නිසයි එච්චර ඉක්මනින් ඒ තත්ත්වය උදා වෙන්නේ. වෙළෙඳපොළ සාධක නිවැරැදි නම් ඒවා මේ පැත්තට ගලන එක නවත්වන්න බෑ. හරියට දිය ඇල්ලක් කන්දකින් පහලට වැටෙනවා වගේ.
පැතුම් කර්නර් #පැතූනොමික්ස්