"වැලිකඩ" වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "වැලිකඩ" වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම

    "වැලිකඩ" වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම

    sinkoti1.jpg





    'ජුදාස්‌" පරදන තරමේ පාවා දෙන්නෝ අප අතරේ හැමදාමත් සිටියහ. අපේ ඉතිහාසයේද එවැන්නන්ගේ කතා බොහෝ ඇත. ප්‍රභාකරන්ගේ ශාපයෙන් මේ රට වැනසෙමින් තිබියදීද එවැනි නරුමයන් කළ පාවා දීම් අනන්තවත් සිදු විය.

    එකී පාවා දීම්වලදී ඔවුනට අම්මා, අප්පා, රට, ජාතිය සහ ආගම ආදී වශයෙන් වූ කිසිවක්‌ පිළිබඳ වැදගත්කමක්‌ නොවීය. කුමක්‌ හෝ වේවා පාවා දීම ඔවුන්ගේ බඩගෝස්‌තරය වී තිබිණි. ඉතින් උන් සැවොම එක්‌වී නිති කරනු ලැබුවේ බඩවඩා ගැනීම උදෙසා සියල්ල පාවා දීමය.

    මෙකී පාවා දෙන්නන් "ජුදාස්‌" පරදන තරමේ උන් යෑයි කියන්නටද හේතු සාධක බොහෝ ඇත. එදා කාසි මල්ලක්‌ ඉදිරියේ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ පාවා දුන්නද ජුදාස්‌ට හෘද සාක්‍ෂියක්‌ තිබුණේය. එහෙයින් හේ එම පාවාදීමෙන් පසු ගෙල වැලලා ගෙන සිය දිවි නසා ගත්තේය. නමුත් ජුදාස්‌ට එසේ හෘද සාක්‍ෂියක්‌ තිබුණද මෙකී පාවා දෙන්නන්ට එවැන්නක්‌ නොමැත.

    එනිසා උන් හැමදාමත් කළේ ඔබත් මාත් වෙසෙන මේ සමාජය තුළ සිටිමින් සමාජයම පාවාදී සියල්ල අලෙවි කර බඩ වඩා ගන්නා අතරේ සමාජය තුළටම වැදී සැඟවීමමය. එසේ අප අතරට වැදී සිටින මෙකී පාවා දෙන්නන්ගේ කතා පෙළේ අලුත්ම කතාව මේ මොහොතේ කරළියට පැමිණ තිබෙන්නේ විශ්මිත අයුරිනි.

    එහිදී මෙකී නරුම පාවා දෙන්නන් එකට එක්‌ව පහර දෙන්නට සැරසෙනුයේ කොතැනකටද? මේ රට යක්‍ෂයාගෙන් ගලවා ගත් ත්‍රිවිධ හමුදා හා පොලිසිය ආදී ලෙසින් වන අපේ රණවිරුවන් දැන් ඔවුන්ගේ ඉලක්‌කය වී තිබෙන්නේය.

    පවතින "යහ පාලනය" තුළ දෙමළ බෙදුම්වාදයට යළි මාවත විවර කෙරෙමින් තිබෙන්නේය යන්න ඉකුත් සතියේ මෙරට මාධ්‍ය තුළ කතාබහට ලක්‌ වූවකි. පසුගිය දා උතුරු පළාත් සභාව තුළ සම්මත කෙරුණු රටට එරෙහි යෝජනාවෙන්ද කියෑවුණේ ඒ කතාවය.

    නමුත් වත්මන් "යහ පාලනයට" එකී අවදානම පිළිබඳ සිතන්නට වුවමනාවක්‌a නැති බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි. ඊට ඇති කදිම සාක්‍ෂිය වන්නේ එදා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය සමඟ දීග කමින් මේ රට පාවා දුන් අපතයෝ රැලක්‌ මෙදා රණවිරුවන්ට පහර දීමට සැරසෙද්දී ආණ්‌ඩුවේ ඇතැමුන්ද ඔවුන් අතරට ගොස්‌ හිස අතගා "ඔහොම යමං පුතා" න්‍යායෙන් කටයුතු කරමින් සිටීමය.

    ඉකුත් 2012 වසරේ නොවැම්බර් මස කොළඹ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ල අද මෙසේ රණවිරුවන්ට පහර දීමට සැරසෙන අමන රෑළ සිය ප්‍රධාන සටන් පාඨය බවට පත් කරගෙන තිබෙන්නේ කෙන්දක්‌ ගෙන මෙන්න කන්ද යෑයි ආණ්‌ඩුවට පෙන්වමිනි.

    රටට එරෙහි විජාතික බලවේගයන්ගේ ඉත්තන් වී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට කඩෙ ගිය මෙකී අමන පාවා දෙන්නන්ට කෙන්ද කන්ද කිරීම යනු සුළු දෙයකි. එහෙත් ගැටලුව වන්නේ උන් පෙන්වන කෙන්ද දැක ඔව් එය කන්දක්‌ යෑයි කියන්නට තරම් වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතියන්ද "මොන්ටිසෝරි" තත්ත්වයට ඇද වැටී සිටීමය.

    යහ පාලනය මේ යන්නේ "මිලේනියම් සිටි" අංක දෙක වෙතටද? සිදුවන සියල්ල ඉදිරියේ අපට තවමත් වටහාගත නොහැකිව ඇත්තේ ඒ ටිකය. නමුත් යළි එවැන්නක්‌ සිදු වුවහොත් අතීත මතකයන් සමඟ මේ රටට ආදරය කරන මිනිසුන්ගේ ශාපයෙන් මිදෙන්නට යහ පාලනයේ කිසිවකුටත් නොහැකි වනු ඇත.

    අද දවසේ ඉහත කී නරුමයන් වැලිකඩ බන්ධනාගාරයේ එකී සිද්ධිය සිය බඩ වඩා ගැනීමේ අලුත්ම මෙහෙයුම බවට පත් කරගෙන සිටිනුයේ එල්ටීටීඊය වනසා රටට විමුක්‌තිය උදා කර දුන් රණවරුවා කෙරෙහි ඇති වෛරය නිසාම බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි.

    එදා වැලිකඩ බන්ධනාගාරයේදී සිදු වූයේ කුමක්‌ද යන්න අපි මීට ඉහත ලිපියකදීද මැනවින් සටහන් කළෙමු. ඒ වගකීම් සහිතවය. "දිවයින" යනු මේ රටේ බන්ධනාගාරගත සිරකරුවන්ගේ දුක හා පීඩනය පිළිබඳ වැඩියෙන්ම කතා කළ මාධ්‍යයකි. එනිසාම මෙරට ඇති ඕනෑම බන්ධනාගාරයක සිදු වන සිදුවීමක තොරතුරු අසුරු සැණින් දැන ගැනීමේ සබඳතා ජාලයක්‌ "දිවයිනේ" අපට ඇත.

    එය වැලිකඩ බන්ධනාගාරය අරබයාද එදා මෙන්ම අදටත් පොදුව තිබෙන්නකි. එහෙයින් උපදින මොහොතේ ගසක්‌ යට පෙකණිවැල කපන ලද, ජාතියක්‌ ජන්මයක්‌ නැති අපතයන් වී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට ආවඩා කිලිනොච්චි කැලයේදී එල්ටීටීඊ සටන් පුහුණුව ලැබ කොළඹට බෝම්බ ගැසූ පවට හිරේ ගිය වුන් කියන කතා මෙන් නොව වැලිකඩ සිද්ධිය පිළිබඳ අප තැබූ සටහන් තුළ වූයේ සත්‍යවාදී බවමය.

    ඒ සත්‍යවාදිත්වය තුළ රැඳෙමින් කාගේත් වැටහීම පිණිස එදා වැලිකඩ සිද්ධියේ දී වූ දේ නැවතත් අපි මෙසේ සටහන් කරන්නෙමු. 2012 නොවැම්බර් මාසය වන විට වැලිකඩ බන්ධනාගාරය වූයේ පාලනය කළ නොහැකි තරමට මත් කුඩු ජාවාරමේ මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වය. පාවා දෙන්නන් අද කියන කතාවට අදාළ දිනයේ එස්‌ටීඑµa වැලිකඩට ගියේ එහි පවතින තත්ත්වය වැළකීමේ අදහසිනිs.

    නමුත් එහිදී සිදු වූයේ කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. බන්ධනාගාරයට ගිය එස්‌ටීඑµa නිලධාරින්ට බලාපොරොත්තු නොවූ ලෙස සිරකරුවන්ගෙන් විශාල අභියෝගයක්‌ එල්ල වන්නට විය. අවසානයේ එය දරුණු ගැටුමක්‌ බවට පරිවර්තනය වූයේ නොසිතූ අයුරිනි.

    එහිදී සිරකරුවෝ බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා නිලධාරින්ට වෙඩි තබන්නට වූහ. කෙටි වේලාවක්‌ තුළ බන්ධනාගාරය යුද පිටියක්‌ කෙරෙමින් නිර්මාණය වූයේ බිහිසුණු වටපිටාවකි. එය එදින රාත්‍රියේදී ද බන්ධනාගාරය තුළ පැවතිණි. ඇතැම් සිරකරුවන් බන්ධනාගාර ඩිස්‌පැන්සරිය කඩා මානසික රෝගීන්ට දෙන බෙහෙත් පෙති වර්ගයක්‌ පානය කර මත්වී වියරුවෙන් මෙන් හැසිරීම තත්ත්වය තවත් දරුණු කරන්නක්‌ වී තිබිණ.

    ඒ රැයේදී මේ ලියුම්කරු ඇමතූ එදා වැලිකඩ සිටි තමන් කවරෙක්‌දැයි නොකී රැඳවියකු බියපත් ස්‌වරයෙන් රාත්‍රී 11.00 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේ තත්ත්වය පැහැදිලි කරන්නට වූයේ මෙලෙසිනි. "මහත්තයෝ.. අපේ උන් ආමරියේ තිබුණු වෙපන් අරගෙන හතර අතට වෙඩි තියනවා.. මේ වෙනකොට එළියෙනුත් බන්ධනාගාරය ඇතුළට වෙඩි තියනවා. මම හිතන්නේ ආමි එක ඇවිල්ලද කොහෙද.."

    සැබවින්ම එම රැඳවියා අනුමානයට කී පරිදිම එම මොහොත වන විට වැලිකඩ බන්ධනාගාරය සිරකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා යුද හමුදාව එහි කැඳවීමට රජය පියවර ගෙන තිබිණි. එසේ එහි ගිය හමුදා නිලධාරින් අත වූයේ මේ රටේත් ජාතියේත් රැකවරණය වෙනුවෙන් ලබා දුන් නීත්‍යනුකූල ගිනි අවිය. ආණ්‌ඩුව ඒවා ඔවුන්ට ලබා දුන්නේ නළා පිඹින්නට නොව. අවැසි තැනදී වෙඩි තබන්නටය.

    හමුදාව එසේ වැලිකඩ බන්ධනාගාරයට යන මොහොත වන විටත් සිරකරුවන් සිටියේ බන්ධනාගාර අවි ගබඩාව කඩා අතට ගත් ගිනි අවි වලින් හතර අතට වෙඩි තබමිනි. ඒ රැයේ බන්ධනාගාර රැඳවියා ඇමතුමක්‌ දී අපට කී කතාවෙන් එය පැහැදිලි වන්නකි.

    එසේ නම් මෙහිදී වැලිකඩට ගිය හමුදා නිලධාරින් කළ යුතු වන්නේ කුමක්‌ද? "අනේ මල්ලි අපි ආමි එකෙන්..., වෙඩි තියන්න එපා" යෑයි සිරකරුවන් අමතා පවසමින් බන්ධනාගාරය මුදා ගැනීමට එතුළට යැමද? නැත. යුද හමුදා විරුවන් එදා එහි ගියේ රජයේ නියෝගයට අනුව වැලිකඩ බන්ධනාගාරය සිරකරුවන්ගෙන් මුදා ගැනීමටය. ඔවුන් සිය රාජකාරිය කළ යුතුය. එකී රාජකාරියේදී තමන් වෙත එන වෙඩි උණ්‌ඩය හමුවේ පෙරළා වෙඩි තබන්නට ඔවුනට සිදු වන්නේය. වැලිකඩදී වුණේ ඒ ටිකය.

    නමුත් අද දවසේ වැලිකඩ සිද්ධියට අර්ථකථන දෙන, කලකට ඉහත විජාතික කුමන්ත්‍රණකරුවන්ගේ රෙදි අස්‌සේ සැඟවී උපන් බිමට එරෙහිව ක්‍රියාත්මක වූ එන්ජීඕ නඩ සහ උන් සමඟ පෙළ ගැසී සිටින ජාතිය පවා දී සිරගතව සිටි කොටි ත්‍රස්‌තවාදී නරුමයන් කියනුයේ කුමක්‌ද?

    වැලිකඩදී එදා අපේ රණවිරුවන් මිනිස්‌ ඝාතකයන් වූයේලු. සොය සොයා සිරකරුවන් මැරුවේලු. පිටින් ආ ඝාතකයන් බන්ධනාගාරය තුළට පැමිණ මිනී මැරුවේලු. "නරි සඳ දුටු කල හූ කියන්නාක්‌" පරිදි මේ සියල්ල කියනුයේ අද දවසේ ඩොල්ර් කුට්‌ටි හමුවේ සදාකාලිකවම මේ රටට සතුරුවූ එන්ජීඕ නඩ සමඟ එකතුව දේශපාලන රැකවරණ ගෙන විදෙස්‌ගත වීමේ සූදානමක සිටින සහ දැනටමත් එසේ රටින් පිටවී සිටිනා සිංහල කොටි ත්‍රස්‌තයන්ය.

    පැහැදිලිවම කිවහොත් මේ සියල්ල පසුපස සිටිනුයේ එලිටීටීඊයේ ත්‍රස්‌තවාදයට රට පමණක්‌ නොව ආත්මයද පාවා දුන් නරුමයෝය. යුද සමයේ කොළඹ වනසා අමු අමුවේ මිනිස්‌ ඝාතන කිරීමට ප්‍රභාකරන්ගේ බෝම්බ කොළඹට ගෙනවිත් බස්‌ රථවල සහ දුම්රිවල තබා මිනිසුන් මරමින් ත්‍රස්‌තවාදීන්ගේ ඊළාම් සිහිනයට ආවැඩූ කාලකණ්‌ණිය.

    අපි ඒ කතාව නොබියව කියන්නෙමු. ඒ කිසිවකු හෝ අභියෝගයක්‌ කරන්නට පැමිණියහොත් සියල්ල රටට පෙන්වා දෙන්නට සාක්‍ෂි අප සතුව තිබෙන නිසාය. අද වැලිකඩ සිද්ධිය ගෙන රටට එරෙහි වූ එන්ජීඕ නඩ සමඟ එක්‌ව "හමුදාව වැලිකඩ මිනී මරද්දී අපිත් ඇතුළේ සිටියා" ලෙසින් මොර දෙන්නවුන් පිළිබඳ අපට කියන්නට බොහෝ දේ ඇත.

    මේ හඬ නගනුයේ කලකට ඉහත ප්‍රභාකරන්ට මල් පුදමින් කිලිනොච්චියට ගොස්‌ එල්ටීටීඊයේ සටන් පහුණුව ලැබ දකුණට බෝම්බ ගසමින් රටත් ජාතියත් පාවා දුන් සිංහල කොටි නඩයට අදාළ වූ පිරිස්‌ය. "එදා අපිත් හිරේ හිටියා" යෑයි ලෙසින් මොවුන්ම කියන පරිදි මේ නරුමයන් වැලිකඩ බන්ධනාගාරයේ කූරු ගණින්නට ගියේ හොරෙන් කෙසෙල්කැන් කැපීම නිසා නොව, එල්ටීටීඊයේ බෝම්බ රැගෙන විත් ජාතිය වැනසූ නිසාය. එය සනාථ කරන්නට ඕනෑ තරම් සාධක අද අප සතුව ඇත.

    මේ වන විට වැලිකඩ සිද්ධිය ගෙන රටේ රණවිරුවන් මිනීමරුවන් යෑයි කියමින් කෙටි චිත්‍රපටයක්‌ සකසා එය ජාත්‍යන්තරය වෙත ගෙනයන්නටද මොවුන් සැරසෙන බව වාර්තා වෙමින් තිබෙන්නකි. එතුළින් මෙකී නරුමයන් බලාපොරොත්තු වන්නේ කාගේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින්නටද? ඒ පසුපස ඇත්තේ මේ රටට එරෙහි ජාත්‍යන්තරයේ වුවමනාව මිස අන් කුමක්‌ද?

    වත්මන් යහපාලන ආණ්‌ඩුවේ අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් සොයන්නට අලුතින් කොමිෂන් පත් කරන්නේත් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා "අලුත්පාලම යටින් පොල්ලෙල්ලක්‌ ගියත්" උද්ඝෝෂණ පවත්වන රටට එරෙහි අපතයන් අතරට ගොස්‌ විවිධ දේ කියන්නට යත්නේත් වැලිකඩ සිද්ධිය අරබයා මේ මොහොතේ සිදු වෙමින් තිබෙන කුමන්ත්‍රණයේ සැබෑ කතාව එසේ වී තිබියදීය.

    මේ වන විට ආණ්‌ඩුව වැලිකඩ සිද්ධිය පිළිබඳ දන්නා පුද්ගලයන්ට ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දෙන ලෙස මාධ්‍ය ඔස්‌සේ නිවේදන ද කරන්නේය. එහෙත් ඒ සියල්ල සිදු වන්නේ කුමන වට පිටාවක්‌ යටතේද? වැලිකඩ සිද්ධිය පිළිබඳ ස්‌වාධීන කොමිසමක්‌ මගින් සිදු කළ පරීක්‍ෂණයකින් සහ රහස්‌ පොලිසිය පුද්ගලයන් තුන්දහසකට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන සිදු කළ පුළුල් විමර්ශනයකින් පසු එදා වැලිකඩදී සිදු වූයේ මෙය යෑයි පැහැදිලිවම කියා තිබියදීය.

    ස්‌වාධීන කොමිසමක්‌ මගින් සහ රහස්‌ පොලිසිය මගින් තුන්දහසකට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන සිදු කළ පරීක්‍ෂණ දෙකක වාර්තා තිබියදී ආණ්‌ඩුව මෙසේ යළි විමර්ශනයක්‌ පැවැත්විය යුතු යන තැනට ඇද වැටී සිටින්නේ කුමක්‌ නිසාද? ඉන් ගම්‍ය කරන්නට යන්නේ පෙර පරීක්‍ෂණ පැවැත්වූ රහස්‌ පොලිසිය සහ ස්‌වාධීන කොමිසම වැඩේ කර නැතැයි යන්නද?

    එය එසේ නම් එයින්ද නිසි ඵල නෙළා ගන්නේ මේ රටට එරෙහිව එදා සිට මේ දක්‌වාම පෙළ ගැසුණා වූ එන්ජීඕ නඩ සහ සිංහල කොටි වැනි තුට්‌ටු දෙකේ නරුමයන් බව ආණ්‌ඩුවට අවබෝධ විය යුතුය. කෙසේ වෙතත් ආණ්‌ඩුව දැන් වැලිකඩ සිද්ධිය පිළිබඳ නැවත පරීක්‍ෂණයකට යන්නේ නම් කරන්නට ඇති දේද බොහෝය.

    මුලින්ම වැලිකඩ ගැටුමේදී මියගිය රට වැනසූ අපරාධකාරයන්ගේ මළ මිනී යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය. ඉන් පසු සිද්ධිය පිළිබඳ දන්නා සියල්ලන් කැඳවා ප්‍රකාශ ගත යුතුය. මෙසේ කරන්නට ඇති දේ බොහෝය. ඒ සියල්ල සිදු කරන්නේ නම් අධිකරණ ඇමැතිවරයා ඇතුළු වත්මන් යහපාලන රජයට කියන්නට වැදගත් තොරතුරක්‌ ද අපට ඇත. ඒ මේ වන විට එන්ජීඕ නඩවල සිටින ඇතැම් කළුකෝට්‌ කාරයන් අපේ රණවිරුවන්ට කෙළවීමේ වෛරී අරමුණ ඇතිව පිටරට සිහින සහ සල්ලි පොදි පෙන්වා වැලිකඩ පිළිබඳ ව්‍යාජ සාක්‍ෂි සකසමින් සිටින්නේය යන්නය. ආණ්‌ඩුව සිදු කරන අලුත් පරීක්‍ෂණයේදී ඒවා කෙරෙහිද අවධානය යොමු විය යුතුව ඇත.

    මේ අතරේ දැන් එකී කළුකෝට්‌කාරයන් වැලිකඩ සිද්ධිය පිළිබඳ සත්‍ය කතා කරන ජනමාධ්‍ය නිහඬ කිරීමේ වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක කර ඇති වග තවත් පැත්තකින් වාර්තා වන්නේය. මෛත්‍රී පාලනය තුළ මාධ්‍ය නිදහස පිළිබඳ කතා කළ ආණ්‌ඩුව වැලිකඩ පරීක්‍ෂණයේදී ඒ පිළිබඳවද සොයා බැලිය යුතුය. මන්ද "කොහෙද යන්නේ මල්ලේ පොල්" න්‍යායෙන් කිසිදා අධිකරණයක නඩු විභාගයකට නොගොස්‌ රටට එරෙහි එන්ජීඕවක්‌ අටවාගෙන නටන කළුකෝට්‌කාරයන්ට එසේ මාධ්‍යයට බලපෑම් කිරීමට ඉඩ දිය නොහැකි බැවිනි.

    මේ අනුව බලන කල වත්මන් ආණ්‌ඩුවට වැලිකඩ අරබයා ක්‍රියාත්මක වීමේදී කරන්නට ඇති වැඩ බොහෝය. ඊට දින සියයක්‌ නොව දින තුන්සිය හැටපහක්‌ තිබුණද මදි විය හැකිය.

    ඒ අනුව රජයට දැන් සිතා බලන්නටද දෙයක්‌ ඉතිරිව ඇත. ඒ අන් කිසිවක්‌ නොව. මේ රටේ ජනතාව මෛත්‍රී පාලනයට ඡන්දය දුන්නේ දින සියයකින් තමන්ට ලැබෙන සහනය දකින්නටද නැතහොත් රට වනසා වළපල්ලට ගිය තක්‌කඩි රැළකගේ මළ මිනී ගොඩ ගෙන ආණ්‌ඩුව කරන පශ්චාත් මරණ පරීක්‍ෂණ දෙස බලා සිටින්නටද යන්නය.

    මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ "අපිත් හිරේ හිටියා" යෑයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය. අප එසේ කියන්නේද නිකන්ම නොව. එදා මෙන්ම අදටත් මුන් රටට බරක්‌ වී නටමින් සිටින නිසාය.

    සමන් ගමගේ

     
    • Like
    Reactions: Molock

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    2005-2010 කාලයේදී සාමය කඩ කරන ඕනෙ කෙනෙකුට ග්‍රාම්‍ය විදියට පහර දෙන්න මහින්ද, ගෝඨා, රඹුක්වැල්ල, ඇතුලු රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ අය පොලීසියට ඉඩදීල තිබුනනෙ. එතකොට ඊනියා සාමයක් අරභයා මානවහිමිකම් උල්ලංගනය කලේ නෑ කියන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: topkollek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland
    ඕක පිටිපස්සේ ඉන්නේ මිනීමරු ගෝටා
    ඕකා තමයි NS, TI වලට මුවා වෙලා සිංහලු මැරුවේ
    මේවා නෑ කියනවනම් ඉතිං උ පොන්නයෙක්
    රතුපස්වලඩි හමුදාව ස්වයං තීරණ අරන් සිංහලුන්ට වෙඩි තිබ්බලු
    කොටි එක්ක යුද්ද කරද්දී අණ දුන්නේ තීරණ ගට්ටේ ගෝටා ලු
    මේවා හොඳයි පොන්නයන්ට
    ගෑණිව උස්සං ගියත් ජාතික ආරක්ෂාවට නේ කියල කටයි පුකයි වහං ඉන්න උන්
     
    • Like
    Reactions: topkollek

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2005-2010 කාලයේදී සාමය කඩ කරන ඕනෙ කෙනෙකුට ග්‍රාම්‍ය විදියට පහර දෙන්න මහින්ද, ගෝඨා, රඹුක්වැල්ල, ඇතුලු රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ අය පොලීසියට ඉඩදීල තිබුනනෙ. එතකොට ඊනියා සාමයක් අරභයා මානවහිමිකම් උල්ලංගනය කලේ නෑ කියන්නෙ කොහොමද?

    කාගේ සාමය ගැනද ඔයා කියන්නේ? ජාතිය පවා දුන්න සිංහල කොටින්ගේ සාමයද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එන්ජීඕ නීතිඥවරයකුගේ පැමිණිල්ලකට 'දිවයින' මාධ්‍යවේදියා පොලිසියට කැ`දවයි

    වැලිකඩ බන්ධනාගාරය තුළ ඉකුත් 2012 වසරේ සිදුවූ සිරකරු කැරැල්ලේ දී යුද හමුදාව මිනීමැරුවේ යෑයි හඬ නගන "ගෝ රයිට්‌" නමැති එන්ජීඕ සංවිධානයේ නීතිඥවරයකු බව කියන රංගොඩ ආරච්චිගේ සේනක පෙරේරා නමැත්තකු කරන ලද පැමිණිල්ලකට අනුව "දිවයින" මාධ්‍යවේදී සමන් ගමගේ මහතා පිළිබඳ කොටහේන පොලිසිය විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

    ඒ අනුව ඊයේ (24 දා) පෙරවරුවේ යතුරුපැදියකින් "දිවයින" කාර්යාලයට පැමිණි කොටහේන පොලිසියේ නිලධාරියෙක්‌ අදාළ පැමිණිල්ල පිළිබඳ පවසා හෙට (26 දා) කොටහේන පොලිසියට පැමිණ ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙස ඔහුට දැනුම් දෙනු ලැබීය.

    වැලිකඩ සිද්ධිය ගෙන රටේ රණවිරුවන්ට පහර ගැසීමට සැරසීම සම්බන්ධයෙන් සමන් ගමගේ මහතා ඉකුත් පෙබරවාරි පළමුවැනිදා සහ 22 වැනිදා "දිවයින" ඉරිදා සංග්‍රහයේ ලියා පළ කළ ලිපි දෙකක්‌ පදනම් කර ගනිමින් නීතිඥ සේනක පෙරේරා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    අදාළ "දිවයින" ලිපි මගින් "ගෝ රයිට්‌" එන්ජීඕ සංවිධානය සමග සිටින වැලිකඩ සිද්ධියේ සාක්‍ෂිකරුවන් යෑයි කියන ඉකුත් කාලයේ ත්‍රස්‌තවාදී චෝදනා එල්ල වූවන් ඇතුළු විවිධ පුද්ගලයන්ට ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවට සහ තවත් චෝදනා ගණනාවක්‌ එල්ල කරමින් "දිවයින" මාධ්‍යවේදියාට එරෙහිව නීතිඥ සේනක පෙරේරා මෙම පැමිණිල්ල ගොනුකොට ඇත.



    http://www.divaina.com/2015/02/25/news09.html

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැලිකඩට කිඹුල් කඳුළු හෙළන සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා




    valikada1.jpg





    ඊනියා ජාත්‍යන්තරයේ වුවමනාවන් අනුව වැලිකඩ සිද්ධිය ගෙන කිඹුල් කඳුළු හෙළමින් රණවිරුවන් දංගෙඩිය වෙත ගෙන යැමට සැරසෙන එන්ජීඕ අප්පුලා සහ රටේ පවට උපන් සිංහල කොටි රැළ සිය කුමන්ත්‍රණයට තිත තැබූ බවක්‌ තවමත් පෙනෙන්නට නැත.

    මෙතෙක්‌ කලක්‌ මොවුන් තමන්ගේ දේශෙද්‍රdaහී රංගනයන් කරනු ලැබුවේ මේ රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ රෙදි අස්‌සේ සැඟවි සිටිමිනි. එහෙත් දැන් මෙසේ එළිපිටම නටමින් සිටිනුයේ "යහපාලනය" යනු මිනීමරු ප්‍රභාකරන්ගේ "ඊළම"යෑයි සිතාගෙනද යන්න මේ දෙස බැලීමේදී අපට වටහාගත නොහැකිව තිබෙන්නකි.

    මේ වන විට රට තුළ ඇත්තේ යහපාලනය ය. ජනතාවට දුන් පොරොන්දු අනුව යහපාලනයෙන් කළ යුතු වැඩ තව බොහෝය. නමුත් ඒවා පසෙක තිබියදී දැන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? යහපාලනය අපත්‍ය අච්චාරුවක්‌ බව රටේ ජනතාවට හැඟී යද්දී ඒ යහපාලනයේ ඇතැමුන්ද "නයින්ට" නළා පිඹින්නාක්‌ මෙන් මෙකී එන්ජීඕ අප්පුලා සහ සිංහල කොටි සමඟ එක පෙළට සිටගැනීමට සැරසීමය. සිදු වෙමින් ඇත්තේ ඒ ටිකය.

    ඉතින් "නයි" නටන්නේය. රට යක්‍ෂයාගෙන් බේරාගත් යුද හමුදා සහ පොලිසියේ රණවිරුවන්ට එරෙහිව මොවුන් ගෙනයන ෙද්‍රdaහී කුමන්ත්‍රණය තවමත් සජීවී වී තිබෙන්නේ එබැවිනි. අද මෙකී කුමන්ත්‍රණයේදී මොවුන්ගේ අරමුණ වී තිබෙන්නේ විජාතික බලවේගයන්ගේ වුවමනාව අනුව රණවිරුවා දංගෙඩියට යවා දැනුදු සක්‍රීයව තිබෙන දෙමළ බෙදුම්වාදය ඉදිරියේ අප බෙලහීනයන් කර අනාගතයේදී බෙදී වෙන්වුණු ශ්‍රී ලංකාවක්‌ බිහි කිරීම බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි.

    බෙදා වෙන් කළ ශ්‍රී ලංකාව යන්න ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික කඳවුරේ දීර්ඝ කාලීන අපේක්‍ෂාවය. ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලනික ඉලක්‌කයන් ඒ පසුපස ඇත. අවසන් සටනේදී මේ රට විශාලා නුවරක්‌ කළ මිනීමරු ප්‍රභාකරන් මරණය අබියස සිටියදී ඔහු බේරා ගන්නට මෙකී විදෙස්‌ බලවේග අපට බලපෑම් කරනු ලැබුවේද එනිසාම විය.

    එහෙත් එදා ඒ සියල්ල පරාජය වූවේය. ඒ හමුවේ මඳ පසුබෑමක සිටියද මෙදා රට තුළ මතුවූ යහපාලනය සමඟ දැන් එකී සියලු විජාතික බලවේග යළිත් සක්‍රීය වී තිබෙන බව පැහැදිලිය. එය සනාථ කරන එක්‌ සාධකයක්‌ වන්නේ අද වැලිකඩ සිද්ධිය ගෙන රට බේරා ගත් රණවිරුවන් මනීමරුවන් කරන්නට වෙහෙසෙන එන්ජීඕ අප්පුලාගේ සහ සිංහල කොටින්ගේ කෙරුවාවය.

    මොවුහු අපට මතක ඒ අමිහිරි අතීතයේදී ද විජාතික අරමුණු වෙනුවෙන් මෙසේම ක්‍රියාත්මක වූහ. එදා ඇතැම් එන්ජීඕ නඩ ප්‍රභාකරන්ගේ ඊළම වෙනුවෙන් කඩේ යද්දී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන 2002 එක්‌සත් ජාතික පෙරමුණු රජය සමයේ ඇති කෙරුණු ඊනියා සටන් විරාම ගිවිසුමට මුවා වූ මෙකී සිංහල කොටි කිලිනොච්චියේ කැලයකට ගොස්‌ එල්ටීටීඊයේ යුද පුහුණුව ලැබ පැමිණ ජාති ඝාතක ප්‍රහාරකයන් වූයේ අද මෙන් එදාත් තමන් සිටියේ ෙද්‍රdaහීන් සමඟ බව රටට පැහැදිලි කරමිනි.

    මෙසේ උපන් බිමට එරෙහි විජාතික කුමන්ත්‍රණයේ දේශීය කොටස්‌කරුවන් ලෙස ක්‍රියාත්මක වෙද්දී ඇමරිකාව ප්‍රධාන විජාතික කඳවුර සුනඛයාට මස්‌ කටු දෙන්නාක්‌ මෙන් මොවුන් වෙත ඩොලර් මිටි වීසි කළේය. ඒ මුදල් පොදි ඇහිඳ ගත් මොවුහු රට පාවා දී ගත් එකී මුදලින් සිය දරු පවුල්ද පෝෂණය කළහ. එය අද දවසේද නොකඩවා සිදු වන්නකි.

    "වැලිකඩදී" යුද හමුදාවයි, පොලිසියයි මිනී මැරුවා ලෙසින් මෙකී පාවා දෙන්නෝ මේ මොහොතේ නගන හඬ තුළ ඇත්තේද එසේ ඩොලර්වලට බැඳි ලොබ මිස අන් කිසිවක්‌ නොවන්නේය. මෙලෙස මුදල් පොදි ලබන්නට නම් යමක්‌ පාවා දිය යුතුය. එහිදී රට නොව, අම්මා අප්පා වුවද මුන්ට කම් නැත. සත්‍ය, අසත්‍යභාවයෙන් පලක්‌ නැත. පාවා දීම අපූරුවට කරන්නේය. ඒ දෙස බලන කල අපට හැඟී යන්නේ හික්‌කඩුව වැනි තැන්වල "වැල්ලේ ඇවිදින සමහර කොල්ලන්ගේ" රස්‌සාව මීට වඩා වැදගත් යෑයි යන්නය.

    අද වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන් මිනීමරුවන් යෑයි කියමින් එන්ජීඕ අප්පුලා සමඟ එක්‌ව මොරදෙන වුන් සිංහල කොටින් යෑයි මීට ඉහතදීද අපි වගකීමෙන් සටහන් කළෙමු. ඒ මොවුන් සියල්ල පාවා දෙන අතරේ එල්ටීටීඊයට ආත්මය පාවා දුන් අන්දම අප දැන සිටින බැවිනි. මෙතෙක්‌ අප එය රටට නොකියා සිටියද මොවුන් කරනු ලබන කුමන්ත්‍රණයේ සීමාවක්‌ නොමැති බැවින් මෙවර එය ජනතාව ඉදිරියේ දිග හරින්නට අපට සිත් විය. එය සිදු වන්නේ මෙසේය.

    "නෝර්වේ සාම දූතයා" යෑයි කියමින් නිතර නිතර මෙරටට පැමිණි එරික්‌ සෝල්හයිම්ගේ මැදිහත් වීම මත රටටම රහසේ වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ එවකට පැවති එක්‌සත් ජාතික පෙරමුණු රජය අතර මේ බිම පාවා දුන් ඊනියා සටන් විරාම ගිවිසුම ඇති කර ගනු ලැබුවේ ඉකුත් 2002 වසරේදීය.

    එතැන් පටන් යුද හමුදාව කඳවුරුවලට සීමා කෙරෙද්දී කුප්‍රකට සටන් විරාම ගිවිසුම නිසා දකුණේ ජනතාවට එලිටීටීඊයේ බලය පැවති උතුරට ගොස්‌ පැමිණීමේ අවස්‌ථාවක්‌ ලැබිණි. ඒ නිකම්ම නොව එල්ටිටීඊයෙන් මුදල් ගෙවා ලබා ගන්නා අවසරයක්‌ සහිතවය.

    මෙකී කාලයේදී 88-89 භීෂණ යුගයේ ජනතා විමුක්‌ති පෙරමුණ දේශපාලනයේ යෙදී රජ්‍ය මර්දනයට හසු නොවීමෙන් තවදුරටත් ජීවත් වන්නට වාසනාව තිබූ කිහිප දෙනකු ඇතුළු කණ්‌ඩායමක්‌ද උතුරට ගියහ. නමුත් ඔවුන් උතුරට යනු ලැබුවේ අනෙක්‌ මිනිසුන් මෙන් ඒ ප්‍රදේශය නරඹා එන්නට නොව, එල්ටීටීයට එක්‌වී උපන් බිම පාවා දෙන්නටය.

    මෙසේ ගිය පිරිස කිලනොච්චියේ කැලෑ වක්‌ තුළදී කොටි නායකයකු යටතේ එල්ටීටීඊයේ යුද පුහුණුවද ලැබීය. එතැන් පටන් එම කණ්‌ඩායම පිළිබඳ එක්‌තරා ආරක්‍ෂක අංශ නිලධාරියකු අපට අනාවරණය කර සිටියේ මෙසේය.

    * ඔව්. ඒ 2007 වසර. මේ වෙනකොට ත්‍රස්‌තවාදයට එරෙහිව ආරක්‍ෂක හමුදා ආරම්භ කරලා තිබුණ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබුණේ. එල්ටීටීඊයේ බෝම්බ ප්‍රහාර නිසා දකුණේ ජනතාවත් හිටියේ දැඩි භීෂණයකට ගොදුරු වෙලා. මේ අතරේ තමයි දවසක්‌ ඔය කියන සිංහල කොටියෙක්‌ පොලිසියට කොටු වුණේ. ඒක වුණෙත් එල්ටීටීඊයෙන් මොවුන්ට ලබා දී තිබූ ගිනි අවියක්‌ අලෙවි කරන්න ගිය අවස්‌ථාවක...

    * පසුව පොලිසිය හා ආරක්‍ෂක අංශ ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයකදී ඒ වගේ සිංහල කොටි රංචුවක්‌ම අල්ල ගන්න පුළුවන් වුණා. ඒ කණ්‌ඩායමට දුම්රිය සේවකයන් කිහිප දෙනකු සහ තැපැල් ස්‌ථානාධිපතිවරයෙක්‌ද අයත් වුණා.මේ කණ්‌ඩායමෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක්‌ මොවුන් පොලිසිය ඉදිරියේ වමාරා තිබුණා...

    * මේ කණ්‌ඩායම යුද පුහුණුව සඳහා උතුරට ගිය අවස්‌ථාවේ එල්ටීටීඊයේ බුද්ධි අංශ නායකයාව සිටි පොට්‌ටු අම්මාන් පවා මුණ ගැසුණ බව පොලිසියට පවසා තිබුණා. ඔවුන්ට එල්ටීටීයෙන් පවරා තිබුණු කාර්යය වුණේ කොළඹ ප්‍රහාර සඳහා උතුරේ සිට පැමිණෙන කොටි ත්‍රස්‌තවාදීන්ට රැකවරණ ලබා දීම සහ දකුණේ ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම...

    * මොවුන් තමයි ඒ දිනවල කොළඹ ඇතුළු දකුණේ ඇතැම් ප්‍රදේශවල බස්‌ රථ තුළ බෝම්බ පුපුරුවා හැර තිබුණේ. විදුලි ට්‍රාන්ස්‌ෙµdaමර්වලට බෝම්බ තබා පුපුරුවා හැර තිබුණෙත් මොවුන්මයි. මේවා පොලිසියට කොටු වූ සිංහල කොටි කණ්‌ඩායම විසින්ම හෙළි කරපු කාරණා...

    * මේ කණ්‌ඩායම ඉතාම සූක්‍ෂමව ක්‍රියාත්මක වුණේ. මොවුන් කොටි පුහුණුව ලබා දකුණට පැමිණිමෙන් පසුව ඒ අය මෙහෙයවලා තිබුණේ කැනඩාවේ සිටි කන්නන් කියන ත්‍රස්‌තවාදියෙක්‌. ඒ ජංගම දුරකථන හරහා. මේ අයගෙන් මුල්ම කෙනා පොලිසියට කොටු වුණේ ජයවර්ධනපුර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිටියදී...

    * ඔහු ඒ දිනවල දුම්රිය සංගමයක ප්‍රධානියෙක්‌ ලෙස හිඳිමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ අයෙක්‌. ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව දෙවැනියට කොටු වුණේ ගම්පහ ප්‍රදේශයේ සිටි අයෙක්‌. ඔහු රැකියාව කළේ තැපැල් ස්‌ථානාධිපතිවරයෙක්‌ ලෙස. තැපැල් ස්‌ථානාධිපතිවරයාගේ තොරතුරු අනුව තමයි අනෙක්‌ පිරිස කොටු කර ගන්න හැකි වුණේ...

    * කිසියම් ප්‍රහාරයක්‌ එල්ල කිරීමේදී සහ උතුරේ සිට ප්‍රහාරයක්‌ සඳහා ත්‍රස්‌තවාදියෙක්‌ දකුණට පැමිණි අවස්‌ථාවල මොවුන්ගේ වියදම් සඳහා එල්ටීටීඊය මුදල් එවා තිබුණෙත් කැනඩාවේ සිටි කන්නන් හරහා. මට මතකයි මොවුන් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඒ දිනවල දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු සේවකයන් වැඩවර්ජනයක්‌ පවා ආරම්භ කළා...

    * නමුත් පසුව ආරක්‍ෂක අංශ එම දුම්රිය සේවකයන් වෙත ගොස්‌ කරුණු පැහැදිලි කළාට පසු ඔවුන් රජයෙන් සමාව ගෙන වැඩවර්ජනය නවතා දැම්මා. දකුණට පැමිණීමෙන් පසුව කැනඩාවේ සිටි කන්නන් හරහා මේ පිරිස මෙහෙයවලා තිබුණේ එල්ටීටීඊයේ සිටි ප්‍රධානියෙක්‌ වන තවන් මාස්‌ටර් විසින්...

    මේ කණ්‌ඩායම අත්අඩංගුව අරගෙන මාසයකට පමණ පස්‌සේ අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසිය පියවර ගත්තා. නමුත් මොවුන් මොන අපරාධ සිදු කර තිබුණත් පැහැදිලි සාක්‍ෂි නොමැති වීම නිසා නෛතික වශයෙන් ඒ කරුණු ඔප්පු කරන්නපොලිසියට බැරි වීම හේතුවෙන් එයින් සමහර අය නිදොස්‌ කොට නිදහස්‌ කරන්න අධිකරණය පියවර ගත්තා.

    ඒත් මේ අතරේ හිටියා සුදේශ් නන්දිමාල් ද සිල්වා කියලා අයෙක්‌. ඔහුට නම් ඒ වගේ නිදහස්‌ වීමක්‌ ලැබුණේ නැහැ. එයාගේ නඩුව තිබුණේ ගම්පහ මහා අධිකරණයේ. මේ සිද්ධිය නිසා බොහෝ කාලයක්‌ බන්ධනාගාරගතව සිටි සුදේශ් නන්දිමාල් පසුව වරද පිsළිගැනීම නිසා වසර විස්‌සක අත්හිටවූ සිරදඬුවමකට යටත් කොට මුදා හැර තිබුණා.

    මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු වුණු තවත් වැදගත් දෙයක්‌ තමයි කොටි සංවිධානය විසින් මොවුන් වෙත එවා තිබුණු ගිනි අවි ඇතුළු අවි ආයුධ රැසක්‌ සොයා ගන්නට පොලිසිය සමත්වීම. මට මතකයි ඒ ආයුධ අතරේ තිබී හමුවුණා මහා විනාශයන් සිදු කළ හැකි අධි බල පුපුරණ ද්‍රව්‍ය යෙදූ බෝම්බ ගණනාවක්‌.

    අද එන්ජීඕ අප්පුලා සමඟ එක්‌ව වැලිකඩ බන්ධනාගාරයේදී රණවිරුවන් මිනී මැරුවේ යෑයි කියන සිංහල කොටින්ගේ සැබෑ පැටිකිරිය මේ මොහොතේ දිගහැරෙමින් තිබෙන්නේ එසේය. මෙහිදී මොකා නැතත් වැලිකඩ සිද්ධිය හමුවේ "මමත් ඇතුළේ හිටියා" කියමින් රණවිරුවන්ට එරෙහි ප්‍රධාන සාක්‍ෂිකරුවා ලෙස පෙනී සිටින සුදේශ් නන්දිමාල් ද සිල්වා යනු පැහැදිලිවම රට වැනසූ කොටි ත්‍රස්‌තවාදියකු බව කියන්නට අපට හැකියාව ඇත.

    මන්ද කවුරුන් මොන තර්ක ගෙන ආවද සුදේශ් නන්දිමාල් යනු ත්‍රස්‌තවාදී පනත යටතේ පොලිස්‌ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසු වරද පිළිගෙන මේ මොහොතේත් දඬුවමකට යටත්ව සිටින්නකු වන බැවිනි. ත්‍රස්‌තවාදීන් කිසිවිටකත් උන්ට එරෙහි වූ මේ රට යක්‍ෂයාගෙන් ගලවා ගත් රණවිරුවන්ට ආදරය කළේ නැත.

    ත්‍රස්‌තවාදියා කළේ සමාජය අතර සැඟවී රණවිරුවන් මරා දැමීමය. සත්‍ය එය වන බැවින් සුදේශ් නන්දිමාල් වැනි ත්‍රස්‌තවාදියකු එන්ජීඕ අප්පුලා සමඟ එක්‌වී වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන් මිනීමරුවන් යෑයි කීමේ යටි අර්ථය කුමක්‌ද යන්න වටහා ගැනීමට මේ රටේ ජනතාවට අපහසු නොවන්නේය.

    ඒ තුළ ඇත්තේ අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළා වූ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ විරුවන් කෙරෙහි වන වෛරයමය. මේ අතරේ ඉකුත් සතියේ වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන්ට පහර දීමට සැරසෙන කුමන්ත්‍රණයට අදාළ තවත් වැදගත් කතාවක්‌ද වැලිකඩ ඇතුළෙන්ම අපට අනාවරණය විය.

    "මහත්තයෝ.. අද වැලිකඩ සිද්ධිය ගැන කතා කරන සිංහල කොටි මේක ඇතුළේ ඉන්න කුඩු ඕනර්ලත් එක්‌ක දුර කථනයෙන් කතා කරනවා. පසු ගිය කාලේ මේ කුඩු ජාවාරම්කාරයන්ව එක එක බන්ධනාගාරවලට මාරු කරලා හිටියේ. ඒත් දැන් උන් ඔක්‌කොම වැලිකඩට ගෙනල්ලා. ඒ ජාවාරම්කාරයෝ සල්ලි වගේම කුඩු බොන එවුන්ට කුඩු පවා දීලා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහත්තයෙක්‌ට විරුද්ධව සාක්‌කි දීපන් කියලා උන්ට කියනවා.

    සාක්‌කි දෙන්න කියන්නේ දැන් දාලා තියෙන කමිටුවට ගිහින්. ඒ වගේම මේක මෙහෙයවන සිංහල කොටින්ටත් කුඩු ජාවාරම්කාරයෝ සල්ලි දෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ දැනට දීර්ඝ කාලීන සිර දඬුවමක්‌ විඳිමින් සිටින රැඳවියකු ඒ අනාවරණය අපට කරනු ලැබුවේ එලෙසිනි.

    ඔහුගේ අනාවරණය එසේ වෙද්දී වැලිකඩ සිද්ධියෙන් රණවිරුවන්ට පහර දීමේ කුමන්ත්‍රණය කරළියට පැමිණි ආරම්භයේ පටන්ම එයට සම්බන්ධ සුදේශ් නන්දිමාල් නමැති ප්‍රධාන සාක්‌කිකාර සිංහල කොටියා ඇතුළු ඇතැම් එන්ජීඕ අප්පුලා කී එක්‌තරා කතාවක්‌ද තිබිණි. ඒ වැලිකඩ සිද්ධියේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක්‌ බන්ධනාගාරය තුළට පැමිණාය යන්න විය. ඔවුන් ඒ කතාව කියනු ලැබුවේ එකී නිලධාරියාගේ නමද සඳහන් කරමිනි.

    සැබවින්ම එකී නිලධාරියා කවරෙක්‌ද? අප මේ ටික සටහන් කරනුයේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කුමන්ත්‍රණයේ සත්‍යය මෙන්ම එකී නිලධාරියා සහ දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජාවාරමුන්ගේ වුවමනාව කුමක්‌ද යන්න රටේ ජනතාවට පැහැදිලිවම අවබෝධ කරගනු පිණිසය.

    අද දවසේ සුදේශ් නන්දිමාල් ඇතුළු සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා චෝදනා එල්ල කරන මෙකී පොලිස්‌ නිලධාරියා වන්නේ දැනට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටිමින් මේ රටේ කුඩු ජාවාරමට පහර දී දැවැන්ත කුඩු ජාවාරමුන් ඇතුළු ජාවාරම්කාරයන් දෙසියයකට ආසන්න පිරිසක්‌ අත්අඩංගුවට ගෙන මහාධිකරණය ඉදිරියේ නඩු පවරා සිටින අයෙකි.

    පසුගිය කාලයේ මෙරට කුඩු රජා වන වෙළේ සුදාගේ මත්කුඩු ජාලයට නොකඩවා පහර දුන්නේද ඔහුය. එහිදී වෙළේ සුදා විදේශයකට පැන සිටියදී වෙළේ සුදාගේ බිරිඳ, නැන්දම්මා, බිරිඳගේ නැගණිය ඇතුළුව වෙළේ සුදාගේ කුඩු ජාවාරමට සම්බන්ධ ජාලයේ හතළිස්‌ දෙදෙනකු අල්ලා මහ උළු ගෙදරට යෑව්වේ මෙකී නිලධාරියාමය.

    එසේම වෙළේ සුදා පාකිස්‌ථානයේදී කොටු වන තැන දක්‌වාම සුදාගේ කුඩු ජාලයට පහර දුන් හේ දැනුදු ඒ විමර්ශන අවසන් කර නැත. එමෙන්ම කලකට ඉහත අල කන්ටේරයකින් මෙරටට ගෙන්වා තිබූ කුඩු තොගය සොයා ගනු ලැබුවේද ඔහුය. දෙවුන්දර තමිල්, කුඩු තිලාන්, ලාලිත ආදී ලෙසින් වූ රට වැනසූ කුඩු ජාවාරමුන්ගේ රජධානි සුණු විසුණු කරමින් මෙකී නිලධාරියා සිදු කළ වැටලීම් අනන්ත අප්‍රමාණය.

    පැහැදිලිවම කිවහොත් අද දවසේ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරින් අතරින් ඉතාම ප්‍රබල ඔත්තු ජාලයක්‌ ගොඩනගා ගනිමින් මෙරට කුඩු ජාවාරමට එරෙහිව නැගී සිටිය හැකි නිලධාරියකු ලෙස හේ සිටිනුයේ ප්‍රබල ස්‌ථානයක වන්නේය.

    මෙදා වැලිකඩ කුමන්ත්‍රණයේ යෙදී සිටින සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා වැලිකඩ සිද්ධිය දා සිවිල් හමුදා පිරිසක්‌ සමඟ මෙකි නිලධාරියාත් පැමිණියේ යෑයි කීමෙන් ඔවුන් සැරසෙන්නේ කුමක්‌ කරන්නටද? ඒ තුළ ඇත්තේ රට වනසන කුඩු ජාවාරමුන්ගේ වුවමනාව මිස අන් කුමක්‌ද? මේ දෙස බැලීමේදී වැලිකඩ රැඳවියා ඉකුත් සතියේ අපට කී කතාව ලෙහෙසියෙන් බැහැර කළ හැකිද?

    රටට ෙද්‍රdaහී වූ සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා වැලිකඩ සිද්ධිය ගෙන සිදු කරනු ලබන කුමන්ත්‍රණයේ හතර අතට විහිදෙන සැඟවුණු යථාර්ථය එසේ වෙද්දී මොවුන් දැන් තවත් නැටුමක්‌ද ආරම්භ කර තිබේ. ඒ සත්‍යය හෙළි කරන මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට තරම් තොත්ත බබාලා බවට පත්ව සිටීමය.

    එසේ රඟන අතරේ කොටි ලේබලය අලවාගෙන සිටින සුදේශ් නන්දිමාල් වියරු වැටුණකු මෙන් ඉකුත් සතියේ මේ ලියුම්කරු සම්බන්ධවද අපහාසාත්මක ප්‍රකාශයක්‌ නෙත් එෆ්එම් ගුවන් විදුලියේ "බැලුම්ගල" වැඩසටහනට කරනු ලැබිණි. ඒ අරබයා කරන්නේ නම් නෛතික වශයෙන් ගන්නට ඇති පියවර බොහෝ වේ. එහෙත් නරි හූ කියන විට සිංහයන්ද හූ නොකියන බැවින් අපි කිසිත් නොකරන්නෙමු.

    සමන් ගමගේ

     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එන්ජීඕ නීතිඥවරයකුගේ පැමිණිල්ලකට 'දිවයින' මාධ්‍යවේදියා පොලිසියට කැ`දවයි

    වැලිකඩ බන්ධනාගාරය තුළ ඉකුත් 2012 වසරේ සිදුවූ සිරකරු කැරැල්ලේ දී යුද හමුදාව මිනීමැරුවේ යෑයි හඬ නගන "ගෝ රයිට්‌" නමැති එන්ජීඕ සංවිධානයේ නීතිඥවරයකු බව කියන රංගොඩ ආරච්චිගේ සේනක පෙරේරා නමැත්තකු කරන ලද පැමිණිල්ලකට අනුව "දිවයින" මාධ්‍යවේදී සමන් ගමගේ මහතා පිළිබඳ කොටහේන පොලිසිය විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

    ඒ අනුව ඊයේ (24 දා) පෙරවරුවේ යතුරුපැදියකින් "දිවයින" කාර්යාලයට පැමිණි කොටහේන පොලිසියේ නිලධාරියෙක්‌ අදාළ පැමිණිල්ල පිළිබඳ පවසා හෙට (26 දා) කොටහේන පොලිසියට පැමිණ ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙස ඔහුට දැනුම් දෙනු ලැබීය.

    වැලිකඩ සිද්ධිය ගෙන රටේ රණවිරුවන්ට පහර ගැසීමට සැරසීම සම්බන්ධයෙන් සමන් ගමගේ මහතා ඉකුත් පෙබරවාරි පළමුවැනිදා සහ 22 වැනිදා "දිවයින" ඉරිදා සංග්‍රහයේ ලියා පළ කළ ලිපි දෙකක්‌ පදනම් කර ගනිමින් නීතිඥ සේනක පෙරේරා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    අදාළ "දිවයින" ලිපි මගින් "ගෝ රයිට්‌" එන්ජීඕ සංවිධානය සමග සිටින වැලිකඩ සිද්ධියේ සාක්‍ෂිකරුවන් යෑයි කියන ඉකුත් කාලයේ ත්‍රස්‌තවාදී චෝදනා එල්ල වූවන් ඇතුළු විවිධ පුද්ගලයන්ට ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවට සහ තවත් චෝදනා ගණනාවක්‌ එල්ල කරමින් "දිවයින" මාධ්‍යවේදියාට එරෙහිව නීතිඥ සේනක පෙරේරා මෙම පැමිණිල්ල ගොනුකොට ඇත.



    http://www.divaina.com/2015/02/25/news09.html


    දිවයින කියන්නෙ ඉතිහාසයක් තියන පත්තරයක්, මොකද නලීන් "සිංහල" එයාගෙ දැක්ම ලිපිය ලියන්නෙ ඕකටනෙ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථාකරපු පත්තරයක් දිවයින. ඒකෙ වැඩකරන පිස්සො ටිකක් ඉන්න්ව.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දිවයින කියන්නෙ ඉතිහාසයක් තියන පත්තරයක්, මොකද නලීන් "සිංහල" එයාගෙ දැක්ම ලිපිය ලියන්නෙ ඕකටනෙ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථාකරපු පත්තරයක් දිවයින. ඒකෙ වැඩකරන පිස්සො ටිකක් ඉන්න්ව.

    රට වෙනුවෙන් පත්තරේට ලිපියක් ලිව්වත් ඒකා පිස්සෙක් කියල තමයි අපේ රටේ මිනිහා හදුන්වන්නේ...
    රටට විරුද්ධව මානව හිමිකම් ගැන ලිව්වොත් ඔහු මාර වැදගත් මහත්මයෙක්...
    .:baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෝ රයිට්‌' පැවරූ නඩුවෙන් 'දිවයින' මාධ්‍යවේදියා නිදහස්‌

    ජයසූරිය උඩුකුඹුර

    මාධ්‍යවේදියකු පුවත්පතක පළ කරනු ලබන ලිපියක්‌ සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ මහෙස්‌ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමට පොලිසියට අධිකරණ බලයක්‌ නැතැයි කොටහේන පොලිසිය මගින් "දිවයින" මාධ්‍යවේදී සමන් ගමගේට එරෙහිව පවරා තිබූ නඩුවකින් පෙරේදා (16 වැනිදා) ඔහු නිදහස්‌ කර මුදා හරිමින් කොළඹ අලුත්කඩේ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා සඳහන් කළේය.

    ඉකුත් පෙබරවාරි මාසයේදී "දිවයින ඉරිදා සංග්‍රහය" ට මාධ්‍යවේදී සමන් ගමගේ මහතා විසින් ලියන ලද "එදා වැලිකඩ මොකද වුණේ" සහ "වැලිකඩ වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම" යන ලිපි දෙක පදනම් කරගනිමින් "ගෝ රයිට්‌" නමැති රාජ්‍ය නොවන සංවිධානයේ නීතිඥ සේනක පෙරේරා මහතා කරනු ලැබූ පැමිණිල්ලකට අනුව කොටහේන පොලිසිය මෙම නඩුව ගොනු කර තිබිණි.

    ලංකා ලිංගික ශ්‍රමික සංගමයේ ජාතික සංවිධායකද වන නීතිඥ සේනක පෙරේරා මහතා අදාළ ලිපි දෙක මගින් දිවයින මාධ්‍යවේදියා දණ්‌ඩ නීති සංග්‍රහයේ අංක 110, 113(අ), 120, 200, 484 සහ 486 යටතේ වරදක්‌ කර ඇති බැවින් වහා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබිණි.

    කොටහේන පොලිසිය "දිවයින" මාධ්‍යවේදියා සම්බන්ධයෙන් බී වාර්තාවක්‌ මගින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේ ඒ අනුවය.

    මෙහිදී දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා පිටු පනහකින් යුතු සිය තීන්දුව ප්‍රකාශංයට පත් කරමින් යම් පුද්ගලයකුට පුවත්පතක පළවන ප්‍රකාශනයක්‌ මගින් කීර්තියට හානියක්‌ සිදුවී ඇති නම් ඒ සඳහා දිසා අධිකරණයේ නඩු පැවරීමට හෝ ලංකා පුවත්පත් මණ්‌ඩලයට පැමිණිලි කිරීමට අවස්‌ථාව තිබෙන බවත් ඒ සම්බනAධයෙන් අපරාධ නීතිය යටතේ නඩු විභාගයක්‌ පවත්වාගෙන යැමට මහෙස්‌ත්‍රාත් අධිකරණයකට නොහැකි බවත් සඳහන් කරමින් ඉහත නියෝගය කළේය.

    එවන් පළ කිරීමකදී මූලික අයිතිවාසිකම් කඩ වීමක්‌ සිදුව ඇත්නම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අංක 126 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යා හැකි බවද සඳහන් කළ විනිසුරුවරයා කීර්ති හානිය සම්බන්ධයෙන් දණ්‌ඩ නීති සංග්‍රහයේ 19 න පරිච්ඡේදය අනුව අංක 479 සිට 482 දක්‌වා ප්‍රතිපාදන පැවති අතර එම පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම 2002 අංක 12 දරණ සංශෝධනයෙන් ඉවත් කළ බවද පැවසීය.

    උපාලි පුවත් පත් සමාගමේ නීතිඥවරුන් වන ශිවාන් කුරේ සහ දුෂ්‍යන්ත ජෝන්දාසන් යන මහත්වරු "දිවයින" මාධ්‍යවේදියා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක පිටිපස්සේ ඉන්නේ මිනීමරු ගෝටා
    ඕකා තමයි NS, TI වලට මුවා වෙලා සිංහලු මැරුවේ
    මේවා නෑ කියනවනම් ඉතිං උ පොන්නයෙක්
    රතුපස්වලඩි හමුදාව ස්වයං තීරණ අරන් සිංහලුන්ට වෙඩි තිබ්බලු
    කොටි එක්ක යුද්ද කරද්දී අණ දුන්නේ තීරණ ගට්ටේ ගෝටා ලු
    මේවා හොඳයි පොන්නයන්ට
    ගෑණිව උස්සං ගියත් ජාතික ආරක්ෂාවට නේ කියල කටයි පුකයි වහං ඉන්න උන්

    U hardcore bitch :shocked::P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am


    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.


    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ



    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍


    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.


    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කන්කසන්තුරේ ගිය මිනින්දෝරුවන්ට ප්‍රශ්න

    චතුර පමුණුව

    4-2.jpg
    යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉඩම් මැනීමට ගිය මිනින්දෝරුවන්ට එම ප්‍රදේශයේ වැසියන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුත්ත අකුලා ගැනීමට සිදුව ඇත.

    නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මෙම මිනින්දෝරුවන් මේ කටයුත්ත සඳහා ගොස්‌ ඇත. කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුර අසල පිහිටි ඉඩමක මැනීම් කටයුතු සඳහා මිනින්දෝරු පිරිස ගොස්‌ තිබේ. ආරක්‍ෂක අණින් ඉතා වැදගත් ස්‌ථානයක මැනුම් කටයුතු කිරීමේදී මෙම විරෝධය එල්ල වී තිබේ.

    කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය මගින් මේ සිද්ධියට පුළුල් ප්‍රචාරයක්‌ ලබා දී ඇත.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නියෝමාල් රංගජීව

    පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක නියෝමාල් රංගජීව අපේ බාප්පාගේ පුතා හෝ නැන්දාගේ මහත්තයාගේ මල්ලී නොවේ එහෙත් ඔහු වෙනුවෙන් යමක්‌ අප ලිවිය යුතුමය. මේ මොහොතේදී රංගජීව ඉන්නේ හිර අඩස්‌සියේය. දෙදහස්‌ දොළහේදී වැලිකඩ හිර ගෙදර තුළ හටගත් කැරැල්ලකදී රැඳවියන් පිරිසකගේ නම් ලැයිස්‌තුවක්‌ කැඳවා ඔවුන් ඝාතනය කරනු පිණිස නම් අඬගසන ලද්දේය යන්න ඔහුට එරෙහි චෝදනාවය. ඔහු හිරගත වන මේ මොහොතේදී කුඩුකාරයන් අල්ලන්නට යැමේදී ඔවුන් විසින් තබන ලද වෙඩි නිසා ශරීරයට ඇතුළු වූ උණ්‌ඩ කැබලි දෙකක්‌ ඔහුගේ පෙණහලු තුළ ඇත. ඒ උණ්‌ඩ කැබලි කවදාවත් ඉවත් කළ නොහැක.


    රංගජීව සිය පෙණහලු තුළ උණ්‌ඩ කැබලි තබාගෙන ඉන්නේ ඇඟේ කැසිල්ලට නොවේ. ඒවා රජයේ සේවය නිසා ඔහුට ලැබුණු බඩුය. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක්‌ කළ ඔහු පුද්ගලිකවම දේශපාලන පළිගැනීමකට ලක්‌ව සිටින බව පෙනේ. එයට හේතුව ඔහු පොහොට්‌ටුවට භක්‌තිය දෙන්නේය යනුවෙන් දැනට පැතිර තිබෙන කටකතාව විය යුතුය. හැබැයි පුරුද්දක්‌ වශයෙන් ඔහු හැමදාමත් මෙවැනි පරිප්පු අනුභව කළේය. වසර 2008 දී ඔහු මුහුණ දුන් පළමුවන ඇබැද්දිය මෙසේයá දිනක්‌ ඔහු කුඩු ප්‍රවාහනය කළ කොටියෙක්‌ අත්අඩංගුවට ගත්තේය. මේකා ආණ්‌ඩුවේ ලොකු අතුවල එල්ලී මල්වාරම් ගායනා කළ කොටියෙකි. ඉන් කුපිත වූ ආණ්‌ඩුවේ ලොක්‌කෝ රංගජීව මෝදර පොලිසියට මාරු කළහ. එතැන් පටන් හැමදාම තොටලඟින් බස්‌ එකෙන් බහින රංගජීවට මෝදර පොලිසියට පයින් යැමට සිදුව තිබිණ. ඔහුගේ ගමන් මග වැටී තිබුණේ ශ්‍රී ලංකාවේ බලගතුම දේශපාලනඥයන් ආශ්‍රය කළ කුඩු රජා වූ කිඹුලා ඇළේ ගුණාගේ නිවස ඉදිරිපිටින්ය. ඒ නයින්, ආණ්‌ඩුව කිඹුලා ඇළේ ගුණාගෙන් වෙඩි කා මැරෙන අවදානමකට රංගජීව අත්හැර දමා තිබිණ. එහෙත් රංගජීව නොබියව ගුණාගේ ගේ ඉදිරිපසින් පයින් ගියා පමණක්‌ නොව ගුණා පසුපස පන්නන්නටද විය. අන්තිමේදී ගුණා ලංකාවෙන් පැන ඉන්දියාවට ගොස්‌ සැඟව ගත්තේය. රංගජීව මාරු කිරීම නිසා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ හේතුවෙන් පොලිස්‌පති වික්‌ටර් පෙරේරාට කල් ඇතිවම විශ්‍රාම යැමට සිදුවිය. රංගජීව ආපසු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට ගියේය. ඉන්පසු දින 6 ක්‌ මහ මුහුදේ යාත්‍රා කළ ඔහු කුඩු ප්‍රවාහනය කළ නැවක්‌ අල්ලා ගත්තේය. රංගජීව නොසිටින්නට වෙලේ සුදා ඇත්තේ හිරේ නොව එළියේ බව කවුරුත් මතක තබාගත යුතුය.

    රංගජීවට හිරේට යාමට සිදුව ඇත්තේ ද කුඩුකාරයන් හයදෙනකු ඔහුට විරුද්ධව කී සාක්‍ෂියක්‌ හේතුවෙනි. හිරගෙදර කැරැල්ල වූ දින රංගජීව වැලිකඩට පැමිණි බව ඔවුහු කියති. එහෙත් එදා ඔහු සිටියේ කොළඹ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේය. ඔහු වැලිකඩ සංහාරයට පැමිණි බවට සාක්‍ෂි නැති බැවින් ඔහු ඇතුළට දැමීමට බැරි බව පොලිසිය කියද්දීත් නීතිපති දෙපාර්තමේන්තුව කියා ඇත්තේ ඔහු ඇතුළට යෑවිය යුතු බවය. කිසිදු ආණ්‌ඩුවක්‌ මෙවැනි කාලකණ්‌ණි නීච වැඩ නොකළ යුතුය. විශේෂයෙන්ම බක්‌ මහ අකුණු සැරටම වදින මෙකල මෙවැනි නීච වැඩවලින් ඉවත්ව සිටීම වැදගත්ය. එය නොතකා මෙවැනි කසඩ වැඩවලට සම්බන්ධ වන අය මේ අකුණු සමයේදී මහ පාරේ ගමන් කරන විට අකුණු සන්නායක අත තබා ගත යුතු බවට අපි නිර්දේශ කරමු. රංගජීව මේ මොහොතේදීත් කුඩු නඩු 200 ක සාක්‍ෂි දෙන නිලධාරියෙකි. ඔහු නිසා කුඩු මුදලාලිලා 48 ක්‌ හිරේ ළගිති. ඔහුට කෙළැවී ඇත්තේ ඔහුගේ කැපවීම නිසාය.

    http://divaina.com/sunday/index.php/kathuwakiya/3095-2018-03-30-13-35-25

    පබයව පත් කරපු තොපි ලක්ෂ 62 ට සාප වෙනවා...
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?

    ow yudde dinanakota hamudawa thaniyama. rathupaswala wedi thiyaddi gotai mahindai jepponge maru logic ban thiyenne :D
     
    • Like
    Reactions: funkyguy89

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නියෝමාල් රංගජීව

    පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක නියෝමාල් රංගජීව අපේ බාප්පාගේ පුතා හෝ නැන්දාගේ මහත්තයාගේ මල්ලී නොවේ එහෙත් ඔහු වෙනුවෙන් යමක්‌ අප ලිවිය යුතුමය. මේ මොහොතේදී රංගජීව ඉන්නේ හිර අඩස්‌සියේය. දෙදහස්‌ දොළහේදී වැලිකඩ හිර ගෙදර තුළ හටගත් කැරැල්ලකදී රැඳවියන් පිරිසකගේ නම් ලැයිස්‌තුවක්‌ කැඳවා ඔවුන් ඝාතනය කරනු පිණිස නම් අඬගසන ලද්දේය යන්න ඔහුට එරෙහි චෝදනාවය. ඔහු හිරගත වන මේ මොහොතේදී කුඩුකාරයන් අල්ලන්නට යැමේදී ඔවුන් විසින් තබන ලද වෙඩි නිසා ශරීරයට ඇතුළු වූ උණ්‌ඩ කැබලි දෙකක්‌ ඔහුගේ පෙණහලු තුළ ඇත. ඒ උණ්‌ඩ කැබලි කවදාවත් ඉවත් කළ නොහැක.


    රංගජීව සිය පෙණහලු තුළ උණ්‌ඩ කැබලි තබාගෙන ඉන්නේ ඇඟේ කැසිල්ලට නොවේ. ඒවා රජයේ සේවය නිසා ඔහුට ලැබුණු බඩුය. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක්‌ කළ ඔහු පුද්ගලිකවම දේශපාලන පළිගැනීමකට ලක්‌ව සිටින බව පෙනේ. එයට හේතුව ඔහු පොහොට්‌ටුවට භක්‌තිය දෙන්නේය යනුවෙන් දැනට පැතිර තිබෙන කටකතාව විය යුතුය. හැබැයි පුරුද්දක්‌ වශයෙන් ඔහු හැමදාමත් මෙවැනි පරිප්පු අනුභව කළේය. වසර 2008 දී ඔහු මුහුණ දුන් පළමුවන ඇබැද්දිය මෙසේයá දිනක්‌ ඔහු කුඩු ප්‍රවාහනය කළ කොටියෙක්‌ අත්අඩංගුවට ගත්තේය. මේකා ආණ්‌ඩුවේ ලොකු අතුවල එල්ලී මල්වාරම් ගායනා කළ කොටියෙකි. ඉන් කුපිත වූ ආණ්‌ඩුවේ ලොක්‌කෝ රංගජීව මෝදර පොලිසියට මාරු කළහ. එතැන් පටන් හැමදාම තොටලඟින් බස්‌ එකෙන් බහින රංගජීවට මෝදර පොලිසියට පයින් යැමට සිදුව තිබිණ. ඔහුගේ ගමන් මග වැටී තිබුණේ ශ්‍රී ලංකාවේ බලගතුම දේශපාලනඥයන් ආශ්‍රය කළ කුඩු රජා වූ කිඹුලා ඇළේ ගුණාගේ නිවස ඉදිරිපිටින්ය. ඒ නයින්, ආණ්‌ඩුව කිඹුලා ඇළේ ගුණාගෙන් වෙඩි කා මැරෙන අවදානමකට රංගජීව අත්හැර දමා තිබිණ. එහෙත් රංගජීව නොබියව ගුණාගේ ගේ ඉදිරිපසින් පයින් ගියා පමණක්‌ නොව ගුණා පසුපස පන්නන්නටද විය. අන්තිමේදී ගුණා ලංකාවෙන් පැන ඉන්දියාවට ගොස්‌ සැඟව ගත්තේය. රංගජීව මාරු කිරීම නිසා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ හේතුවෙන් පොලිස්‌පති වික්‌ටර් පෙරේරාට කල් ඇතිවම විශ්‍රාම යැමට සිදුවිය. රංගජීව ආපසු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට ගියේය. ඉන්පසු දින 6 ක්‌ මහ මුහුදේ යාත්‍රා කළ ඔහු කුඩු ප්‍රවාහනය කළ නැවක්‌ අල්ලා ගත්තේය. රංගජීව නොසිටින්නට වෙලේ සුදා ඇත්තේ හිරේ නොව එළියේ බව කවුරුත් මතක තබාගත යුතුය.

    රංගජීවට හිරේට යාමට සිදුව ඇත්තේ ද කුඩුකාරයන් හයදෙනකු ඔහුට විරුද්ධව කී සාක්‍ෂියක්‌ හේතුවෙනි. හිරගෙදර කැරැල්ල වූ දින රංගජීව වැලිකඩට පැමිණි බව ඔවුහු කියති. එහෙත් එදා ඔහු සිටියේ කොළඹ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේය. ඔහු වැලිකඩ සංහාරයට පැමිණි බවට සාක්‍ෂි නැති බැවින් ඔහු ඇතුළට දැමීමට බැරි බව පොලිසිය කියද්දීත් නීතිපති දෙපාර්තමේන්තුව කියා ඇත්තේ ඔහු ඇතුළට යෑවිය යුතු බවය. කිසිදු ආණ්‌ඩුවක්‌ මෙවැනි කාලකණ්‌ණි නීච වැඩ නොකළ යුතුය. විශේෂයෙන්ම බක්‌ මහ අකුණු සැරටම වදින මෙකල මෙවැනි නීච වැඩවලින් ඉවත්ව සිටීම වැදගත්ය. එය නොතකා මෙවැනි කසඩ වැඩවලට සම්බන්ධ වන අය මේ අකුණු සමයේදී මහ පාරේ ගමන් කරන විට අකුණු සන්නායක අත තබා ගත යුතු බවට අපි නිර්දේශ කරමු. රංගජීව මේ මොහොතේදීත් කුඩු නඩු 200 ක සාක්‍ෂි දෙන නිලධාරියෙකි. ඔහු නිසා කුඩු මුදලාලිලා 48 ක්‌ හිරේ ළගිති. ඔහුට කෙළැවී ඇත්තේ ඔහුගේ කැපවීම නිසාය.

    http://divaina.com/sunday/index.php/kathuwakiya/3095-2018-03-30-13-35-25

    පබයව පත් කරපු තොපි ලක්ෂ 62 ට සාප වෙනවා...
    :yes::yes:
     
    • Like
    Reactions: funkyguy89