වික්ටෝරියා ඇතුලේ

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    වික්ටෝරියා ඇතුලේ

    වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ (කිලෝමීටර 209) තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලකි. මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත. වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වාරි සම්පාදනය සහ ජල විදුලිය නිපදවීමයි. වික්ටෝරියා වේල්ල ශ්‍රී ලංකාවේ උසම වේල්ලවන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට (මෙගාවොට් 210) දායකත්වය සපයයි. 1978 දී ඉදිකිරීම් කටයුතු ඇරඹූ මෙය 1985 අප්‍රේල් මස එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී

    ගිහිල්ලා තියෙන උන් කොමන්ට් එක්ක දාපල්ලා කොල්ලනේ
     
    • Like
    Reactions: lvcs and SuperX

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මාග්‍රට් තැචර් මහත්මිය මේ වේල්ල විවෘත කරන මොහොතේ මම ඒ උත්සවය බලන්න ගියා . වේල්ලේ වතුර නිකුත් කිරීමත්, සමරු ඵලකය නිරාවරණය කිරීමත් තැචර් මහත්මිය අතින් සිදු වූ බව කිව්වත් එතුමියට සමරු ඵලකය නිරාවරණය කරගන්න බැරි උනා. ඒ සමරු ඵලකය දුහුල් තිරයකින් ආවරණය කර තිබූ අතර එහි මැදින් තිබු නූලක් අදින විට තිර දෙක දෙපසට විවෘත වන ආකාරයට එය සුදානම් කර තිබුනා යැයි මම උපකල්පනය කරනවා. බොහොම සැහැල්ලුවෙන් එතුමිය නූලෙන් ඇද්දාට මුකුත් උනේ නැහැ. ඉන්පසුව ටිකක් බර දමා ඇද්දත් මුකුත් උනේ නැහැ. අන්තිමට ඇඟේ මුළු ශක්තිය දාලා ඇද්දත් මුකුත් උනේ නැහැ. ඒ මොහොතේම එතන සිටි ජනාධිපති ලේකම් මැණික්දිවෙල මහතා වහාම ඉදිරියට පැන ඒ මුළු තිරයත් , නූල් ඇතුළුව එහි ඕපනින් මිකැනිසම් එකත් ඇදලා ගලවා දැම්මා. එදාම රාත්‍රියේ නිවුස් වලට මේ සිද්ධිය පෙන්නාවි කියලා මම බලාගෙන හිටියාට ඒවා ලස්සනට එඩිට් කරලා, එතුමිය නූලට අත තියලා අදින කොට ඊළඟ ෆ්‍රේම් එකේ මේක සම්පුර්ණයෙන්ම විවෘත වෙලා තියන ආකාරයට තමයි පෙන්නුවේ.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    I am so small that time. I can remember the news that day.

    The actual incident wasn't on tv news. It was edited so well for news, as soon as Mrs. Thatcher pulls the string, it miraculously opens in the very next frame.