වැලිකඩ ගිනිගත් හැටි...

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වැලිකඩ ගිනිගත් හැටි...

    වැලිකඩ ගිනිගත් හැටි...



    kalu.jpg


    ඉතිහාසයේ කිසිදා නොවූ අයුරින් වත්මන් බන්ධනාගාර පරිපාලන බලධාරින්ගේ අමනෝඥ ක්‍රියාකලාපය හමුවේ දැන් මෙරට ප්‍රධානම බන්ධනාගාරය වූ වැලිකඩ බන්ධනාගාරයද සුණු විසුණු වී ගොස්‌ තිබේ.

    ඒ වසරක පමණ වූ කාලය තුළ දරුණු කඩා වැටීමකට ලක්‌ වූ තෙවැනි බන්ධනාගාරය ලෙසිනි. එයද සිදුව ඇත්තේ නිකම්ම නොව පෙර මැගසින් හා වව්නියාව යන බන්ධනාගාරවල සිදු වූ පරිදි රජයට වූ රුපියල් කෝටි ගණනක අලාභයක්‌ද සමගිනි.

    මෙරට බන්ධනාගාරවල දැඩි පීඩනයකින් යුතුව රඳවා සිටින සිරකරුවා සහ ඇතැම් ඉහළම බන්ධනාගාර බලධාරින්ගේ පටන් සිරකරුවා සූරා කන දූෂිත නිලධාරි මාෆියාවේ ක්‍රියාකලාපයන් හමුවේ රටපුරා බන්ධනාගාරවල බරපතළ තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් තිබෙන බව කාලයක සිටම අපි රටට හඬගා කීවෙමු.

    එයද සිදු කෙරුණේ එකී පීඩිත සිරකරුවන් සහ දූෂිත නිලධාරින් හමුවේ බන්ධනාගාර තුළ මෙවන් බිඳ වැටීමක්‌ සිදුවිය හැකි බවට අපට පෙනෙන්නට වූ පැහැදිලි පෙරනිමිතිද සමගිනි.

    එහෙත් අපේ එකී පෙන්වා දීම හමුවේ දිගින් දිගටම සිදු වූයේ කුමක්‌ද? වත්මන් බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා ඇතුළු බන්ධනාගාර බලධාරිහු නෑසු කන්ව සිටිමින් බන්ධනාගාර කණපිට හරවා යකා නටන්නට වූහ. මේ වසර ආරම්භයේ සිටම බන්ධනාගාර එකින් එක බිඳ වැටෙද්දීත් ක්‍රියාත්මකව තිබූ නිලධාරි මාෆියාව එසේම විය.

    පයබරවායට පිsටිකරට බෙහෙත් බඳින්නාක්‌ මෙන් වූ ඇමැතිවරයා ප්‍රධාන බන්ධනාගාර බලධාරින්ගේ උද්ධච්ඡ ක්‍රියා හමුවේ දිගින් දිගටම සිදුවූයේ සිදු නොවිය යුතු දේම විය.

    ඉකුත් කාලයේ සිදුවූ මෙකී බන්ධනාගාර බිඳ වැටීමේදී මුලින්ම කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ සිරකරු කැරැල්ලක්‌ නිර්මාණය වූයේ එහි සිටින දූෂිත නිලධාරියකුගේ වන් මෑන් ෂෝ තීරණයක්‌ මත සිරකරුවාට පිටතින් ලැබෙන බත්පත අහිමි කරන්නට ගත් තීරණයක්‌ හමුවේ විය.

    අපි එකී නිලධාරියා දූෂිතයෑයි කියනුයේ ඔහුගේ රාජකාරි ජීවිතය තුළ හෙතෙම දූෂිත ක්‍රියා ගණනාවක්‌ හමුවේ විනය පරීක්‍ෂණවලට මුහුණ දුන්නෙකු බව අනාවරණය වී තිබෙන නිසාවෙනි.

    මේ වසරේ සිදු වූ දෙවැනි බන්ධනාගාර බිඳ වැටීම ලෙසින් එල්ටීටීඊ ත්‍රස්‌තවාදී රැඳවියන් රඳවා සිටි වව්නියාව බන්ධනාගාරය තුළ දරුණු කැරැල්ලක්‌ ඇති වූයේ මීට මාස හයකට පමණ ඉහතදී විය. එහිදී සිදු වූයේ කුමක්‌ද?

    ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා ධුරයට පැමිණීමත් වව්නියාව බන්ධනාගාර තුළ සිදු නොවිය යුතු ලෙසින් සිදු කෙරුණු නිලධාරි ස්‌ථාන මාරුකිරීම් කිහිපයක්‌ එසේ ත්‍රස්‌ත සැකකරුවන් ප්‍රබල වී හිස එසැවීමට මූලික නිමිත්ත වී තිබිණ.

    සියලු අතීත පාඩම් එසේ වෙද්දී ඉකුත් සිකුරාදා වැලිකඩ බන්ධනාගාරය තුළ දරුණු පිපිරීමක්‌ සිදු වූයේ මේ අතර තුරය. ඒ කෙසේද? බන්ධනාගාර බලධාරින්ගේ ඉල්ලීමකට අනුව මීට මාසයකට පමණ ඉහත පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ තුන්සියයක පමණ නිලධාරින් පිරිසක්‌ පැමිණ කොළඹ රිමාණ්‌ඩ් බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්‌ සිදු කළහ.

    ඒ රැඳවියන් සන්තකයේ තිබෙන තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන දෙන්නැයි බන්ධනාගාර බලධාරින්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුව විය. එහිදී කිසිදු කලබලකාරී තත්ත්වයකින් තොරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පරීක්‍ෂා කර ජංගම දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක්‌ අත්අඩංගුවට ගැනීමටද විශේෂ කාර්ය බළකා සෙබළුන්ට හැකි විය.

    මේ අකාරයෙන්ම ඉකුත් සිකුරාදා ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා ඇතුළු බන්ධනාගාර ඉහළ බලධාරින්ගේ ඉල්ලීමකට අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සන්නද්ධ නිලධාරින් පන්සියයක පමණ පිරිසක්‌ වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්‌ සඳහා එහි පැමිණියහ.

    ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සන්තකයේ ඇති බව කියූ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ අටියෙනි. මෙසේ සිකුරාදා පස්‌වරු 1.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත ළඟා වූ එස්‌ටීඑෆ් සෙබළුන් ඊට ඇතුළු වී මුලින්ම ගියේ රිමාන්ඩ් සැකකරුවන් රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්‌ටුව දෙසටය.

    මෙම මෙහෙයුම පිළිබඳ ඒ වන විට ප්‍රදේශය භාර කිසිදු උසස්‌ පොලිස්‌ නිලධාරියකුට දැනුම් දී නොතිබීමද විශේෂ සිදුවීමකි. ඒ බව අනාවරණය කරනුයේ පොලිසියේම උසස්‌ නිලධාරින් විසිනි.

    මෙසේ වැලිකඩ බන්ධානාගරයේ එල්. වට්‌ටුව වෙත ගිය එස්‌ටීඑෆ් නිලධාරිහු මුලින්ම එහි සිටි රැඳවියන් අටසියයක්‌ පමණ දෙනා පිළිවෙළින් ගෙන තාවකාලික අත් මාංචු යොදා පසෙකට කර පැය දෙකක පමණ කාලයක්‌ එම ගොඩැනැගිල්ල සියුම් පරීක්‍ෂාවකට ලක්‌ කළහ.

    එකී පරීක්‍ෂාවෙන් පසු එස්‌ටීඑෆ් නිලධාරින්ගේ ඊළඟ අවධානය යොමු වූයේ මරණීය දණ්‌ඩනය, ජීවිතාන්ත සිර දඬුවම් සහ දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබූ සිරකරුවන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ චැපල් බිල්ඩිමට විය.

    ඒ අනුව එහි ගිය විශේෂ කාර්ය බළකා නිධාරිහු චැපල් බිල්ඩිමේ රඳවා සිටි සිරකරුවන්ටද අත් මාංචු යොදා පරීක්‍ෂා කිරීම් ආරම්භ කළහ. ඒ සමගම සිරකරුවන් වෙතින් තමන්ට අත්මාංචු දැමීම පිළිබඳ විරෝධතාවක්‌ මතුවන්නට වූයේ එස්‌ටීඑෆ් නිලධාරින් නොසිතු අයුරිනි.

    එහෙත් එකී විරෝධය නොතැකූ එස්‌ටීඑෆ් නිලධාරීහු තමන්ට පැවරී ඇති රාජකාරිය දිගටම කරගෙනු යනු ලැබූහ. එසේ පරීක්‍ෂා කිරීම් සිදු කරමින් සිටි එස්‌ටීඑෆ් නිලධාරින් එම පරීක්‍ෂාව නිමා කිරීමට ආසන්න වෙමින් තිබියදී තමන්ට අත් මාංචු දැමීම සම්බන්යෙන් සිරකරුවන් වෙතින් නැගෙමින් තිබූ විරොAධයද එන්න එන්නම උත්සන්න වන්නට විය.

    මේ මොහොත වන විට චැපල් බිල්ඩිම පරීක්‍ෂාවට ගිය විශේෂ කාර්ය බළකා නිධාරින් නොදත් දෙයක්‌ද බන්ධනාගාරය තුළ සිදුව තිබිණ. ඒ සෑම දිනකම සුපුරුදු පරිදි සිදුවන අයුරින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි තවත් සිරකරුවන් දෙදහසක්‌ පමණ දෛනික වැඩ සඳහා වැලිකඩ බන්ධනාගාරයේ බිංගෝ අංශය වෙත යොමුකර සිටීම විය.

    විශේෂ කාර්ය බළකායට චැපල් බිල්ඩිමේ සිරකරුවන් වෙතින් නැගෙන විරෝධය අතරේ එහි සිටි එක්‌ සිරකරුවකු කලහකාරී ලෙස හැසිරෙන්නට වූයේ මේ අතරතුරය. එහිදී එකී සරකරුවා පාලනය කිරීමට එක්‌ විශේෂ කාර්ය බළකා නිලධාරියකු ඔහුව පසෙකට තල්ලු කර දැමීය.

    ඒ සමගම චැපල් බිල්ඩිම තුළ ඇති වූයේ එස්‌ටීඑෆ් නිලධාරින් කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්ත්වයකි. සිරකරුවෝ එක පොදියට එක්‌වී විරෝධය පාන්නට වූ අතර මහා ගෝෂාවක්‌ ලෙසින් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හූ තබන්නටද වූහ.

    එසේ සිරකරුවන් ප්‍රකෝපකාරී වීමත් සමග තත්ත්වය පාලනය කරගැනීමේ අදහසින් විශේෂ කාර්ය බළකා නිලධාරිහු චැපල් බිල්ඩිමේ සිටි සිරකරුවන් දෙසට කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබූහ. එතැන් පටන් වැලිකඩ බන්ධනාගාරයේ මෙදා ඇති වූ සිද්ධිය ඒ මොහොතේ එහි සිටි බන්ධානාගර නිලධාරින්ම කියන පරිදි මෙසේය.

    "ඔව්. එස්‌ටීඑෆ් එක කඳුළු ගෑස්‌ ගැහුවට පස්‌සේ සිරකාරයෝ තවත් කලබල වුණා.. මේ වෙලාවේ කවුරුත් නොහිතපු විදිහට බිංගෝ අංශයේ වැඩට දාල හිටපු තුන්දාහක්‌ විතර හිරකාරයෝ ටිකත් එතන තාප්පෙත් කඩාගෙන ඉස්‌සරහට දුවගෙන එන්න පටන් ගත්තා.

    එස්‌ටීඑෆ් නිලධාරින් ඒ වෙලාවේ දුවගෙන ආපු හිරකාරයන්ටත් කඳුළු ගෑස්‌ ගැහුවා.. ඒ කඳුළු ගෑස්‌ පාරවල් හිරකාරයන්ට විතරක්‌ නෙමේ බන්ධනාගාර නිලධාරින්ගේ බැරැක්‌කවලට වගේම අවට තිබුණු නිල නිවාසවලටත් වැදුණා.

    එක රොත්තට ඉදිරියට එමින් සිටි සිරකරුවන්ව පාලනය කර ගත යුතු නිසයි ඔවුන් ඒ වගේ දැවැන්ත කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කළේ. එහෙම කඳුළු ගෑස්‌ ගහන අතරේ විශේෂ කාර්ය බළකා නිලධාරින් බන්ධනාගාරයෙන් පිටතට ගියා.

    ඒ විදිහට එස්‌ටීඑෆ් නිලධාරින් යනකොට බිංගෝ අංශයේ ඉඳන් ආපු සිරකරුවන් කළේ අතට අහුවෙන ගල් මුල් අරගෙන ඔවුන්ට පහර දීමයි. ඒ පහරවල් කාගෙනම එස්‌ටීඑෆ් නිලධාරින් බන්ධනාගාරයෙන් පිට වුණා..

    ඒත් ප්‍රකොප්කාරී වුණු හිරකාරයෝ නතර වුණේ නැහැ.. උන් ඊට පස්‌සේ බන්ධනාගාරයේ තිබුණු ආයුධ ගබඩාවක්‌ කඩලා ඒකේ තිබුණු ටී. 56 ගිනි අවි අතට ගත්තා..

    මෙසේ ටී. 56 ඇතුළු බන්ධනාගාර ආයුධ ගබඩාවේ තිබුණු අවි අතට ගැනීමත් සමග ඒ වන විට බන්ධනාගාරයේ එළිමහන් පිටියේ සිටි සිරකරුවෝ කණ්‌ඩායමක්‌ බන්ධනාගාර ගොඩනැගිලිවල වහළ මත නැගී ගිනි අවි එල්ල කරමින් පිටත සිටි එස්‌ටීෆ් නිලධාරින්ට තර්ජනය කරන්නට වූහ. ඒ සමගම එස්‌ටීඑෆ් නිලධාරින්ද අහසට වෙඩි තබමින් තත්ත්වය පාලනය කර ගැනීමට දැරුවේ දැඩි උත්සාහයකි. එහෙත් ඒ සියල්ල ව්‍යර්ථ වූයේ බලා සිටියදීම විය. බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ඉල්ලීමකට අනුව මෙවර එස්‌ටීඑෆ් නිලධාරින් යොදවා වැලිකඩ බන්ධනාගාරය පරීCක්‍ෂා කිරීමට යැම හමුවේ මාර යුද්ධයක්‌ නිර්මාණය වූයේ එලෙසිනි. එතැන් පටන් සිදු වූයේ කුමක්‌ද?

    ගිනි අවි අතට ගත් සිරකරුවෝ අරුම පුදුම ලෙස බන්ධනාගාරය තුළ වූ පතුරම්ද රැගෙන අත වූ ගිනි අවිවලින් පිටත සිටි එස්‌ටීඑෆ් නිලධාරින්ට වෙඩි තබන්නට වූහ. ඒ සමගම එය දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක්‌ දක්‌වා වර්ධනය වීමට වැඩි කාලයක්‌ ගත නොවිණි. එම වෙඩි හුවමාරුව එදින සවස්‌ වන තුරුම පැවැතින.

    මේ වන විට එතෙක්‌ බන්ධනාගාරය තුළ සිටි නිලධාරීන්ද සිටියේ එය හැරදා පිටතට පැමිණෙමිනි. වැලිකඩ බන්ධනාගාරයේ සම්පූර්ණ පාලනය සිරකරුවෝ අතට පත්වූහ. මෙසේ ගැටුම සිදුවන අතරේ එක්‌වරම බන්ධනාගාරය දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක්‌ එස්‌ටීඑෆ් සෙබළුන් දෙසට වෙඩි වරුසාවක්‌ එල්ල කරමින් ඉදිරියට එන්නට වූයේ කිසිවකු නොසිතූ පරිද්දෙනි.

    ඒ වන විට ඇති වූ තත්ත්වය නිරීක්‍ෂණයට පැමිණි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්‌පති ආර්. රණවන මහතාද එම ස්‌ථානයේ විය. රණවන මහතා වෙඩි වැදී තුවාල ලබන්නේ ඒ මොහොතේදීය.

    පස්‌වරු 4.30 ට පමණ ඇති වූ වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම හිරු අවරට ගොස්‌ රාත්‍රිය උදාවෙමින් තිබියදීත් මොහොතින් මොහොත උත්සන්න විය. අවි අතට ගෙන සිටි සිරකරුවෝ සියලු සීමා ඉක්‌මවා යමින් වියරුවෙන් මෙන් හැසිරෙන්නට වූහ. රාත්‍රියද එළැඹි අතර ඒ වන විටත් සිරකරුවන් විටින් විට අහසට හා බන්ධනාගාරය ඉදිරිපිටට වෙඩි තබමින් සිටියහ.

    බන්ධනාගාරය වටා ආරක්‍ෂාවට සිටි නිලධාරිහුද සිරකරුවන් එසේ වෙඩි තබද්දී බන්ධනාගාරය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ. ගැටුම දිගින් දිගටම ඇදී යද්දී අවස්‌ථා ගණනාවකදීම සාකච්ඡා මාර්ගයෙන් සිරකරුවන් අත වූ ගිනි අවි ඉවත් කොට සියල්ල සමතයකට පත් කර ගැනීමට වැලිකඩ බන්ධනාගාරය අසළ රාජකාරි සඳහා කැඳවා තිබූ යුද හමුදා නිලධාරිහු උත්සාහ දරමින් සිටියහ.

    එහෙත් සිරකරුවන් වෙතින් ඊට පැහැදිලි අවධානයක්‌ යොමු කළ බවක්‌ පෙනෙන්නට නොවිණි. සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේත් අවි අතට ගෙන සිටි සිරකරුවන් විටින් විට පිටතට වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් ඒ බව තහවුරු විය.

    "මහත්තයෝ මේ ඇතුළේ ඉඳන් වෙඩි තියන අපේ යක්‌කු ගංජා හරි ටැබ්ලට්‌ හරි ගහලා ඉන්නේ. මුන්ට වෙඩි තියන්න එපා කිව්වට අහන්නේ නැහැ.. වැඩිපුර කියන්න යන්නත් බැහැ. අපිටත් තියයිද කියලා බයයි.. මෙසේ වෙඩි තැබීම් සිදුවන අතරේ එදින රාත්‍රි 11.00 ට පමණ වැලිකඩ බන්ධනාගාරය තුළ සිට අප ඇමතූ සිරකරුවකු බන්ධනාගාරය ඇතුළත තත්ත්වය පැහැදිලි කළේය.

    සිරකරුවන් ප්‍රකෝපකාරී ලෙස පෙරේදා රාත්‍රි 11.40 ගිනි අවි භාවිත කරමින් සිටි බැවින් තවදුරටත් තත්ත්වය පැවැතීමට ඉඩ තැබිය නොහැකි නිසාa අවසානයේ යුද හමුදාව තීරණයක්‌ ගනු ලැබීය.

    ඒ අනුව බන්ධනාගාරය තුළ මෙහෙයුමකට සූදානම් වු යුද හමුදා commando සෙබළුන් පිරිසක්‌ හරියටම රාත්‍රි 11.55 ට පමණ වෙඩි වරුෂාවක්‌ බන්ධනාගාරය දෙසට එල්ල කරමින් ඊට ඇතුළු විය.

    යුද හමුදා සන්නද්ධ රථයකින් ලැබුණු ආලෝකය මැද්දේ බන්ධනාගාරයට ඇතුළු වූ commando සෙබළුන්ට එහි පාලනය සම්පූර්ණයෙන් සියතට ගැනීමට ගත වූයේ පැය දෙකක පමණ කාලයකි . ඒ වන විටත් අවිගත් සිරකරුවෝ බොහොමයක්‌ යුද හමුදා ප්‍රහාරයෙන් පරලොව ගොස්‌ සිටියහ.

    යටත් වු සිරකරුවන් අත තිබූ ගිනි අවිද තමන් භාරයට ගත් යුද හමුදා commando සෙබළුන් මෙරට කීර්ති නාමය වැනසෙමින් සිදු වන්නට ගිය තවත් විනාශයක්‌ අවසන් මොහොතේ වළක්‌වා ගත්තේ මෑත ඉතිහාසයේ කළ වික්‍රමාන්විතයන් යළිත් රටට සිහි ගන්වමිනි.

    මෙසේ සිදු කෙරුණු යුද හමුදා මෙහෙයුමත් සමග (10 වැනිදාට) පහන් වන විට සියල්ල යථා තත්ත්වයට පත්ව තිබිණි. නමුත් ඒ වන විට රට හොල්ලා බන්ධනාගාරයේ නවාතැන් ගෙන සිටි පාතාලයන් රැසක්‌ද සිටියේ හමුදා ප්‍රහාරයේ තරම කියාපාමින් අත දැරූ අවි සමගම පරලොව ගොසිනි.

    වැලිකඩ ඇවිලී ගිය ගින්න නිවී ගියේ එසේය. එහෙත් මේ සියල්ල අවසානයේ බන්ධනාගාර ඇමැතිවරයාගෙන් අසන්නට අපට කරුණක්‌ තිබේ.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අරක්‌ ගෙන සිටින දූෂිතයන් පන්නා දමා නිසි ක්‍රමවේදයන් ඔස්‌සේ නවීන තාක්‍ෂණය හෝ භාවිත කර සිරකරුවන් වෙත තහනම් ද්‍රව්‍ය යැම වැළැක්‌වීමට පියවර රට මුදා ගත් විරුවන් මෙවන් කටයුතුවලට යොදා ගැනීම යුක්‌ති සහගතද?

    යම් අයුරකින් සිරගෙවල් පරීක්‍ෂා කිරීම වැනි තුට්‌ටු දෙකේ වැඩ හමුවේ මව් බිම වෙනුවෙන් වික්‍රමාන්විත මෙහෙවරක යෙදුණා වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ හෝ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ විරුවකුගේ ජිවිතයට හානියක්‌ වූයේනම් ඊට වගකියන්නට ඔබට හැකි වන්නේද?

    විරුවන් යොදවා බන්ධානාගර පරීක්‍ෂා කෙරෙන්නේ නම් හැබෑටම මේ රටට බන්ධනාගාර දෙපාර්තමේන්තුවක්‌ කුමකටද?





    සමන් ගමගේ


    divaina
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දිවයින පත්තෙරෙන්ද ගත්තේ. පට්ට බොරු.උන් කඩපු ආයුධ ගබඩාවක් නෑ.:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය ඔක්කොටම වග කියන්න ඕන අර jailers ලා.ඕකුන් තමා හිරකාරයොන්ට කුඩු,ගංජා ,ෆෝන් ගිහින් දෙන්නේ.ඒක තමා හිරකාරයෝ උන්ට ඔය තරම් ලව්.
    ඔක්කොටම ඉස්සෙල්ලා ඕකුන්ට වෙඩි තියලා දාන්න ඕන.අර මෝඩ ඇමතියටත් දෙන්න ඕන සොට් එක.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දිවයින පත්තෙරෙන්ද ගත්තේ. පට්ට බොරු.උන් කඩපු ආයුධ ගබඩාවක් නෑ.:lol:

    :rolleyes:ඇයි උබේ ඇස් පේන්නේ නැද්ද?ඔය දාල තියෙන්නේ ගත්ත තැන.:lol:

    උබත් ඇතුලේ හිටියද?
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය ඔක්කොටම වග කියන්න ඕන අර jailers ලා.ඕකුන් තමා හිරකාරයොන්ට කුඩු,ගංජා ,ෆෝන් ගිහින් දෙන්නේ.ඒක තමා හිරකාරයෝ උන්ට ඔය තරම් ලව්.
    ඔක්කොටම ඉස්සෙල්ලා ඕකුන්ට වෙඩි තියලා දාන්න ඕන.අර මෝඩ ඇමතියටත් දෙන්න ඕන සොට් එක.

    :yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය ඔක්කොටම වග කියන්න ඕන අර jailers ලා.ඕකුන් තමා හිරකාරයොන්ට කුඩු,ගංජා ,ෆෝන් ගිහින් දෙන්නේ.ඒක තමා හිරකාරයෝ උන්ට ඔය තරම් ලව්.
    ඔක්කොටම ඉස්සෙල්ලා ඕකුන්ට වෙඩි තියලා දාන්න ඕන.අර මෝඩ ඇමතියටත් දෙන්න ඕන සොට් එක.


    machan hariyata danna deyak katha karapan.....nikan ubata hithena deval kivvata vedak ne...oya siddiya mita masa 8 kata issella patan gaththa mission ekaka avasanaya...mita vada mukuth kiyanna be mata..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    machan hariyata danna deyak katha karapan.....nikan ubata hithena deval kivvata vedak ne...oya siddiya mita masa 8 kata issella patan gaththa mission ekaka avasanaya...mita vada mukuth kiyanna be mata..

    කුඩු,ෆෝන්,ගංජා ඇතුලට යන්නේ ඇවිදගෙන කියලද උබ කියන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :rolleyes:ඇයි උබේ ඇස් පේන්නේ නැද්ද?ඔය දාල තියෙන්නේ ගත්ත තැන.:lol:

    උබත් ඇතුලේ හිටියද?
    දිවයින පත්තරේ ඉන්න උන් දකුනු පලාතේ පොන්ස්ලා ටිකක්.උන් කරන්නේ දකුනෙන් ආපු ගොන් රජාගේ පුක සිඹින එක.
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ..... නිකන් ලෝකෙට නෝන්ඩි උනා විතරයි..... මීට වඩා සැලැස්මක් ඈතුව මේ වැඩේ කරන්න තිබ්බා...... :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දිවයින පත්තරේ ඉන්න එවින් දකුනු පලාතේ පොන්ස්ලා ටිකක්.උන් කරන්නේ දකුනෙන් ආපු ගොන් රජාගේ පුක සිඹින එක.

    උබ මොකද කොටින්ගේ සයිට් බලන්නේ?උබ දෙමළද?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කුඩු,ෆෝන්,ගංජා ඇතුලට යන්නේ ඇවිදගෙන කියලද උබ කියන්නේ.


    eva gena nemey bn mama kivve...oya pahugiya davas vala vechcha de...uba dannavada oya search ekata giya STF eke set eka mita masa 8 kata kalin Walikada hireta demma kiyalavath..???ea demme mokatada...,,, ethanin thamay oke idan aparada karana pathalayo kawda kiyala hariyatama hoya ganna..anna ea hoyagaththa eavunta thamay eda oya shot eka dunne..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපෝ කොටින්ට පුක දෙන සයිට් එක.ලංකා ගූ නිව්ස් :lol:
    පැත්තක් ගියත් ඇත්ත කතා කරන් එවුන් ටික දෙනෙක් තවමත් ඉන්නවා.ඇත්ත කතා කරන්නයි වෙඩි කන්නයි බය වෙන්න ඕන නෑ.:lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පැත්තක් ගියත් ඇත්ත කතා කරන් එවුන් ටික දෙනෙක් තවමත් ඉන්නවා.ඇත්ත කතා කරන්නයි වෙඩි කන්නයි බය වෙන්න ඕන නෑ.:lol::lol:

    ඇත්ත කතා කරාට කමක් නැහැ කොටින්ට පුක නොදී.මහින්දට කැමති නැහැ කියලා කොටින්ට සපෝර්ට් කරන්න බැහැනේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ මොකද කොටින්ගේ සයිට් බලන්නේ?උබ දෙමළද?
    ඇත්ත කතා කරාට කමක් නැහැ කොටින්ට පුක නොදී.මහින්දට කැමති නැහැ කියලා කොටින්ට සපෝර්ට් කරන්න බැහැනේ.

    ඔව් උඹලා දිවයින සිලුමින අයි.ටී එන් බලල බල ඉඳපල්ලා.ඇත්ත දැන ගන්න පුලුවන්.යකෝ මිහින්ප්‍රේමය සහ දේශප්‍රේමය දන්නේ නැති උඹලා වගෙ ගොබ්බයන් එක්ක කතා කරලා වැඩක් නෑ.
    :lol:
     
    Last edited: