වැලිකඩ_මිනිස්_ සංහාරය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වැලිකඩ_මිනිස්_ සංහාරය

29570444_1474361959360044_3932721981269506013_n.jpg


වැලිකඩ බන්ධනා ගාරයේ මිනිස් සංහාරය ලංකා ඉතිහාසයේ කළු පැල්ලමකි. බන්ධනාගාරයක් තුළ සිදුවූ තිරශ්චීන මිනිස් සංහාරයක් හැටියට එය දෙවැනි වන්නේ 1983 කළු ජූලිය අවස්ථාවේදී වැලිකඩ බන්ධනාගාරය තුළ ජාතිවාදී කැරැල්ලක් ආකාරයෙන් සිදුවූ කුට්ටිමනී ඇතුළු නිරායුධ දෙමළ රඳවුවන් ඝාතනය කිරීමට පමණි. 1983 සිදුවීම බන්ධනාගාරය තුළ රඳවුවන් පිරිසක් විසින් තවත් නිරායුධ රඳවුවන් පිරිසක් ඝාතනය කිරීමක් වන විට, 2012දී සිදුවන්නේ පිටතින් පැමිණි ඝාතකයන් පිරිසක් විසින් නිරායුධ රඳවුවන් ඝාතනය කිරීමකි.
2012 නොවැම්බර් මස 9වැනිදා දහවල් කාලයෙන් පටන්ගෙන රාත්‍රිය පුරා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ මිනිස් සංහාරය මනා ලෙස සැලසුම් කොට තිබුණු එකක් බව අලුතෙන් කියන්නට දෙයක් නැත. එම සමූහ ඝාතනය ගැන සොයන්නට හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිරාවරණය කරගත් තොරතුරු අනුව පැහැදිලි වන වැදගත් කාරණා කිහිපයක් මෙසේය.
අවශ්‍ය නැහැ.

ඒ සමූහ ඝාතනය ඇරඹෙන්නේ එස්ටීඑෆ් භටයන් 9වැනිදා දහවල් බන්ධනාගාරය තුළට ඇතුළුවීමත් සමඟය. ඔවුන් එහි ඇතුළු වන්නේ සෝදිසි මෙහෙයුමක් කිරීම සඳහාය. ඒ, රඳවුවන් අතේ තිබෙන ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී දේවල් සොයාගැනීමටයැ’යි කියමිනි. විශේෂයෙන් ජංගම දුරකථන පාවිච්චි කරමින් රඳවුවන් බන්ධනාගාරයෙන් පිටත විවිධ අපරාධ මෙහෙයවන බව සෝදිසිය සැලසුම්කරුවන්ගේ අදහස විය. ජංගම දුරකථන පාවිච්චි කරමින් සමහර රඳවුවන් පිටත අපරාධ මෙහෙයවන බව බන්ධනාගාරයට අලුත් දෙයක් නොවේ. පසුගිය දිනයක අතුරුගිරියේ රුප ලාවණ්‍යාගාරයක් තුළදී වෙඩි තබා මරාදමන ලද පාතාල සාමාජිකයා ඝාතනය කරවන ලද්දේද බන්ධනාගාරයේ සිට දුරකතන ඇමතුමක් හරහා බව දැන් එළිවී තිබේ. බන්ධනාගාර තුළ ඇති එවැනි නීති විරෝධී දේ සොයාගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින්ම විවිධ අවස්ථාවල සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය ක්‍රමයයි. බන්ධනාගාරය තුළ සිදුවන නීති විරෝධී ක්‍රියාවලට ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ද සම්බන්ධ බවත් ඇත්තකි. ඒ නිසා එවැනි සෝදිසි සඳහා වෙනත් බන්ධනාගාරවලින් නිලධාරීන් කැඳවාගැනීමද සාමාන්‍යයෙන් සිදුවෙයි. මෙවැනි සෝදිසිවලින් රඳවුවන් සන්තකයේ ඇති විවිධ නීතිවිරෝධී දේ සොයාගැනීමද වරින්වර බන්ධනාගාර තුළදී සිදුවෙයි. ඊට අමතරව නීති විරෝධී දේවල් සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටීමට වැලිකඩ බන්ධනාගාරයේ දොරටුවෙහි යුද හමුදා ඒකකයක්ද ස්ථිරව පිහිටුවා තිබුණි.

කොහොම නමුත්, නොවැම්බර් 9වැනිදා සිදුවුණු ආකාරයේ එස්ටීඑෆ් භටයන් 798 දෙනකුගෙන් සැදි විශාල කණ්ඩායමක් බන්ධනාගාරය තුළට එවා සෝදිසි මෙහෙයුමක් කිරීමට තරම් තත්ත්වයක් බන්ධනාගාරය තුළ නොතිබුණු බව සිදුවීම ගැන කමිටුව ඉදිරියේ අදහස් දැක්වූ සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ පොදු අදහස විය.

නීති විරෝධීයි

බන්ධනාගාරයක් තුළට පිටත කිසිවකුට ආයුධ සන්නද්ධව ඇතුළුවිය නොහැකි බව බන්ධනාගාර ආඥා පනත පැහැදිලිවම දක්වා තිබේ. එසේම, ආඥා පනත අනුව බන්ධනාගාර ආරක්‍ෂක නිලධාරීන් පවා රඳවුවන්ගේ වාට්ටුවලට ඇතුළු විය යුත්තේ කිසිම ආයුධයක් නැතිවය. ආයුධ සමඟ ආරක්‍ෂක නිලධාරීන් ඇතුළු වන විට රඳවුවන් තුළ ඇතිවන ස්වාභාවික ආතතිය හා අවදානම සලකා එවැනි නියමයන් සිදුකර තිබේ. එහෙත්, නොවැම්බර් 9වැනිදා එස්ටීඑෆ් මෙහෙයුම සිදුකළේ ආයුධ සන්නද්ධවය. එය බන්ධනාගාර ආඥා පනත මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි. එපමණක් නොවේ. එදින රාත්‍රියේ යුද හමුදා සාමාජිකයන් බන්ධනාගාරය තුළට ඇතුළු වුණේද ආයුධ සන්නද්ධවය. එලෙස ආයුධ සන්නද්ධව ඇතුළුවීමෙන් සිදුවුණු විනාශයේ තරම දැන් සියල්ලෝම දනිති. අනෙක් අතට, බන්ධනාගාර පරිශ්‍රයක් තුළට පොලිසිය ඇතුළුවන විට මහේස්ත්‍රාත්වරයකු වෙතින් ලබා ගත යුතු සෝදිසි වරන්තුවක්ද මෙහිදී ලබාගෙන තිබුණේ නැත. එයද නීතිය නොසැලකීමකි.

බන්ධනාගාර වාට්ටු තුළට ඇතුළුවුණු එස්ටීඑෆ් භටයන්ට රඳවුවන්ගෙන් ප්‍රතිරෝධය එල්ලවීම නිසා වාට්ටුවලින් පිටතට පැමිණ වාට්ටු තුළට කඳුළු ගෑස් එල්ලකරන ලදි. මෙයද කිසිසේත් නීත්‍යනුකූල නැත. කඳුළු ගෑස් එල්ල කරන ලද්දේද රඳවුවන් වාට්ටු තුළ කොටුවී පිටතට යා නොහැකිව සිටින වාතාවරණයකදීය. ඉන් ප්‍රකෝප වුණු රඳවුවන් සිය ප්‍රතිප්‍රහාරය ඇරඹුවේ වාට්ටුවලින් පිටතට පැමිණ (කඳුළු ගෑස් ප්‍රහාරයට බලවත් ලෙස ලක්වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවට පත්වී ප්‍රකෙතා්ප වී සිටි පිරිස සන්සුන් කිරිමට වාට්ටුවල දොරටු හැර දෙන්නට බන්ධනාගාර නිලධාරීහු පියවර ගත්හ.) පසෙක ඉදිකිරීමක් සඳහා ගොඩගසා තිබුණු ගඩොල් තොගයකින් ගත් ගඩොල් එස්ටීඑෆ් වෙත දමාගසමිනි.

සැලසුම් සහගතයි

වැලිකඩ ඝාතනයට හේතුවුණු එස්ටීඑෆ් මෙහෙයුම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ සැලසුමක් බවට පැහැදිලිය. බන්ධනාගාර නිලධාරීන් හා ආරක්‍ෂක අංශයේ නිලධාරීන් කැඳවා පවත්වන ලද රැස්වීම් වාර කිහිපයකදී මේ මෙහෙයුම ගැන සාකච්ඡා සිදුවී තිබුණි. කමිටුවට අනුව, ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් මත මෙහෙයුම සෑම අතින්ම සම්බන්ධීකරණය කර තිබුණේ එවකට ජාතික බුද්ධි සේවාවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ චන්ද්‍ර වාකිෂ්ඨ විසිනි. නොවැම්බර් 9වැනිදා දහවල් එස්ටීඑෆ් නිලධාරීන් බන්ධනාගාරයට ඇතුළුවන කාලයට සමගාමීව සවස 2.30 පමණ වන විට යුදහමුදාවේ ගජබා බල ඇණියේ ආයුධ සන්නද්ධ අනුඛණ්ඩයක්ද බන්ධනාගාරය ඉදිරිපිට කැම්බල් පිටිය ආශ්‍රිතව ස්ථානගත කොට ‘ස්ටෑන්ඞ් බයි’ තබා තිබුණි. ඒ සඳහා අණ දී තිබුණේ 14වන සේනාංකාධිපති බි්‍රගේඩියර් ශාන්ත දිසානායක විසිනි. විශේෂ කාර්ය බලකාය හෝ යුද හමුදා අනුඛණ්ඩ හෝ පහළ නිලධාරීන්ගේ හිතුමතයට ආයුධ සන්නද්ධ මෙහෙයුම් සඳහා යෙදැවෙන්නේ නැති බව අලුතෙන් කිවයුතු නොවේ. එස්ටීඑෆ් බන්ධනාගාරයට ඇතුළුවන වේලාවට ආසන්නයේම හමුදා අනුඛණ්ඩයක්ද ඒ අසළ රඳවා තැබීමෙන්, මෙහෙයුමේ පූර්ව සැලසුම්සහගත භාවය මැනැවින් පැහැදිලි වෙයි. ඒ සඳහා අණදෙන ලද්දේ ඉහළම නිලධාරීන් බව පැහැදිලිය.

ඕනෑවට වැඩියි

එස්ටීඑෆ් හා හමුදා නිලධාරීන් එක්ව බන්ධනාගාර රඳවුවන් වෙත එල්ල කරන ලද ප්‍රහාරය අත්‍යවශ්‍ය එකක් ලෙස කවුරුන් හෝ සැලකුවා වුණත්, එය ‘ඕනෑවට වැඩි එකක්’ බව කිව හැකිය. රඳවුවන් වෙතින් එස්ටීඑෆ් වෙත එල්ලවුණු විරෝධය සමනය කරන්නට එවැනි බලවත් ප්‍රහාරයක් කිසිසේත් අවශ්‍ය වන්නේ නැත. ආරාවුල වර්ධනය වෙද්දී බන්ධනාගාරය තුළ තිබුණු කුඩා ආයුධ ගබඩාවේ බිත්ති සිදුරුකොට එහි තිබූ ගිනි අවි හැට ගණනක් රඳවුවන් විසින් පැහැරගෙන තිබුණි. එහෙත්, ඒවාට ප්‍රමාණවත් උණ්ඩ ඔවුන් වෙත නොවීය. ගැටුම ඇවිළ යද්දීම බන්ධනාගාර නිලධාරීන් විසින් රඳවුවන් අත තිබුණු මේ ආයුධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත තමන් අතට ගන්නට සමත්වී තිබුනි. කොහොම වුණත්, ඒ ආයුධවලින් පවා විශාල ප්‍රහාරයක් එස්ටීඑෆ් වෙත රඳවුවන් වෙතින් එල්ල වුණේ නැත. ඒ නිසා එස්ටීඑෆ් ප්‍රහාරය ඉහළ තීව්‍රතාවේ එකකි. එය හරියට, ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවුණු අවස්ථාවකදී හෝ සතුරු කඳවුරක් අල්ලාගන්නා අවස්ථාවකදී හෝ කරන ප්‍රහාරයක් මට්ටමේ බරපතළ එකකි.

බන්ධනාගාරයෙන් පලායෑම සඳහා සිරකරුවන් එකොලොස් දෙනකු භාවිත කළ ත්‍රීවීලරයට වෙඩි තැබීමද වැදගත් අවස්ථාවකි. බන්ධනාගාරයෙන් පිටතට එමින් තිබුණු ත්‍රීවීලරයෙන් පිටත රඳවා සිටි එස්ටීඑෆ් භටයන්ට වෙඩි තැබීම නිසා, එස්ටීඑෆ් භටයන් විසින් බලවත් ගිනිඅවි ප්‍රහාරයක් ත්‍රීවීලරය වෙත එල්ල කරන ලදි. එහි ප්‍රතිඵලය ලෙස එහි පැමිණි රඳවුවන් එකොළොස් දෙනා සැණෙකින් ඝාතනය වූහ. රඳවුවන් බන්ධනාගාර කුස්සියේ වහලයට නගින්නටද හේතුවක් තිබිණි. කඳුළු ගෑස්වලින් මාරාන්තික අපහසුතාවක් ඇතිවුණු විට වතුර හොයාගෙන ඇස් සෝදාගන්නට වුවමනා විය. ඒ සඳහා ඔවුන් නැග්ගේ කුස්සියේ වහලයටය. වහලයේ තිබුණු වතුර ටැංකිවලින් වතුර ගෙන ඇස් තෙමාගැනීමටය. ඒ අතර පහළ සිට ගිනි අවි එකක් හෝ දෙකක් ඔවුන් වෙත විසිකරනු ලැබිණි. එහෙත් ඒවායින් වෙඩි තැබූ බවට සාක්‍ෂි නැත.

පිටස්තරයන් ඇතුළුවීම

නීත්‍යනුකූල බලයක් නැතිව එස්ටීඑෆ් භටයන් බන්ධනාගාරයට ඇතුළුවීම වළක්වාලන්නට මුලින්ම ක්‍රියාකළෝ ප්‍රධාන ගේට්ටුවේ සිටි බන්ධනාගාර ආරක්‍ෂක නිලධාරීහුය. එහෙත්, එස්ටීඑෆ් සමඟම පැමිණි බන්ධනාගාරයේ බුද්ධි අංශයේ නිලධාරියෙක්, එස්ටීඑෆ් භටයන්ට බන්ධනාගකාරය තුළට ඇතුළුවන්නට ඉඩ දිය යුතු බව පැවසීය. ඒ අනුව ඔවුන්ගේ ඇතුළුවීම සිදුවිය. මධ්‍යම රාත්‍රියට ආසන්නයේ යුද හමුදාවද බන්ධනාගාරය තුළට ඇතුළු විය. වැදගත් කාරණය නම්, යුද හමුදාව ඇතුළු වන විටම සිවිල් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් තිදෙනකුද බන්ධනාගාරයට ඇතුළු වීමයි. ඔවුන් ඒ අවස්ථාවේදී බන්ධනා ගාරයට ඇතුළු වුණේ කාගේ වුවමනාවකටද, කාගේ සැලසුමකටද යන්න ඒ මොහොතේ පැහැදිලිවුණේ නැත. ඉන් එක් අයකු අතේ කඩදාසියක්ද, තවත් එකකු අතේ කහ පැහැති විදුලි පන්දමක්ද විය. පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හැටියට හඳුනාගත් මේ පිරිස නිදහසේ බන්ධනාගාරයට ඇතුළු වුණා පමණක් නොව බන්ධනාගාර වාට්ටු තුළටද ගියෝය. අතේ තිබුණු කඩදාසියෙන් නම් බලා අඬගසමින්, අතේ තිබුණු ජංගම දුරකථනයෙන් ඡායාරූප බලා අඬගසමින්, වරෙක රඳවුවන්ට තර්ජනය කරමින්, සමහර රඳවුවන් තෝරාබේරාගෙන පිටතට කැඳවාගෙන ගියේ එලෙස සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් පරීක්‍ෂක රංගජීව බව රඳවුවෝ පැහැදිලිව හඳුනාගත්හ. රඳවුවන් හඳුනාගැනීම සඳහා විදුලි පන්දම ඔවුන්ගේ මුහුණුවලට එල්ල කොට පරීක්‍ෂා කරන ලදි. (මේ සිවිල් ඇඳුමෙන් සිටි කණ්ඩායම, බන්ධනා ගාරයෙන් පිටතට ගියේ කුමන අවස්ථාවේදීද යන්න තවමත් පැහැදිලි නැත.) ඊට අමතරව මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන්ද එක් රඳවුවකු අඬගසා ගෙන පිටතට ගෙන ගියේය.

මෙලෙස ගෙනගිය සියලුම රඳවුවන්ගේ ඝාතනය කරන ලද මළසිරුරු පසුදින උදේ බන්ධනාගාර බිමේ තැනින් තැන වැටී තිබුණි.

සැලසුම් සහගතයි

පිටතින් එල්ලවුණු ප්‍රහාරය නිසා බන්ධනාගාර රඳවුවන් කිහිප දෙනකු ඝාතනය වුණු නමුත්, වැදගත්ම හා බිහිසුණුම දේ නම්, ඉහත පරිදි ලැයිස්තුවකින් නම් අඬගසා කරන ලද ඝාතනයි. ඇස් වසා, අත්වලට මාංචු ලා වාට්ටුවෙන් පිටතට ගෙනයනු ලැබූ එලෙස මියගියවුන් සමහරකුට වෙඩි තබා තිබුණේ අඩියකටත් වඩා අඩු දුරක සිටය. තවත් සමහරුන් බිත්තියකට හේත්තුවී දණගසා සිටින විටදීය. මේ ඝාතනය වුණු රඳවුවන්ගෙන් කිසිවෙක් ආයුධ ගෙන හමුදාවට ප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කළ විට ඝාතනය වූවෝ නොවෙති. ඔවුහු මුළුමනින්ම නිරායුධව සිටි අයයි. පිටතට කැඳවාගෙන යන විට තමන්ගේ ඉරණම ඉවෙන් මෙන් දැන අනේ සර් මාව මරන්නට එපායැ’යි ඒ රඳවුවන් පින්සෙණ්ඩු වනු අනෙක් රඳවුවන්ට පැහැදිලිවම ඇසුණේය.
පොලිස් පරීක්‍ෂකවරයා අතේ තිබුණායැයි කියන ලැයිස්තුව ගෝඨාගේ ලැයිස්තුවයැ’යි එහි සිටි අනෙක් හමුදා භටයන් කතාවනු ඇසුණු බව එක් බන්ධනාගාර නිලධාරියෙක් කීවේය.

හමුදා මිනීමැරුම්

කොහොම වුණත්, මෙසේ තෝරාගන්නා ලද රඳවුවන් ඝාතනය කරන ලද්දේ හමුදා භටයන් විසින් විය යුතුය. ඒ මොහොතේ වෙනත් ආයුධ සන්නද්ධ කිසිවකු නොසිටිය බැවිනි. එය එසේ වී නම්, ඒ හමුදා භටයෝ හමුදා නීතියද රටේ අපරාධ නීතියද කඩකළ මිනීමරුවෝය. කිසිවකු විසින් තමන් වෙත ඉදිරිපත් කරන ලද ආයුධ සන්නද්ධව නොසිටි මිනිසුන් බිත්තිවලට හේත්තුකොට මරාදැමූ හමුදා භටයන් මිනීමරුවෝම මිස අන් කවරහුද? ඔවුන්ගේ අණ දෙන නිලධාරීන් මේ ගැන දැනසිටියේ නැද්ද?

අවාසනාවකට මෙන්, මේ වෙඩිතැබූ හමුදා භටයන්වත්, ඔවුන් පාවිච්චි කළ ගිනි අවිවත් වැඩිදුර පරීක්‍ෂණවලට භාජනය කැරුණේ නැත. මෙහෙයුම අවසන්වුණු පසුවවත්, මිනිස් ඝාතන විසිහතක් සිදුවී තිබියදීත්, හමුදා භටයන් සතු ගිනිඅවි අත්අඩංගුවට ගෙන පරීක්‍ෂාකරන්නට එවකට පොලිසිය පියවර ගත්තේ නැත. එහි ප්‍රතිඵලය වුණේ කඳවුරට ආපසු ගිය හමුදා භටයන් මිනීමැරුම් සඳහා භාවිත කළ ගිනිඅවි තෙල් යොදා පිරිසිදු කොට පොලිෂ් කර කිසිවක් සිදුනොවුණු ගානට ඒවා ගබඩාවේ තැබීමය.

ලැයිස්තුව අනුව තෝරාගෙන ඝාතනය කරන ලද පුද්ගලයන් එසේ මැරුවේ ඇයිද යන්නට විවිධ උපකල්පන දක්වනු ඇන්නට ලැබේ. එක් අදහසකින් කියැවෙන්නේ, ඝාතනය වුණු මත්ද්‍රව්‍ය සම්බන්ධ රඳවුවන් එක් ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ පාර්ශ්වයට අයත්වූවන් බවයි. ඒ ජාවාරම්කරුවාට විරුද්ධව සිටි අනෙක් ප්‍රධාන ජාවාරම්කරුවා ඒ වන විට සිටියේ රාජපක්‍ෂ ආණ්ඩුවේ සාක්කුවේය. ආරක්‍ෂක අංශයේ ඉහළම නිලධාරියකුගේ ළඟම මිතුරකු වුණු ඒ තරුණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ වුවමනාවට, මේ මෙහෙයුම තුළ ඔහුගේ විරුද්ධවාදීන් ඝාතනය කළ බව ඒ උපකල්පනයෙන් තවදුරටත් කියැවෙයි.

මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් විසින් කැඳවාගෙන පිටතට ගෙන ගියායැ’යි කියන, පසුව ඝාතනය වුණු රඳවුවා, එමිල් රංජන් මහතාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කළ හා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ අයෙකි.

ඒ හැරෙන්න්ට. කෝට්ටේ රජමහා විහාරයෙන් පෙර රජ කාලයේ කඩුවක් සොරකම් කරන්නට ගොස් භික්‍ෂූන් දෙදෙනකු ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා සිටි හර්ෂ ශ්‍රී මනිකීර්ති පෙරේරා හෙවත් මංජු ශ්‍රී හර්ෂ හෙවත් නිලමේ ඝාතනය කරන ලද්දේ ඔහුගේ සොරකම පිටුපස සිටි ඉහළ පෙළේ අය ගලවාගන්නටය යන්න තවත් උපකල්පනයකි. පැරණි රජ භාණ්ඩ තමන් සතු කරගෙන අනාගතයේ ලංකාවේ රජ වීමට බලාපොරොත්තුවෙන් සිටි ඒ දවස්වල රජ පුතකුට කඩුව ලබාදීම සඳහා නිලමේ ඒ සොරකම කරන්නට ගියේයැයිද කියැවෙයි. තමාගේ නඩුව සඳහා උසාවියට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවක නිලමේ බන්ධනාගාර නිලධාරීන් සමඟ වැදගත් කතාවක් කීවේය. ‘මම බොහොම ඉක්මනින් පාපෝච්චා රණයක් කරන්න ඉන්නේ. එතකොට ලොක්කන්ගේ තටු කැපෙයි.’

ආයුධ දැමීම

ඝාතනය කරන ලද රඳවුවන්ගේ මළසිරුරු අසළ, ටී56 ගිනිඅවි දමා තිබීම සැලසුම් සහගතව සිදුවුණු බවත් දැන් ඉතාම පැහැදිලිය. බන්ධනාගාර ගිනි අවි ගබඩාව කඩා රඳවුවන් ගත් ගිනි අවිවලින් 22ක් නැවත අත්පත් කරගත් බන්ධනාගාර නිලධාරීහු ඒවා පසුව හමුදා නිලධාරීන්ට භාරදුන් අතර. ඔවුන් විසින් පසුව ඒවා විධිමත් ලෙස නැවතත් බන්ධනාගාර නිලධාරීන්ට භාරදෙන ලදි. එසේ භාරදෙමින් තිබියදී එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි හා මැගසින් බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ඉල්ලාගත් ගිනිඅවි 4ක් පසුව ඝාතනය වුණු රඳවුවන්ගේ මළසිරුරු අසළ දමා තිබිණි. මේ ඝාතන සැලසුමකට අනුව සිදු නොවුණේ නම්, මෙවැනි දෙයක් සිදුවන්නේ කෙසේද? තමන්ගේ ලැයිස්තුවකට අනුව තෝරාගෙන මරාදමන ලද නිරායුධව සිටි රඳවුවන්ගේ මළසිරුරු අසළ ගිනි අවි දැමීමෙන් කියන්නට උත්සාහ කළ දේ පැහැදිලිය. ඒ අනුව, කොඩිප්පිලිටත්, එමිල් රංජන්ටත් වුවමනා වුණේ මේ නීතිවිරෝධී ඝාතන නීත්‍යනුකූල ඝාතන බව, එනම් හමුදාවට වෙඩි තියන්නට ගිය විට ඝාතනය කළ බව පෙන්වන්නට විය හැකිය.

උපුටා ගැන්ම ( රාවය )
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගෙ ප්‍රේමදාස කොටින්ව නලෝල කෙලෝ ගත්ත වගේ උබලගෙ වද රනිලට පාතාලෙ නලෝ නලෝ ඉන්ඩ කියපන්..
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113

    පව් බන් පට්ට අහිංසක මිනිස්සු ටිකක් මැරුණේ ලංකාවට හරි පාඩුවක් උන් මැරුණ එක :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන් පට්ට අහිංසක මිනිස්සු ටිකක් මැරුණේ ලංකාවට හරි පාඩුවක් උන් මැරුණ එක :lol::lol:

    :yes::yes: ඒකෙන් පාතාල කාරයන්ගෙ මානව හිමිකම් කඩ උනා කියලනෙ ඔය වද රනිල කියන ගොබ්බ කියන්නෙ...ඒකයි ඔය වහාම පරීක්ශන..රට හතර වටේම පාතාලෙන් සාමන්ය මිනිස්සුන්ට වෙඩි තිය තියා යනව ඒව වැරදිලාවත් වද රනිලට පේන්නෙ නැ...ඒව මානව හිමිකම් කඩවීම නෙමේලු..
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ඔව් බං ඔව් බං මාත් එකඟ නෑ මුන්ට වෙඩි තිබ්බ එකට මොකද ඔවුන්ට ඊට වඩා දරුණු දඬුවමක් දෙන්න තිබ්බෙ කීදාහක් පවුල් නිසා අනාථ වෙලා ඇත්ද කූඩු නිසා කීදාහක්අ ම්මලාගේ පුතාලා දුවලා කුඩු නිසා නැතිවෙන්න ඇත්ද ඔව් ඒක නිසා මාත් එකග නෑ ඌට වෙඩි තිබ්බ එකට.
     

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    මිනිස්සු අමු අමුවේ මරන එක මම අනුමත කරන්නෙ නෑ. ඒත් මේ මැරුණ හිරකාරයෝ මරපු මිනිස්සු ගැන කවුරුත් ක්තා නෑ. මාධ්‍ය ආයතනවලටත් ඕනි හිරකාරයෝ අහිංසායි කියලා පෙන්නන්න​