විචක්ෂණ විචාරණය.
කුමක්ද මේ විචක්ෂණ විචාරණය?
යම් තර්කයක් හෝ අත්දැකීමක්, නිසියාකාරයෙන් බුද්ධියට අනුව විමසා බලා, හේතු සහිත සමාලෝඡනයකට එළැඹීම හෝ, නිගමණයකට එලඹීමයි. විචක්ෂණ බුද්ධියකට එලැඹිය හැක්කේ යමෙක් විචක්ෂණ නිඟමනයකට අනුකූළව කටයුතු කිරීම තුලින් පමණි. විචක්ෂණ නිඟමනයකට එලැඹීමට නම් විචක්ෂණ විචාරණයක් තිබිය යුතුමය. වාස්තවික ව්‍යවහාරයේදී, විචක්ෂණ විචාරණය යනු යම්කිසි කරුණක්, දත්තයක්, විස්තරයක්, සන්නිවේදනයක් හෝ තර්කයක් බුද්ධිගෝචර වන ලෙසට ක්‍රියාශීලීව පරිවර්තනය කිරීම සහ විමසීමයි. මෙලොව සිදුවන, ඔබට ඇසෙන, පෙනෙන සෑම දෙයක්ම විචක්ෂණ විචාරණය තුලින් විමසා බලනවා නම් ඉතා යහපත් විශිෂ්ඨ තර්කයන්ට ඔබට එලැඹීමට හැකි වනු ඇත.
යම් දෙයක් විචක්ෂණව විචාරණය කරන්නේ කෙළෙසද යන්න යමෙකුට කියාදීමට වඩා, විචක්ෂණ විචාරණයට තිබෙන බාධක 8 මොනවාද යන්න පැවසීම වඩාත් ඵලදායී වනු ඇතැයි සිතමි. මන්ද, එවිට එම බාධාවන් 8 මැඬලීම තුලින් විචක්ෂණ විචාරණයකට එලැඹිය හැක.
1. තමා සැමවිටම හරි යැයි සිතීම.
මිනිසුන් හැටියට වැරදි පිලිගැනීමට අකැමති අපි කොයි තරම් උත්සාහ ගන්නවාද අපි හරි යැයි පැවසීමට/ ඒත්තු ගැන්වීමට? ඇතැම් විට අපි වැරදි බව දැන දැනත්, අපි හරි බව පෙන්වීමට සාක්ශි සොයනවා නේද?
මෙම බාධකය බිඳ හෙලීමට නම් අපි, අපිට එරෙහි සාක්ශි ගැනත් සළකා බැලිය යුතුමය.
2. සුවසන් පාක්ශිකත්වය.
එනම්, යමෙකුට හොඳක් සිදුවන්නේ එම පුද්ගලයා නිසා බවත්, නරකක් සිදුවන්නේ බාහිර බලවේග නිසා බවත් සිතීම. මෙලෙස සිතීම නිසා කෙනෙකු කරන වරදක් ඔහුගේම වරදක් ලෙස පෙනීමට ඉඩකඩ ඇත. නමුත් එම වරද කිරීමට බලපාන වාතාවරණය ගැන තැකීමක් නොකරයි.
3. අනුන් කියන දේ නොවිමසා පිලිගැනීම.
ඔබත් බහුතරයක් දෙනා කියන නිසා හිතන්නේ නැතුව පිලිගන්නවාද? උදාහරනයක් ලෙස, ඔබගේ ජංගම දුරකතනය ඔබ මිලදී ගත්තේ මිතුරා එය හොඳයි කී නිසා හෝ තමුන්ම සොයා බලාද? මෙලෙස අනුන් කියන දේ, තමුන් විසින් නොවිමසා පිලිගන්නා පුද්ගලයාට විචක්ශණ විචාරණයක් කිරීමට නොහැක.
4. මතක හිඩැස්.
අපගේ මතකය සදාකාලික දෙයක් නොවෙයි. එබැවින් යම් යම් දේවල් කාලයක් යන විට අමතකවීම ස්වභාවිකය. නමුත් අපි යම් තර්කයක් ඉදිරිපත් කරනවිට, මතක හිඩැස් විකෘති දත්තයන්ගෙන් පුරවනවානම්, එය විචක්ශණ විචාරණයට බාධකයකි.
5. විධායකය නිතැතින් පිලිගැනීම.
එනම්, ඔබට වඩා උසස් කෙනෙකු කියනා ඕනෑම දෙයක් නොවිමසා පිලිගැනීම. යම් දේවල් ඔබට ස්තිර වශයෙන් පිලිගත නොහැකි වුනත්, ඔබට වඩා අනෙකා උසස් බැවින් පිලිගැනීම. හොඳම උදාහරණය අද රටේ තත්වය. රටේ පාලකයා ඔබට වඩා උසස් නිසා, ඔහු කියනා ඕනෑම දෙයක් ඔබ සිතින්, බුද්ධියෙන් නොවිමසා පිලිගන්නවාද?
6. සුලු උදාහරන ගණනකින් සාධාරණීකරනය කිරීම හෝ නිඟමනවලට එලැඹීම.
උ.දා.: මිනිසුන් 100,000,000 සිටින රටක මිනීමරුවන් 10 දෙනෙකු සිටියහොත්, මුලු රටම මිනීමරුවන් පිරි රටක් කිරීම.
මෙවැනි දෑ විචක්ෂණ විචාරණයට දැඩිව බලපායි.
7. නොදැනුවත්කම හා පුහු මාන්නය.
යමෙකු තමා නොදන්නා දේවල්, දන්නා පරිදි පැවසීම මෙම බාධකයයි. මෙය හුදෙක් නොදැනුවත්කම නිසා හෝ, පුහු මාන්නය නිසා ඇතිවිය හැක. යමක් ගැන ඇසූ විට ඉක්මනින් පිලිතුරු දෙන්නන් හා, තමා වැරදි බව නොපිලිගන්නන්ගෙන් පරිස්සම් වීම වඩාත් වැදගත්ය.
8. අහඹු සිදුවීම් ගැලපීම.
ඔබත් අහඹු සිදුවීම් ගලපා, ඒවා නිරන්තරයෙන්ම සිදුවන බව පෙන්වීමට උත්සාහ කරනවාද? ඉන්ගිරිසි නියමයක් වන "ලෝ ඔෆ් ටෲලි ලාර්ජ් නම්බර්ස්" මඟින් කියනුයේ, ඕනෑම අති විශාල පරාසයක නියැදියක් ගත්කල එහි සම්බන්ධතා දැකිය හැකි බවයි. ඔබත් මෙලෙස අති විශාල නියැදි තෝරාගෙන අහඹු සිදුවීම් වලින් සත්‍ය නිගමනවලට එලඹෙනවාද?
ඉහතින් දැක්වූයේ විචක්ෂණ විචාරණය වලක්වන මූලිකම වූ බාධක 8 පමනි. මෙම බාධක මැඬලූවිට යහපත් තර්කන හැකියාවක් ලැබෙනු ඇත.
~ධදසි~

me looke yahathin jeevath vennanum methana thiyana karunu puluvan tharum avama vena vidiyata katauthu kirima e pudgalayata sethak vai. me karunuvalama parshavika vashayen gabva thibunavunath kenekva oonavata vadiyen vishvasa kirima ha oonavata vadiyen avishvasa kirimath yam deyak dihaa nivaradiva baleeme hakiyava nathi karannak man hithana vidiyata.