වික්ටර්ගේ පුත් ජයන්ත ගේම ඉල්ලයි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    වික්ටර්ගේ පුත් ජයන්ත ගේම ඉල්ලයි

    වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    Jayantha.jpg
    ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපි යවා ඇති බව මීට සති කිහිපයකට පෙර අප හෙළි කළා. ඒ ඔහුගේ වැඩිමහල් පුතු වන සංගීතවේදී ජයන්ත රත්නායක සමග කළ සම්මුඛ සාකච්ඡාවකින්. කෙසේ වෙතත් පසුගිය සතියේ දෙරණ නාලිකාව ආරම්භ කළ “දෙරණ ස්ටාර් සිටි ටුවෙන්ටි 20” වැඩසටහන ඇරඹූ ප්‍රේක්ෂකයන්ට වික්ටර් රත්නායකයන්ගේ ගීත ගායනා කිරීම ඔහුගේ පුතුන්ට සැබෑ ලෙසටම තහනම් කර තිබේදැයි යන සැකය ඇති වූවාට සැකයක් නැහැ. ඊට හේතුව පසුගිය සතියේ විකාශය කෙරුණු දෙරණ ස්ටාර් සිටි ටුවෙන්ටි 20 හඳුන්වාදීමේ වැඩසටහනේදී දෙරණ ස්ටාර් සිටි කිරුළ සඳහා තරග වදින එක් කණ්ඩායමක් ලෙස ජයන්ත සහ ඔහුගේ සොයුරු ලෙලුම් තමන්ගේ පියාගේ ගිත ගායනා කරන අයුරු හැමෝටම දැක ගන්නට ලැබුණු නිසයි. ඉදිරියේදීත් එම වැඩසටහනේදී පියාගේ ගීත ගායනා කළොත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද? බොහෝ දෙනාගේ සිත් තුළ පැන නැගුණු මෙකී ගැටලුව සම්බන්ධයෙන් විමසූ විට ජයන්ත රත්නායක මතෛක් කිසිවකුට නොකී කතාවක්ද හෙළි කළා.


    මීට සති කිහිපයකට කලින් ඔබ 'රිද්ම' හරහා පළමු වරට හෙළි කළා ඔබටත් ඔබේ සොහොයුරාටත් පියාගේ ගීත ගැයීම තහනම් කරලා නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපියක් ලැබුණා කියලා. එහෙම තියෙද්දී ඔබ දෙරණ ස්ටාර් සිටි වැඩසටහනට ඇවිල්ලා රටටම පේන්න පියාගේ ගීත ගායනා කිරීම නිසා ඉදිරි කාලයේදී ඔබට නීතිමය ගැටලුවක් ඇතිවෙන්න ඉඩ තියෙනවා නේද?
    කොහෙත්ම නැහැ. එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම ඒ වැඩසටහනේදී බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ.

    ඒ කියන්නේ ඔබ පියාව මුණගැහිලා ඒ ගැටලුව සමථයකට පත් කර ගත්තද? එහෙමත් නැතිනම් ඔහු ඔබට නඩු පවරන එකක් නැහැ කියලා විශ්වාසයක් තියෙනවාද?
    ඒ කිසිම හේතුවක් නිසා ‍නෙවෙයි. නීතිඥයකුගේ මාර්ගයෙන් එවලා තිබුණු ලිපියේ සඳහන් කරලා තිබුණේ මින් ඉදිරියට තාත්තාගේ ගීත ගායනා කරන්න එපා කියලා විතරයි. එහෙම ලිපියක් එව්වා කියලා තාත්තාගේ ගීත ගායනා කිරීම අපට තහනම් කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒ නිසා අපට විරුද්ධව තාත්තා නඩු දානතුරු තමයි මමත් මේ බලාගෙන ඉන්නේ.

    කොහොමද ඔය තරම් විශ්වාසයෙන් ඔය දේවල් කියන්නේ?
    2013 වසරේදී තාත්තා ඔහුගේ ගීතවල කර්තෘ භාගය ලබාගැනීම ගීත පැවැරීම ඇතුළු සියලු අයිතීන් නීතිඥයෙක් ඉදිරියේ මට ලියා දුන්නා. ඒ නිසා අපට එවපු ලිපිය සම්බන්ධයෙන් මට බයවෙන්න කිසිම හේතුවක් නැහැ.

    තාත්තා තවමත් ජීවතුන් අතර සිටින නිසා අවශ්‍ය නම් දැන් ඔහුට ඒ තීරණය වෙනස් කරන්න පුළුවන් නේද?
    ජීවිත භුක්තිය තියාගෙන ‍නෙවෙයි තාත්තා ඔහුගේ ගීතවල අයිතිය මා වෙත පැවැරුවේ. ඒ නිසා මින් ඉදිරියට ඔහු ගායනා කරන ගීතවල අයිතිය විතරක් ‍නෙවෙයි ඒවායේ කර්තෘ භාග පවා හරිනම් අයිති මටයි.

    එතකොට ගීතවල අයිතිය ඔබට පවරපු බව අමතක වෙලාද තාත්තා නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපියක් එවලා තියෙන්නේ?
    තාත්තා හොඳටම දන්නවා නඩු දැම්මොත් මොනවාද වෙන්නේ කියලා. ඔහු සමග දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ.

    තාත්තාගේ ගීතවලට ඔබට තිබුණු අයිතියෙන් මෙපමණ කාලයක් හරි හැටි ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද?
    මෙතෙක් කාලයක් මම තාත්තාගේ ගීත විතරක් වේදිකාවේ ගායනා කළේ නැහැ වෙනත් ප්‍රවීණ ගායකයන්ගේ පුත්තු තාත්තලාගේ ගීත ගායනා කරද්දී බොහෝ දෙනා අපෙන් විමසලා තියෙනවා ඇයි අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා. අනික මෙච්චර කාලයක් වෙනත් සමහරු තාත්තාගේ ගීත ගායනා කරද්දිත් මම නිහඬව හිටියා. තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න මමයි මල්ලියි ඉන්න නිසා බයවෙන්න එපා කියලා තමයි මට දැන් රසිකයන්ට කියන්න තියෙන්නේ.

    ඔය කියන විදියට දෙරණ ස්ටාර් සිටි වැඩසටහනේදීත් තාත්තාගේ ගීත ගායනා කරමින් ඉදිරියට යන්න ඔබට කිසිම බාධාවක් නැද්ද?
    ඔව්. දෙරණ ස්ටාර් සිටි වැඩසටහනේදී මේ සතියේත් මම ගායනා කරන්නේ තාත්තාගේ ගීතයක්. පුළුවන් නම් මට නඩු දාන්න කියන්න. මම බය නෑ.

    පැවරීමේ ගිවිසුම

    වර්ෂ දෙදහස් දහතුනක් (2013) වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී. මෙහි මින් මතු, පළමු පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන අතුරුගිරිය ඔරුවල එගොඩවත්ත අංක 25/ඛි2 හි පදිංචි රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර් හෙවත් වික්ටර් රත්නායක (ජා.හැ. අංක 420492243ම) එක් පක්ෂයකටද, මෙහි මින් මතු (දෙවන පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන මාලඹේ මිහිඳු මාවතේ අංක 32/5 හි පදිංචි ජයන්ත රත්නායක (ජා.හැ. අංක 682210931ම) එක් පක්ෂයකටද බැඳී එම දෙපක්ෂය අතර හට ගන්නා ලද ගිවිසුමේ වගනම්.
    එසේ හෙයින් සියලු දෙනාම මෙයින් දත යුතුයි
    ඉහත කී පළමු පාර්ශ්වය තමා විසින් තනු නිර්මාණය කරන ලද සහ ගායනය කරන ලද සියලුම ගීත ඕනෑම මාධ්‍යයක භාවිත කිරීම කර්තෘ භාගය එක්රැස් කිරීම සහ එකී නිර්මාණයන්හි නීත්‍යානුකූලව පැවැරුම් කිරීම සහ පාරිශ්‍රමිකයන් ලබා ගැනීම සම්බන්ධයෙන් පළමු පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට හා සියලුම කටයුතු කිරීමේ බලය ඉහත කී දෙවන පාර්ශ්වය වෙත පැවැරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම හට ගනී.

    ගිවිසුමේ නියමයන් හා කොන්දේසි
    මෙම ගිවිසුමට එළඹීමට ප්‍රථම ඉහත සඳහන් කරන ලද ගී නිර්මාණ වල සම්පූර්ණ හිමිකාරත්වය තමා සතු බවට පළමු පක්ෂය සහතික වේ.
    මෙම ගී නිර්මාණ වල අයිතිවාසිකම් බාහිර කිසිදු පුද්ගලයෙකුට පළමු පක්ෂය විසින් මෙම ගිවිසුමට පෙර පවරා නොමැති අතර මෙම ගිවිසුමෙන් අනතුරුව ඉදිරියේදී එසේ වෙනත් පුද්ගලයෙකුට එම කිසිදු අයිතිවාසිකමක් පැවැරීමට
    පළමු පක්ෂය කටයුතු නොකරන බවට එකී පක්ෂය එකඟ වේ.
    මෙම ගිවිසුම එළඹීමෙන් අනතුරුව, ඉහත සඳහන් කරන ලද පළමු පක්ෂයේ ගී නිර්මාණ සියලුම ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය, සංයුක්ත තැටි (CD) වීඩියෝ තැටි (DVD) අන්තර්ජාලය දුරකථන ජාලයන්හි සෑම භාවිතයක්ම නාද මාලා (Ring tone) යනාදිය සඳහා පළමු පක්ෂය වෙනුවෙන් පැවැරීමට හා එකී පාරිශ්‍රමිකයන් එක්රැස් කරගැනීමට පළමු පක්ෂය වෙනුවෙන් සියලු කටයුතු කිරීමේ බලය දෙවන පක්ෂය වෙත පැවැරීමට පළමු පක්ෂය එකඟවේ.
    තවද ඉහත සඳහන් ගිවිසුමේ නියම හා කොන්දේසි නිසි පරිදි කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව, ඒ සඳහා දෙපක්ෂය ඒ දෙපක්ෂය වෙනුවට සහ ඒ දෙපක්ෂයේ උරුමක්කාර, ‍පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාර, බලකාර, ලැබුම්කාරයන් වෙනුවටත් එකිනෙක පක්ෂය සමග මෙයින් වැඩිදුරටත් ‍පොරොන්දුව බැඳුනෝය.
    ඊට සාක්ෂි පිණිස ඉහත කී පළමු පක්ෂය හා දෙවන පක්ෂය යන දෙපක්ෂය මෙයින් මෙම වාසගම සහ දිනත් දරන තවත් ලියවිල්ලකටත් වර්ෂ 2013 ක් වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී අත්සන් තැබුවෝය.
    සාක්ෂි :
    මීට සාක්ෂිකාරයන් වන අප මෙහි අත්සන් කළ දෙපක්ෂය හොඳාකාර අඳුනන බවද ඒ දෙපක්ෂයේ නියම නම්, රක්ෂාවල් සහ පදිංචි ස්ථානත් නිසියාකාර දන්නා බවද මෙයින් සහතික කොට ප්‍රකාශ කරමු.

    නීතිඥ අකලංක තරින්ද සේරසිංහ
    අංක 30, පාසල් මාවත,
    කළුබෝවිල,
    දෙහිවල
    Jayantha1.jpg
    Jayantha2.jpg

    කිෂාන් කනංකෙ
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අනෙ මන්ද මේ මිනිස්සු රට ඉස්සරහට ඇවිත් තමන්ගේ රෙදි ගලෝ ගන්නව ලැජ්ජ නැද්ද මන්ද
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඕකා ඔය ගේම ඉල්ලුවට කාමරයක්වත් දෙන්න හොඳ නෑ අර වයසක මිනිහා ඇස් දෙක පියන් සංගීත දැහැනේ කිමිදෙද්දී කුඩම්මගේ පුකට කොටන්නයි ඕකගෙ කල්පනාව:lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕකා ඔය ගේම ඉල්ලුවට කාමරයක්වත් දෙන්න හොඳ නෑ අර වයසක මිනිහා ඇස් දෙක පියන් සංගීත දැහැනේ කිමිදෙද්දී කුඩම්මගේ පුකට කොටන්නයි ඕකගෙ කල්පනාව:lol:

    කැරි කතා කියන්න එපා යකො වතුර ටිකත් හිර උනා :angry:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඇත්ත මොනවා උනත් හදපු තාත්තගේ නම කතා කරන එකනම් කතා වැඩ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕකා ඔය ගේම ඉල්ලුවට කාමරයක්වත් දෙන්න හොඳ නෑ අර වයසක මිනිහා ඇස් දෙක පියන් සංගීත දැහැනේ කිමිදෙද්දී කුඩම්මගේ පුකට කොටන්නයි ඕකගෙ කල්පනාව:lol:

    :lol::lol::lol::lol::lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ තාත්තා එපා කියල බඩු කාරයා කියල
    හන්වඩු ගහල ඒ මිනිහගේ නම නැති කරපු එවුන් ගීත ටික සේප් එකේ ගායනා කරන්නේ ඇයි යකෝ
    අපිට මොන හු *** එපා කියල රෙස්පකට් එකේ හිටපියව්කෝ .. ලියුම එව්වේ තාත්තා නෙමේ අර ගෑනිලු...
    ඔන්න ඔකට තමයි කියන්නෙ " කන්න ඔන උනාම කබරගොයත් තලගොයා වෙනව කියල" :angry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඕකා ඔය ගේම ඉල්ලුවට කාමරයක්වත් දෙන්න හොඳ නෑ අර වයසක මිනිහා ඇස් දෙක පියන් සංගීත දැහැනේ කිමිදෙද්දී කුඩම්මගේ පුකට කොටන්නයි ඕකගෙ කල්පනාව:lol:

    :lol::lol::lol::lol: