වැලිකඩ බන්ධනාගාරය හොරණට - හිස්වන ඉඩමේ හෝටල් ව්‍යාපෘතියක් ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

    රක්ෂිත බන්ධනාගාරගත කරන්නන් වරදකරුවන් නොවන අය බැවින් රිමාන්ඩ් බන්ධනාගාරය හොරණට රැගෙන යන විට ඒ අය සම්බන්ධයෙන් පහසුකම් ස්ථාපිත කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයාබැලීමට සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශකර තිබේ.

    රුපියල් බිලියන 30ක් වැයවන එම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිත අතර රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමක් මේ මොහො‌තේ සිදුනොවන බැවින් රජයට බරක් නොවී විකල්ප මාර්ග ඔස්සේ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තුවන බව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍ය මෙහි දී ප්‍රකාශ කර ඇත.

    මැගසින් බන්ධනාගාරය පළමුවත් සෙසු බන්ධනාගාර ඉන් අනතුරුවත් මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කෙරෙන අතර වැලිකඩ එල්ලුම්ගහ ද මේ යටතේ හොරණට රැගෙන යන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

    මේ අතර බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 40ක වැලිකඩ බන්ධනාගාර භූමිය හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

    බන්ධනාගාර භූමියේ ඇති චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් ඒ සඳහා වෙන්කර ඇති බව වාර්තා වේ.

    ඒ, හැරුණු කොට වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කර ඇති අතර ආයෝජකයන් කිහිප දෙනෙකු මේ වනවිටත් එම ව්‍යාපෘති සඳහා එකඟතාව පළකර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

    වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට සූම් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී ලොහාන් රත්වත්තේ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

    දැනට කැමැත්ත පළකර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ලකේ පකේ පෑලෑනින් තමයි, හිරගේ ටවුමකම තියෙන්න ඕනනෑනේද ?
    ඉඩං මදිනැතුව තියන වියළිකළාපේ ශූෂ්ක පරිසරේක හැදුවන මොකද ? හොරණ එකාලත් රෙද්ද උස්සන් දැනගලුවනේද යහපාලන කාලෙ ඕක එපා කියල
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    නාකි මයිනා බය වෙලා නේද දැන් මීටිමකටවත් එන්නෙ නෑ ඔක්කොම සූම් :rofl: :lol:
    කොවින් ටෙස්ට් එකට ඔච්චරම බය මොකෝ දන්නෑ
     
    • Haha
    Reactions: Roxxy2K

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අපිනන් අහලා තියෙන්නේ හිරගෙයක් වැහෙනකොට පාසලක් ඇරෙනවා කියලා, ඒත් දැන් බලාගෙන ගියාම හිරගෙයක් වැහෙනකොට ඇරෙන්නේ වෘත්තිය ගණිකා මඩමක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරගේනම් ඔතනින් අයින් කරන එක හොදයි, උන් අපා දුක් විදින්නෙ ..පොඩ්ඩක් ගස් කොලන් තියෙන තැනකට ගෙනියන එක පිනක්,