වික්ටර් රත්නායක ගේ විවාහයෙන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,701
    13,478
    113
    වික්ටර් රත්නායක ගේ විවාහයෙන්

    වික්ටර් රත්නායක ගේ විවාහයෙන් හෙළිවෙන පිරිමින් ගේ කඳුළු නොපෙනෙන දුක! - Secret men's business
    Victor_Ratnayaka.jpg



    වික්ටර් රත්නායක පසුගිය මාර්තු පළමුවෙනිදා විවාහ වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.

    ඉතිං අපිට මොකද හලෝ?

    මේ ඔහු ගේ දෙවෙනි විවාහයයි.

    ඉතිං අපිට මොකද හලෝ?

    ඔහු ගේ පළමු බිරිඳ මිය ගොස් දැනට වසර දහතුනක් පමණ ගත වී ඇති බවත්, ඔහු මේ දෙවන බිරිඳ සමග වසර නමයක පමණ කාලයක් තිස්සේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් කියවෙනවා.

    ඉතිං අපිට මොකද හලෝ?

    වික්ටර් රත්නායක ගේ වයස අවුරුදු හැත්තෑ පහකි.

    හෑ?

    වික්ටර් ගේ අලුත් බිරිඳ ගේ වයස අවුරුදු 33 ක් ලු!

    හෑ?

    ප්‍රසිද්ධ පුද්ගලයෙකු හා සම්බන්ධ කතාවක් වුවද, මෙය එක අතකින් සරල ඕපාදූපයකි. නමුත් මට මේ සිදුවීමට අදාළව වචන කිහිපයක් ලියන්නට සිතුණේ, තැටිය රත් වී ඇති වෙලාවේ රොටි පිච්චීමේ අවශ්‍යතාවක් නිසා නොව මේ වික්ටර් රත්නායක සිදුවීම හා බැඳී ඇති පොදුවේ පුරුෂ පක්‍ෂයට අදාළ කාරණයක් නිසා යි.

    එය ලොව ජනගනගහනයෙන් 49% ක පිරිමින්ට පමණක් නොව ස්ත්‍රීන්ට ද එක සේ වැදගත් සියලු දෙනාම දැන ගත යුතු කරුණකි. එසේ ම ජීව විද්‍යාත්මක සත්‍යයකි.

    එනම්, වයසට ගිය ද, පිරිමින් ගේ ලිංගික අවශ්‍යතා නො අඩුව පවතින බවයි.

    මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ලාට, වික්ටර් රත්නායකලාට, හියූ හෙෆ්නර්ලාට පමණක් නොව අති බහුතරයක් පිරිමින් සඳහා සත්‍ය කාරණයකි.

    නමුත්, විවිධ සමාජමය කාරණා නිසා, මේ තත්වයට පිළියමක් නොමැතිව ලතවෙන වයසක පිරිමින් කොතරම් ලොව ඇති ද?

    ගම්බඳ ප්‍රදේශයක විසූ මා දන්නා සීයා කෙනෙකු ඒ ගමේ මැදිවියේ කාන්තාවක විසින් පවත්වාගෙන යන ලද අරක්කු විකුණන තිප්පොලකට යන බව ඔහු ගේ පුතාට ආරංචි විය.

    වයස අසූවක් පමණ වූ තම පියා අරක්කු බීම ගැන පුතා අසතුටට පත් විය.

    "තාත්තේ අරහේ යන එක නම් හොඳ මදි!" පුතා තාත්තාට කීවේය.

    තාත්තා එදා වස පානය කර සිය දිවි හානි කර ගත්තේ ය.

    පසුව ආරංචි වුණේ, පෙර කී අරක්කු තිප්පොලේ අයිතිකාරිය තව තව දේ ද විකුණන බවයි.

    පුතා ගේ පස්වෙනි ශික්‍ෂාපද අවවාදය ගැන තාත්තා වරදවා සිතා ඇත්තේ තුන්වෙනි ශික්‍ෂාපදය ගැන ද කියවුණු එකක් කියා ය!

    ලංකාවේ සමහර පිරිමින් වයසට යනවාත් සමගම බණට, දහමට යොමුවන්නේ මේ නිසා විය යුතුයි.

    වික්ටර් රත්නායක කතාවට අදාළ අවාසනාවන්ත සිදුවීම නම් ඔහු ගේ පුත් ලෙලුම් විසින් ෆෙස්බුක්හි තබන ලද "අප්පච්චි මළා!" නම් සටහනයි.
    Lelum-FacebookStatus.jpg



    එවැනි පුතුන් ගැන මට කිව හැක්කේ නොදකින් කියා පමණි!

    තම ජීවිතයේ මේ වැදගත් සංධිස්ථානයට එළැඹි වික්ටර් රත්නායකට මම ඉත සිතින් සුබ පතමි.

    යූ ගෝ බෝයි!

    යූ ආ ද මෑන්!!

    අනඟ තරුණ බඹරු අපී
    අමර වරම අපට හිමී
    අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ!!

    හැරමිටියෙන් ඇවිදින්නෝ
    අපට එරෙහි වී එන්නෝ
    සීමා මායිම් වැටකොටු
    ඒ කිසිවක් අපට නැතේ!


    Source http://rasikalogy.blogspot.com/2017/03/secret-mens-business.html
    -රසිකොලොජිස්ට්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අබුද්ධස්ස කාලේ .. පැවිද්දො ෆුල් කෝස් මෙනු එකක් එක්ක වෙඩිං කේක් හදල පාටි දානකොට, අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබාගනිමු තරමින් වියතක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,661
    68,008
    113
    අබුද්ධස්ස කාලේ .. පැවිද්දො ෆුල් කෝස් මෙනු එකක් එක්ක වෙඩිං කේක් හදල පාටි දානකොට, අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබාගනිමු තරමින් වියතක්

    hinahenna romeo mamai
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආදරයකට විවාහයකට වයස ප්‍රශ්නයක් නෑ
    අනික ඉන්න ගැනු මැරෙන්නත් කලින් එලවලදන රටක
    වික්ටර් මහත්තයා බිරිද මිය ඉහින් අවුරුදු 4 පස්සේ මේ කෙනාව හොයාගෙන තියෙන්නේ '
    ළමයෙකුට ඒ වගේ දෙකට තරහා යන එක සාදාරනයි
    එත් අපිට ඕකට මොනවත් කියන්න අයිතියක් නම් නෑ
    ඒ අයගේ ජිවිතේ ඒ අයට ඕන විදිහට ගෙවයි
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ආදරයකට විවාහයකට වයස ප්‍රශ්නයක් නෑ
    අනික ඉන්න ගැනු මැරෙන්නත් කලින් එලවලදන රටක
    වික්ටර් මහත්තයා බිරිද මිය ඉහින් අවුරුදු 4 පස්සේ මේ කෙනාව හොයාගෙන තියෙන්නේ '
    ළමයෙකුට ඒ වගේ දෙකට තරහා යන එක සාදාරනයි
    එත් අපිට ඕකට මොනවත් කියන්න අයිතියක් නම් නෑ
    ඒ අයගේ ජිවිතේ ඒ අයට ඕන විදිහට ගෙවයි

    :yes:
     
    • Like
    Reactions: djnick

    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    ආදරයකට විවාහයකට වයස ප්‍රශ්නයක් නෑ
    අනික ඉන්න ගැනු මැරෙන්නත් කලින් එලවලදන රටක
    වික්ටර් මහත්තයා බිරිද මිය ඉහින් අවුරුදු 4 පස්සේ මේ කෙනාව හොයාගෙන තියෙන්නේ '
    ළමයෙකුට ඒ වගේ දෙකට තරහා යන එක සාදාරනයි
    එත් අපිට ඕකට මොනවත් කියන්න අයිතියක් නම් නෑ
    ඒ අයගේ ජිවිතේ ඒ අයට ඕන විදිහට ගෙවයි

    :cool: