අපිටනම් වගකීමක් නෑ මචන් ඒ උනාට උඹ ඒ පුතෙක් වෙලා හිතල බලපන් උඹගේ තාත්තව සම්පූර්ණයෙන්ම බ්‍රේන් වොෂ් කරලා පහු වෙනකොට බ්ලැක් මේල් කරලා පියවරෙන් පියවර ඒ මනුස්සයගේ ජීවිතේ බිලි අරගෙන අන්තිමට ගෑනු/දරුවෝ නයි වෛරක්කාරයෝ කරලා මිනිහට නොබැඳ ඉන්න බැරි තත්ත්වෙට පත් කරලා දේපල ටික මංකොල්ලකන පරම අභිප්‍රායෙන් බැඳ ගත්තම දරුවන්ට දැනෙන්නෙ කොහොමද කියල.
උඹලට මේ වගේ දේවල් වලට අත්දැකීම් නැතුව ඇති ඒත් මට තියනවා. මම දන්න කට්ටියකට ඔය ප්‍රශ්නෙම තියෙනවා. ඒ පවුලෙ මිනිස්සු මොන තරම් වේදනාවකින්ද ඉන්නෙ කියල මම දන්නවා. ඒ පවුලෙ තාත්ත කීප සැරයක්ම ඒ සම්බන්දෙ නතර කරන්න හැදුවට ඒ ගෑනි ඒක කරන්න දෙන්නෙ නෑ. ඒ ගෑනි ඒ වගේ වෙලාවල් වලදී ගන්න පියවර ගැන ඇහුවොත් මේකෙ ඉන්න කිසිම කෙනෙක් මාව විශ්වාස කරන එකකුත් නෑ. ඒ පවුල ලංකාවේ සුප්‍රසිද්ද පවුලක්, මට හිතෙන විදිහට ඒ ගෙවල් වල මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාවත් පිපිරිලා යන්න බොහොම ලඟයි. එහෙම වෙච්ච දවසට උඹලට හිතෙයි වික්ටර්ගේ ප්‍රශ්නෙ මොකද්ද කියල.
හැඟීම් වලට ප්‍රශ්න විසඳන්න දීල උත්තර හොයන්න බැහැ මචන්.. තාත්ත උනත් තාත්තගේ ජීවිතේ අයිති එයාට.. ලොකු මහත් කරලා උගන්වලා කවලා පොවලා තියෙනවානම් එතනින් එහා දරුවන් ඉගෙනගත යුතුයි තවදුරටත් පරපෝෂිතයෙක් නොවී තමුන් විසින් ගොඩනැගෙන්න.
තමුන්ගේ නම්බුව, ආරක්ෂාව, යැපීම, දේපල අවශ්‍යතාවය වෙනුවෙන් අනෙකාගේ කැමැත්ත බිලිගැනීම නොකළයුතු දෙයක් කියලයි මම දකින්නේ.. අනෙකාටත් අපිට තියන හා සමානවම හැඟීම්, දැනීම්, දැනෙනවා. දරුවන් හැදු පමණින් ඒ දරුවන් ලොකු මහත් කරලා සමාජයට දායාද කරා ඉවරවෙලාවත් වැඩිහියියන්ට තමුන්ගේ ජීවිතය හොයාගෙන යන්න අයිතියක් නැද්ද මචන්..ඒ මිනිස්සුන්ට ජීවිතය විඳින්න අයිතියක් නැද්ද..
කුඩා දරුවන් අනාත කරලා දාල තමුන් විසින් ලොවය ජාතක කරපු දරුවන්ට මහමගට වැටෙන්න සලස්වලා වෙනත් සහකාරියෙක් එක්ක පැනල යනවානම් මං ඒක අනුමත කරන්නේ නැහැ. ඒත් මෙතන තියන ප්‍රශ්නය බොහොම වෙනස් එකක්. ලෙලුම්ලා, ජයන්තලා දැන් වැඩිහිටියෝ.. එයාලට එයාලගේ පාරක් තිරගෙන ගොඩ එන්න හෝ වැනසෙන්න තියන අයිතිය එයාල සතුයි. වික්ටර් රත්නායක ඒ මනුස්සයාගේ දක්ෂකමින් උපයපු දේපොළ භාවිතා කරන්නේ කුමක් සඳහාද කියනදේ තීරණය කරන්න අයිතිය තියෙන්නේ එතුමාට පමණයි.
මේ ලෝකේ පවතින දහම තමා බන් ලොකු එකා විසින් පොඩි එකාව කාල ජීවත් වෙන ස්භාවය.. ඒත් පොඩි එකා විසින් ලොකු එකාව කන ස්භාවය ලෝක ස්භාවයට පටහැනියි. ඒවාට පැවැත්මක නැහැ. ලෙලුම් හදන්නේ තාත්තව තමුන්ගේ ග්‍රහණයට අරගෙන තමුන්ගේ වපසරිය තුල කොටුකරගෙන ජීවත් වෙන්න.. ඒ අරමුණ ඇතුලේ තියන බලාපොරොත්තු එකින් එක කුඩා කොටස් වලට කඩා බැලුවාම තියෙන්නේ පියාණන්ට තියෙන ආදරේට වඩා තමුන්ගේ මාන්නය, පියාගේ දේපල බේරාගැනීමේ අවශ්‍යතාවය පමණයි. තමුන්ගේ පියාගේ සන්තෝසය එතැනදී ඇගයීමකට වටෙන්නෙම නැහැ. එතැනදී මේ ගනුදෙනුව සිද්ද වෙන්න එයාල උත්සහ කරන්නේ වික්ටර් රත්නායක කියන පුද්ගලයා ප්‍රාණය තියන මනුස්සයෙක් ගණයට දාල නෙවෙයි.
වසර දෙදහස් පන්සියයක් එහා සිටන් එන මේ සංස්කෘතිය කියන මගුලේම එහා කොහේ රජ වරුන්ට අන්තප්පුර තිබ්බ කියන එක අමතක කරන්න එපා බන්. රජ්ජුරුවන්ට හොඳයි.. ඒත් සාමාන්‍ය මනුස්සයට හොඳ නැහැ.. මේක දෙබිඩි පිළිවෙතක් නේද .. හිතන්න..
මම මෙතැනදී කියන්නේ නැහැ පවුල් කඩාගෙන විනාස වෙයල්ලා කියන එක.. ඒත් වික්ටර් රත්නායකගේ දෙවැනි විවාහය මේ තරම් ලොකුවට කතා කලයුතු කාරනාවක් නෙවෙයි. ඒක එයාගේ කැමැත්ත.
දුපතෙන් පිටවුණ බහුතරය දරන්නේ ඔබේ අදහස. දියුණු රටවල ළමයි ළමයින්ගේ ගමන යනවා වැඩිහිටියෝ ඔවුන්ගේ ගමන යනවා. පිටරටක ළමයෙක්ට දෙමාපිය මරණින් පසු දේපොලක් හිමිවීම ලොතරැයියක් ඇදුන වගේ දෙයක්. දෙමාපියෝ දරුවන් උස්මහත් කිරීමෙන් අනතුරුව කැදැල්ලෙන් කරුලු පැටවූ නික්මෙනවා වගේ දරුවන් විසිරිලා තම තමන්ගේ කැදලි තනන් යනවා..... දෙමාපියන් තමුන්ගේ අබිමතය අනුව ජිවත් වෙනවා. කසිම විටක දරුවන් තීරණය කරන් නෑ දෙමාපියන් කෙසේ ජ්වත්විය යුතුද කියල.
ලංකාවේ මේ දරුවන් හා දෙමව්පියන් අතර ග්‍රහණය සුද්දෝ ඔළුවට දාපු සංස්කෘති සභ්‍යත්වත් එක්ක විකුර්තියක් වෙලා තියෙන්නේ. දරුවන් උස්මහත් වූ පසු දෙමාපියන්ගේ කායික මානසික සුවය, නොතකමින්, වත්කම් සියල්ල බලහත්කාරයෙන් බුක්තිවෛදිමින් ඔවුන් ඔවුන්ටත් නොදනී සාහසික ගමනක් යන්නේ......... අවසානය දරුවන් විසින් ධනය කොල්ලකෑමෙන් අවලංගු කාසි බවට පත්වෙන දෙමාපියන් මහමගට වැටෙන එක.
වික්ටර්ගේ කතාවේදී ඔහු තවමත් ස්වාදීනයි හා ස්ථාවරයි. ඔහුගේ කායික මානසික අවශ්‍යතා ඔහුට අවශ්‍ය ලෙස සපුරාගැනීම ඔහුගේ අයිතියක්. හැබැයි පැණි මුට්ටියට රහ වැටුන ඇබලය ගානට වැටුනොත් මේ කාන්තාව නිසා ඔහුට ජිවිත දේපොළ නැතිවීමේ අවදානමක් තියෙනවා, එය ඔහු දැරිය යුතුයි. මෙම කාන්තාවගේ අභිලාශය, අය පිටුපසින් මෙහෙයවන්නන් සොයාබැලීමත්, ඇය නිර්ව්‍යාජ චරිතයක්නම් වයස 24 සිට ඔහුත් සමග ගෙවන දිවිය වෙනුවෙන් සාදාරනයක් ඉටුකිරීමත්, තම දරුවන් වෙනුවෙන් යුතුකම් ඇතොත් ඒවා ඉටුකිරීමත් ඔහු සතුයි
ලෙලුම් කොලුවා හනුමා රට ඇවුලුවා වගේ පියාගේ කල්ක්‍රියාව රට පුරා පතුරුවා දුපත් වාසීන් කුලප්පුකොට සියල්ල වනසා නොගෙන කළයුතුව තිබුනේ ඔච්චරටම විශ්වාසනම් පියාට කැවී තිබෙන ඉනාව නිෂ්ක්‍රිය කිරීමයි.
ලෙලුම් ඉනාවක් ගැන කීවද ලියුම්කරු තේරුම්ගත් ආකාරයට වික්ටට කැවී ඇත්තේ ඉනාවක් නොව දෙශීය නව යෞවන බිබික්කමකි. ඉතිරිය තේරුම් ගැනීම පාඨක ඔබට බාරයි.

Victor 75k welath badu gahanwa. Api thama athe gahanawa.

දක්ෂ පුද්ගලයා කොතන ගියත් දක්ෂකම් පෙන්වනවා බොලල්ලා.. හැත්තෑ පහ නෙවෙයි එකසිය හැත්තෑ පහ උනත් වැඩ කාරයාට බොරු බෑ කොල්ලනේ..
ඔය කියන ජයන්තලා, ලේලුම්ලා ඒ වගේ තාත්ත කෙනෙකුට දාව ඉපදිලා අද වෙද්දී මොනවද කරලා තියෙන්නේ.. වික්ටර් රත්නායක කරපු සංගීත මෙහෙවරෙන් අංශුවක් කරන්න අද වෙනකම් ඔය පුතණ්ඩියලා දෙන්නටම කරගන්න බැරිවුනා..
වයස හැත්ත පහක් වෙන තමුන්ගේ සහකාරිය මියගිය පුද්ගලයෙකුගේ ඇතුලාන්තයේ දැනෙන පාළුව සාංකාව ගැන අපිට මනින්න මිම්මක් නැහැ අපි ඒ තත්වෙට පත්වෙලා නැති නිසා.. ඒත් තනිකම කියන්නෙ බොහොම දරුණු අත්දැකීමක්.. මම පුද්ගලිකව මේ ගැන විවේචනය කරන්නේ නැහැ.. හේතුව වික්ටර් රත්නායකගේ ජීවිතය අයිති වික්ටර් රත්නයකට නිසා... පුතාලාට නෙවෙයි..
සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, කියන දේවල් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නේ නැහැ..