විකිනීම

akwp

Member
Aug 30, 2016
190
11
0
ව්‍යාපාරයක ගම්‍යතාවය රඳා පවතින ප්‍රධානතම කරුණ නම් , එය සතුව ඇති විකිණුම් හැකියාවයි. භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයා වෙත ගෙන යන මාධ්‍ය
විකිණුම් කරනය වන අතර , බොහෝ විට භාණ්ඩය හෝ සේවාව සම්බන්ධයෙන් සජීවි ප්‍රතිචාර ලබාගත හැකි හොඳම මාධ්‍යයද මෙයම වේ.
තාක්ෂනික ලෙස ගත් කල විකීනීම යන්නට විධිමත් අර්ථදැක්වීම් ඇත. සරලව එහි සිදුවන්නේ යම් පාර්ශ්ව දෙකක් අතර , සේවාවක හෝ භාන්ඩයක අයිතිය සහ වටිනාකම හුවමාරු වීමයි.

ව්කිනීම ගැන සලකා බැලූ කළ , විවිද ආකාරයේ විකිනීම් දක්නට ලැබේ.
1. අලෙවිකරණය තුලින් සමාජය දැනුවත් කර , අවශ්‍යතාවය සොයා එන පාරිභෝගිකයන් උදෙසා විකිනීම
2. අවශ්‍යතාවය ඇති පාරිභෝගිකයන් සොයා ගොස් විකිනීම.

කුමන ආකාරයේ බර වචන යොදා පැහදිලි කළද , යමක ගුන අගුන වෙනත් කෙනෙකුට ඒත්තු ගන්වා ඊට සරිලන වටිනාකමක් ඔහුගෙන් ලබා ගැනීම එක්තරා
ආකාරයක විශ්මකර්ම ක්‍රියාවකි. මෙහි වඩාත්ම රසවත් කොටස වන්නේ ඒකාධිකාරයක් නොමැති සහ අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ හා සේවාවන් විකිනීම ගැන
සලකා බලන කලය. අත්‍යාවශ්‍ය භාණ්ඩ වුවද අධික තරඟකාරීත්වයක් ඇති පරිසරයකදී විකිනුම් කරුවන්ගේ මනරම් පෙලහර අපට බලා ගත හැක. එය දකින්නාට
රසවත් වුවක් මෙන්ම , නිවැරදි , දක්ශ විකිනුම් කරුවෙකට එම විකිනුම සඳහා දරන උත්සාහයද එක්තරා ආකාරයක රසවත් දෙයකි.

කථාව ඇරඹෙන්නේ මෙතැනිනි. අද විකිනුම් නිලධාරී තනතුර යනු බොහෝ විට , විදිමත් අධ්‍යාපනය අවිදිමත් ලෙස නිමකල බොහෝ දෙනා නතර වන තැනකි.
බොහෝ විට වෙනත් රැකියාවක් සොයාගන්නා තුරු කරන තාවකාලික රැකියාවකි.
තවත් ගැඹුරට ගොස් විස්තර කළහොත් , කොමිස් පසුපස දිව යන කාක්කෙකි. (මෙය සියලුම ආකාරයේ විකිනුම් ක්ශේත්‍ර සඳහා පොදු චෝදනාවක් නොවන බව කරුනාවෙන් සලකන්න )

දුරකථන සේවා , බැංකු සේවා , රක්ෂණ සේවා , ජංගම දුරකථන , පරිගණක ඇතුලු ඩිජිටල් උපකරණ සම්බන්ධයෙන් , මා පෙර කිවූ දෝස් මුරය තරමක් දුරට සාධාරණ වූ එකකි.
ඉහත සඳහන් සියළුම සේවාවන් පාහේ මේ වනවිට අත්‍යාවශ්‍ය සේවාන් බවට පත් වී ඇති අතරම තරඟකාරීත්වය නිසාම එය මහ දවල් සිදුවන මංකොල්ලයක් බවට පත් වී ඇත.

ඉහත කී බොහෝ සේවාවන් වල විකිනුම්කරණය යනුවෙන් යමක් සිදුවන්නේ නම් ඒ මූලිකවම,
1. පාරිභෝගිකයාගේ නොදැනුවත් කම භාවිත කර අවසන් කරන ගනුදෙනුවකි
2. පාරිභෝගිකයාගේ අසරණ කම භාවිත කර අවසන් කරන ගනුදෙනුවකි
3. පාරිභෝගිකයාට අල්ලසක් දී අවසන් කරන ගනුදෙනුවකි

ඉහත අවස්ථා තුනට අදාල නොවන්නේ නම් , ඒ පාරිභෝගිකයා , විකිනුම් කරුගේ කිසිඳි පෙරැත්තකට මුලා නොවී , ඔහුගේම අභිරුචිය මත ( පෙර කර ඇති දැනුවත්වීම් මත ) විකුනුම් ස්ථානයකට පැමින කරන්නා වූ ගනුදෙනුවකි. මෙහිදී ඇත්තවශ්යෙන්ම ව්ශේෂ වූ විකුනුම් කරුවෙකු අවශ්‍යද නොවේ.

පහත වීඩියෝව මෙය ඉතා හොඳින් පැහදිලි කරයි.
https://www.youtube.com/watch?v=1GrpJM0D4h0


ඉහත කී තත්වයට මෙම විෂය පත්වීමටද එකතරා හේතුවක් ඇත.
1. විකිනුම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට නිසි මූලික ගෙවීමක් නැත. එ වෙනුවට ඉලක්ක ඔස්සේ දිවගොස් ඇති පදම උපයා ගැනීමට පසසුකම් සලසා දී ඇත. බොහෝ විට එහි කෙලවරක්ද නැත.
එම නිසාම විකිනුම්කරණය විද්‍යානුකූලව . නිවැරදිව කිරීමට දන්නා කිසිවෙක් කෙලින්ම එම ක්ෂෙත්‍රයේ රැකියාවලට යන්නේද නැත. මන්ද එහි රැකියාවේ තෘප්තියට වඩා මුදලට නැලවෙන රූකඩ ගතියක් ඇති හෙයිනි.
2. බොහෝ විට ඔබ එක් මසක රස තෘෂ්නාවෙන් ඉලක්ක අභිභවා ගියවීට , ආයතන ප්‍රධානීන් ඔවුන් දිරිමත් කරන්නේ ඊළඟ මස ඉලක්ක තවත් ඉහළ නංවමිනි. මෙය කෙලවරක් නැති චක්‍රයකි.
3. සැබවින්ම වටිනාකමක් නොමැති භාන්ඩ හා සේවාවන් සඳහා වටිනාකම් නියම කර වීනුම් ඉලක්ක ලබා දීම.

මෙවන් විපරිත කාලයක , සිදුවන එකම දෙයනම් , පාරිභෝගිකයා අතරමං වීම පමනයි.

මෙම වීඩීයෝව දෙස බලා හෝ අනාගත විකිනුම් කරුවන් තම වගකීම , වගවීමෙන් ඉෂ්ට කරතොත් ,එය අපට මෙන්ම රටටද හොඳ විය හැක

https://www.youtube.com/watch?v=dJIOgrjPEcM