වික්ටර්ගේ_බිරිඳගේ_රන්බඩු_සොරකමේ_නොදුටු_ප

KavindyaC

Member
Dec 12, 2017
147
11
0
වික්ටර්ගේ_බිරිඳගේ_රන්බඩු_සොරකමේ_නොදුටු_ප

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (17) පෙරවරුවේ සලකා බැලීමෙන් පසුව තංගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් මගී විජේවීර මහතා මෙම නියෝගය කළේය.

වසර 2012 සිට 2016 දක්වා කාලයේදී තංගල්‍ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා රන් ආභරණ අතුරුදන් කිරීමේ සිද්ධියකට අදාළව අමේන්ද්‍රා මහත්මිය පසුගිය 9 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ නීතිඥවරයකු මාර්ගයෙන් ඇය තංගල්ල කොට්ඨාස වංචා විමර්ශන අංශයට භාරවීමෙන් පසුවය.
සිද්ධියට අදාළ නඩු විභාගය ලබන 26 වැනිදා යළි කැඳවීමට නියමිතය.

:love:
 
khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    සැනසිල්ලෙ ඉන්න ම දෙන්නෑනෙ

    වික්ටර් මහත්තයට සැනසිල්ලෙ ඉන්න ම දෙන්නෑනෙ, එක්කො පුතාල කෑ ගහනව, එක්කො හාමුදුරුවරු බණට මාතෘකාව කරගන්නව, නැත්නම් ඉරාජ් සිංදු ගහනව, මොකවත්ම නැත්නම් ගෑණිගේ පරණ කේස් එකක්වත් මාට්ටු වෙනව. පවු සැනසීමෙන් සැහැල්ලූවෙන් ඉන්න ඕනි කාලෙ අහක යන නයෙක් රෙද්ද අස්සෙ දාගත්ත.
     
    :lol::lol: