අපි මැද පන්තියේ වැස්ස හා තිබුනු මතකයන් බොහෝ ඇත. ඇද හැලෙන හැම මොර සුරන වැස්සටම මාව අතීතයට එක්කන් යනවා දැන් හිතෙනවා ඇති වැස්සෙ ආතල් ගත්ත ඒවාද කියලා නෑ වැස්සෙන් උළු වහලය තුලින් ගේ ඇතුලතට එන වතුර නවත්වන්න බේසම් බාල්දි උස්සන් එන හැටි ගෙදර පුරාම වැස්ස දවසට තියෙන්නෙ බාල්දි බේසම් ඇවිද ගන්න ඉඩක් නෑ පවුලේ හයදෙනාටම තිබුනේ එක කාමරයයි එකේ අම්මයි තාත්තයි මම නිදා ගන්නෙ බිම එක අයියා කෙනෙක් ඇදක් තිබුනා කුස්සියේ පැත්තෙ අනිත් අයියා ඉස්තොප්පුවේ සෙටි එකේ.වහින දවස් වලට නිදා ගන්න අමාරැයි බිම කොහෙන් හරි වතුර එනවා.කොළඹ ඉස්කොලේ ගියාට ටියුෂන් එකට අමාරැවෙන් ගත්ත ඕඩෙල් එකේ කිඹුලා ටීෂර්ට් ඇදන් ගියාට ඇත්ත තත්වය මේකයි මැද පන්තියේ මේ ඔක්කොම මාට්ටු වුනේ පියාගේ මරණයත් එක්ක ඒත් ඒ කාලේ පාසල් අධ්‍යාපනය ඉවරයි. එක යාලුවෙක් ඇහුවා මේ ගෙදරද උබ හිටියේ කියලා මේක තමයි මැද පන්තිය ....දැන් උත්සාහයෙන් අංග සම්පුර්ණ තට්ටු 2 ගේක හිටියාට වහින වේලාවට තාම අතීතයට යනවා මොකද මම වගේම මැද පන්තියේ හිර වෙලා ඉන්න සෙට් මේ සමාජය ඇතුලේ ඉන්නවා කියලා හිතෙනවා. උත්සාහය කැපවිම ඇතිනම් සැම දෙයක්ම ජය ගත හැකියි පොඩි කාලේ දැකපු සිහිනය වන නොතෙමන ගෙදර අද මම ඉන්නවා....
Last edited:


