ගෝඨාගේ වැලිකඩ සංහාරයේ තොරතුරු එළියට
වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී සිරකරුවන් පිරිසක් මියයෑමේ සිද්ධියට අදාළ මෙතෙක් හෙළි නොවූ රහසිගත තොරතුරු රැසක් රජය වෙත ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි.
සිරකරුවන් හා ආරක්ෂක අංශ නිලධාරීන් අතර පැවැති වෙඩි හුවමාරුවේදී එම සිරකරුවන් මියගිය බව ඉහළ බලධාරීන් සිය වාර්තාවලින් දක්වා තිබුණත් එය හිතාමතා කළ ඝාතනයක් බව එම නිලධාරීන්ගේ මතය වී තිබේ.
එම සිරකරුවන් මියයෑම ඝාතන සිද්ධියක් බවට තහවුරු කිරීමට අදාළ ඡායාරූප රැසක් එම නිලධාරීන් සතුව පවතින බවද මෙම සිද්ධිය සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ ඇතැම් තොරතුරු සත්‍යයෙන් තොර බවද එම නිලධාරීන්ගේ මතය වී ඇත.
2012 නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරයේදී මේ කැරැල්ල සිදුව තිබූ අතර මේ සිද්ධියෙන් සිරකරුවන් 27කට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබිණි.