වික්ටර් රත්නායක දෙවැනි තැනට පත්වෙයි. කවුද
ඇත්ත වශයෙන්ම මම දුප්පත් මුඩුක්කු ගෙදරක පුංචි කාලේ හැදුනේ. මගේ තාත්තා කෝට් බාස් කෙනෙක්. ඒ කියන්නේ ටේලර් කෙනෙක්. කොටහේන් කාෂෙට්ටි වත්තේ අපි හිටියේ. හරිම දර්ද්රතාවකින් පෙළුණා. දුක හඳුනාගත්තා. පුංචි කාලේ ඉඳලාම වේලක් ඇර වේලක් කෑවේ. අක්කාත් මමත් මාරුවෙන් මාරුවට ඇඳුම් ඇන්දේ. මේ පීඩනය කුඩාකල පටන් මම හඳුනාගෙන හිටියේ "එයාර්ෂිප්" නමැති ගායනා තරගයකින් මම පළවැනියා වුණා. වික්ටර් රත්නායක තමයි දෙවැනියා වුණේ. මම ඒ කාලෙත් හරිම පුංචියි. තෑග්ග ලෙස ලැබුණේ බොම්බායට යන්න ගුවන් ටිකට් පතක්. තාත්තා විඳින දුක මට දැනුනා. මම තාත්තා එක්ක ඒ වැඩසටහන කළ ආයතනයට ගියා.
මහත්තයා අපි හරිම දුප්පත්. අපි බොම්බායට යන්න දන්නේ නැහැ. අපිට පුළුවන්නම් මේ ටිකට් එක වෙනුවට සල්ලි කීයක් හරි දෙනවද" කියා මම ඇහුවා. එයාලා ඒ වෙලාවේම සල්ලි දුන්නා. මම එන ගමන් තාත්තාත් එක්ක සරුවත් එකක් බිව්වා. අපි තාත්තාට ඉස්තිරික්කයක් ගමු කිව්වා. ඒ වෙද්දි තාත්තා මහන කෝට් මැද්දේ ලොකු අඟුරු ඉස්තිරික්කයකින්. පුංචි බම්බුවකින් අඟුරුවලට පිඹින නිසා තාත්තාගේ සුදු මුහුණ කළුවෙලා තිබුණේ. ඒ නිසායි මම ඉස්තිරික්කයක් ගමු කීවේ. ඒත් අපිට ගෙදරට විදුලිය තිබුණේ නෑ. පස්සේ ඉස්තිරික්කයක් අරගෙන ගෙදරට විදුලිය ගත්තෙත් ඒ තෑගි ලැබුණ මුදලින්. තාත්තා වැඩ කරන්නේ රෑට. අම්මා තේ එකක් හදලා දෙනවා. තාත්තා තේ එක බොද්දී ඒ තේ එක ඇල්වතුර වෙලා. ඒ නිසා අපි කිව්වා තාත්තට උණුවතුර බෝතලයකුත් ගමු කියලා. තාත්තා ඉතිරි වෙන රෙදි කෑලිවලින් අහල පහල තරුණයන්ට කොට කලිසම් මැහුවා. මම තමයි ගෙවල්වලට ගිහින් ඒ කොට කලිසම් විකුණන්නේ සමහරු මම ගියාම දොර අරින්නෙත් නැහැ. අපිව ගෙවල්වලට ගත්තෙත් නැහැ. ඒ වගේ අත්දැකීම් ලැබුණු නිසා තමයි මගේ ජීවිතේ සිතුම් පැතුම් සරල වුණේ. කතාව, ගතිය සියල්ල පීඩාවට පත්වූ ගැහැනියක් තුළින් මතුවූ ආත්මයක් ලෙසින් තමයි මම මාව හඳුන්වන්නේ.
Full Story,
http://www.divaina.com/2012/09/09/nimna04.html